Saturday, June 15, 2013

XPඅතාරින්න අකමැති ඇයි..

        තවමත් ලංකාවේ ගොඩක් දෙනා භාවිතා කරන්නේ XP මෙහෙයුම් පද්ධතියයි.එයට ජනතාව කෙතරම් ඇලී ගැලී සිටින්නේ ද යත් ඇතැමෙක්
වර්තමානයේ ඇති හොඳම OS එක ලෙස හදුන්වන්නේ XPය.එහෙත් වර්තමානයේ ඇති හොඳම OS එක වින්ඩෝස් එයිට්‌ ය.අදට ගැලපෙන යාවත්කාලීනයන් සහිත එය තුලින් වඩාත් පහසුවෙන් යම් කාර්යයක් ඉටු කර ගත හැක.එසේනම් අප තවමත් XP වෙතම නැඹුරුව සිටින්නේ ඇයි.XP ලොවට හදුන්වාදුන් අවදියේ පරිගණක හා අන්තර්ජාලය ලොව පුරා වේගයෙන් පැතිරෙමින් තිබු යුගය විය.එහෙයින් එය ගොඩක් දෙනාට එකල ලබාගන්නට සිදුවිය.සෙනග වැඩි පිරිසක් එයට හොඳින් හුරුවිය.එලෙස පරිගණකය ගැන නොදත් බොහෝ අය එයට මුලික අඩිතාලම දමා ගත්තේ XP තුලිනි.ඒ පුරුද්ද ඔවුන් අත්හරින්නට අකමැතිය.ඒ තමාට ඉගෙන ගැනීමට උදවූ දුන් මුල් ගුරුවරයා අත්හැරීමට අප කවුරුත් අකමැති වන්නා සේය.
ඔබට ජය.

6 comments:

  1. ඇත්තටම ඕකනෙමෙයි හෙතුව පරිගනකය සතු Hardware කියලයි මට කියන්න තියෙන්නෙ Windows 8 කොච්චර හොඳ උනත් අපේ පරිගනකයේ Hardware මදිනම් මොනවා කරන්නද. නැති දෙ ගැන හිතනවාට වඩා තියන දේ පාවිච්චි කරන්න තමයි හුඟදෙනෙක් උත්සහා කරන්නේ. මොකද අපි ඉන්නෙ ඇමරිකාවෙ නෙමෙයිනේ.

    ReplyDelete
  2. ගොඩක් වෙලාවට xp අත අරින්න අකමැති කම නෙමේ ලංකාවෙ ගොඩක් අය ගාව තියෙන්නේ p4 1gb ram කට අඩු අය පරණ පරිගණක වලට හොදම තාම xp තමයි

    ReplyDelete
  3. මේ වෙනකොට ලංකාවෙ වැඩියෙන්ම භාවිතා කරන OS එක වෙන්නේ Windows 7. ප්‍රතිශතය 58.96% දෙවැනි ස්ථානයේ ඉන්න Windows XP 29.68%. වැඩි විස්තර බලන්න http://gs.statcounter.com/#os-LK-monthly-201205-201305

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.