Saturday, July 27, 2013

LED ටියුබ් ලයිට් හදන්න ලේසිම ක්‍රමය..

  ඔයාලා මගේ ලිපි පෙළ කියවපු අයටත් පාඩම් මාලාව ගෙදරට ගෙන්න ගත්ත අයටත් ඉතා වැදගත් ලිපියක් ලියන්න සිතුනා.දැනටමත් ඔයාලා LED ටියුබ් ලයිට් හදලා ඇති.ඉතින් ඔයාලට ඇති වෙච්ච ගැටලුවක්
තමයි හදපු බල්බ් එක සවිකරන්න ටියුබ් ලයිට් කේසින් එකක් නැති කම.කඩෙන් අලුත් එකෙසින් එකක් ගන්න පුළුවන්.ඒත් ඒකට තව ගානක් වියදම් කරන්න වෙනවා..එතකොට ලැබෙන ලාභය අඩුවෙනවා..තවත් දෙයක් ඔයාලා හදන ටියුබ් ලයිට් එක කෙලින්ම ගදර ගෙනිහින් ගෙදර තියෙන ටියුබ් ලයිට් එකට සවිකරන්න බැහැ.ඒකේ චෝක් එක එහෙම ගලවලා ස්ටාටරයත් ගලවලා LED ටියුබ් ලයිට් එකට ගැලපෙන්න එය හදාගන්න හුග දෙනෙකුට බැහැ.ඉතින් මම ඒ ගැටලුවෙනුත් අද ඔයාලව නිදහස් කරනවා..මා විසින්ම නව නිර්මාණයක් ලෙස අඩු වියදම් LED ටියුබ් ලයිට් සඳහා ගැලපෙන කේසින් එකක්   හැදුවා.වියදම ගොඩක් අඩුයි.බරත් අඩුයි.ඉක්මනින් ගෙදරදීම හදා ගන්නත් පුළුවන්.වියදම රු.150ක් විතර තමයි යන්නේ.මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.
අවශ්‍ය උපාංග-
1.ටියුබ් ලයිට් හෝල්ඩර් 2ක්.
2.අඟලක් පළල වයරින් කේසින් කැබැල්ලක් (අඩි 2 ක් දිග)
3.සුපර් ග්ලු හරි වෙනත් හොඳ ගම් එකක්.
ඔයාලා හදන්නේ අඩි 2ක ටියුබ් ලයිට් එකක් නම් අඩි දෙකක් දිග වයරින් කේසින් කැබැල්ලක් කපාගන්න.ඔයාලා මිලදී ගත්තු ටියුබ් ලයිට් හෝල්ඩර් දෙක එම වයරින් කේසින් කැබැල්ලේ දෙකලවරට ඇන දෙකක් යොදා සවිකර ගන්න.ඔයාලා දකින්න ඇති ඔබ මිලදී ගත් ටියුබ් ලයිට් හෝල්ඩර් දෙක එක සමාන නොවන බව.ඔයාලට තියෙන්නේ ඉන් එක හෝල්ඩර් එකක ඇති ස්ටාටරය සවි කිරීමට ඇති කොටස ගලවා දැමීමයි.එවිට හෝල්ඩර් දෙකම එක සමාන උසක්‌ එන නිසා සවිකරන්න ලේසියි.මතක ඇතුව වයරින් කේසින් එකේ පියන පැත්ත උඩට සිටින ලෙස සවිකරන්න.ඒ කියුවේ පිට පැත්තට.එතකොට ඔයාලට එම කේසින් එක ඇතුලේ LED ටියුබ් ලයිට් බල සැපයුම් ඒකකය සවිකරන්න පුළුවන්.පසුව පියන කොටස වහන්න.උෂ්ණත්වය පිට වීමට පියනේ සිදුරු කීපයක් විදින්න.ඔබ කැමති පරිදි දෙපසින් හෝ තනි පැත්තෙන් බල සැපයුමේ අග්‍ර දෙක ටියුබ් ලයිට් බල්බයට ලබා දෙන්න.
පහත තියෙන්නේ මම හදපු කේසින් එකේ රූප පෙළ.

අඟලක් පළල වයරින් කේසින් කැබැල්ල.
ටියුබ් ලයිට් හෝල්ඩර් සවිකළ විට
බල්බය සවිකළ විට.
පට්ට එළියක්‌...විශාල කාමරයකට වුවද සුදුසු එළියක්‌.
                                  .
ඔබට ජය!

14 comments:

  1. VERY INTERESTING AND USEFUL, THANK YOU.

    ReplyDelete
  2. නියම ටියුබ් ලයිට් කේසින් එක. වැඩේ නම් නියමයි. ඔය ටියුබ් ලයිට් එක පිට කො‍ටුවෙ ගන්න තියෙන්නෙ මොන ෂොප් එකේද?

    ReplyDelete
    Replies
    1. පිටකොටුවේ පළමු හරස් විදියේ වික්‍රමප්ලාසා බිල්ඩිමේ දෙවන මහලේ DIGITAL ELECTRONIC එකේ තියෙනෙවා

      Delete
    2. තෑන්ක්ස්. මම වික්‍රම ප්ලාසා එකේ බලන්නම්.

      Delete
  3. මෙකෙ කොයි තරම් එළියක් (ලූමන්) ලැබෙනවාද?

    ReplyDelete
  4. නියම casing එක වැඩේ නියමි පහසුයි සරලයි......

    ReplyDelete
  5. සකර් කටර් එකක් කියන්නේ මොකක්ද

    ReplyDelete
    Replies
    1. සකර් කටර් නෙවෙයි සයිඩ් කටර් එකක්....

      Delete
  6. niyamai lassanata vadea karala tiyanava hamadamath mea vagea lipi liyanna

    ReplyDelete
  7. මෙවැනි දේ සඳහා ඔබගේ වටිනා කාලය වැය කිරීම ගැන ඔබට ස්ර්‍තූති කරමි. ඔබගේ හොඳ හිත නිසා ඔබ දිනෙන් දින දියුණුවට පත් වනු නොඅනුමානයි... ඔබට ජය......................

    ReplyDelete
  8. you are a good person real job

    ReplyDelete
  9. මෙම සර්කිට් වලට ලොකු White LED සුදුසුද?

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.