ඔයාලා SMD බල්බ හදන්න පටන් අරගන ඇති.ඉතින් ඉලෙක්ට්‍රොණික දැනුම අඩු අයට විවිධ ගැටළු පැන නැගිලා ඇති.ඒ බව මට ලැබෙන දුරකථන ඇමතුම් වලින් පැහැදිලි වෙනවා..ඒ නිසා හැමෝටම හරියන්න ඔය ගැටළු
කීපයකට පිලිතුරුත් එක්ක පොස්ට් එක්කක් දාන්න සිතුවා..
1.සදා ටික දිනකින් SMD බල්බය දැවී යයි..
ඔබේ බල්බය ටික දිනකින් දැවී ගියේ නම් එය නිපදවීමේ දී වූ අතපසු වීමක් වන්නට පුළුවන.බල්බයට බලය සපයන බල සැපයුම් පරිපථය ලෝහ කොටස් වල ස්පර්ෂ නොවන පරිදි කඩදාසි ටේප් එකකින් ආවරණය කරන්න.නැතිනම් කාඩ්බෝඩ් බටයක් සාදා එයට බල සැපයුම් පරිපථය බහා සවිකරන්න.නැතිනම් වයරින් ටේප් යොදන්න.ඔබ බල්බ පාස්සනවිට හීට් සින්ක් කොම්පවුන්ඩ් ස්වල්පයක් අනිවාර්යයෙන්ම යොදන්න.එය මනා තාප පරිවහනයට ඉවහල් වේ.එසේම බල්බය හොඳින් පෘෂ්ටයට තදවන පරිදි ඊයම් යොදා පාස්සන්න.
2.බල්බය සකසා අවසන් කර බලය සැපයුවිට නොදැල්වේ?
ඔබ SMD බල්බයක අගරු මාරු කර සවිකර තිබෙන්නට පුළුවන.අක්‍රිය බල්බයක් සවිකර ඇත්දැයි මල්ටිමිටරය අධාරයෙන් පරීක්ෂා කරන්න.බල සැපයුම මගින් නිසි පරිදි 12V ලැබේද යන්න පරික්ෂා කරන්න.
3.බල්බ් එකේ ප්ලාස්ටික් ඇඩැප්ටරයයේ අග්‍ර සවිකරන්න ගියාම මල පනිනවානේ??
මුලින්ම ප්ලාස්ටික් ඇඩැප්ටරයයේ සිදුරු දෙක තුලින් බල සැපයුමේ A/Cඅග්‍ර දෙක පිටතට ගන්න.දැන් ලබාදී ඇති කුඩා ඇණ දෙකට ඊයම් ස්වල්පයක් තබා වයර් දෙක පාස්සන්න.නැතිනම් සාමාන්‍ය ඇඩැප්ටරයක් මිලදී ගන්න.බල්බ මිලදී ගන්න විටම සාමාන්‍ය ඇඩැප්ටරයක් ඉල්ලා ගන්න.එහි අග්‍ර පාස්සා ගැනීම පහසුය.
4.ඇඩප්ටරය බල්බයට සවිකරන්නේ කොහොමද?
මල්ටිබොන්ඩ් ගම් එකක් යොදා ගන්න.නැතිනම් සුපර් ග්ලු එකක් යොදා ගන්න.
5.නිවෙස් වල භාවිතාවන බිත්තිවල හෝ විසිතුරු ලාම්පු තුලට SMD බල්බ නොදමන්න.
මේවායේ තාපය එකතුවී මල්බය අධිකව රත්වී ඉක්මනින් දැවීයයි.
6.SMD බලබයේ ධන ඍන හොයන්නේ කොහොමද? සුළු දෙයක්..SMD බල්බයක් ගෙන එහි මුහුණත පැත්ත හරවා බලන්න.එහි අග්‍ර වල දෙකෙළවර කුඩාවට අග්‍ර ලකුණු කර ඇත.
ඔබට ජය!

මේ බ්ලොග් එකට මම හරිම කැමතියි දිගටම ලියන්න .ස්තුතියි
ReplyDeletethanks yaaluvaa!
Delete//හීට් සින්ක් කොම්පවුන්ඩ් ස්වල්පයක් අනිවාර්යයෙන්ම යොදන්න.//
ReplyDeleteමේ ගැන හරියට තේරෙන්නේ නැහැ .. පින්තුරයක් දාන්න බැරිද ? හීට් සින්ක් කොම්පවුන්ඩ් කියන්නේ ඊයම් පාට කොලයද ..
na yaluvaa eka balb eke thaapa sannayakathaava vadikaranna daana sudu paata gam ekak vage ekak.
Deleteමම 5 වොට් බල්බ් වලින් ඕකක් හැදුවා ..කාමරේකට හොදටම ඇති ..
ReplyDeleteTHAMATHMA WATINAWA DIGATAMA LIYANNA.
ReplyDeletetikak wela gihin niwenawaneh!!!
ReplyDeletee mokada ? :(
SMD බල්බයක අවුලක්...
Deleteiri yanne ai
Deleteමම මේ බල්බ් එකක් හැදුවා වොට් 9 එකක්. ඒක වැඩ කරන්නේ නෑ. බල්බ් ඔක්කොම පත්තු වෙනවා. ශ්‍රේණිගතව හයි කරලත් තියෙන්නේ. මොකක්ද කේස් එක?? කඩෙන් දෙන සර්කිට් කැල්ල චෙක් කරන්නේ කොහොමද?? එකේ වයර් දෙකට මල්ටිමීටරේ ඇල්ලුවම 120v dc කරන්ට් එකක් පෙන්නනවා...
ReplyDeleteඔයා smd බල්බ ටික නැවත පරික්ෂා කරන්න.එකක හරි අග්‍ර මාරු වෙලා ඇති..නැතිනම් ඔක්කොම බල්බ බල අග්‍ර අනික් පැත්තට සවිකරලා ඇති..power supply එකේ අග්‍ර දෙක මාරු කරලා සවිකර බලන්න..ඔයා SMD BULBS වල ධන හා රින බැලුවේ කොහොමද?...
ReplyDeleteහරි අයියේ. මම බල්බ් චෙක් කරේ මල්ටි මීටරේ ඔම්ස් හොයන පැත්තට කරකවලා වයර් දෙකට බල්බ් ඇල්ලුවා. මල්ටිමීටරේ අවුලක්ද නැත්නම් හැටිද දන්නේ නෑ + වයර් එකෙන් ඇවිත් තිබුනේ - , ඒ විදියට දෙක මාරු වෙලා ඇවිත් තිබුනේ. ඒ හැටිද?? නැත්නම් අවුලක්ද?? මම මුල් පාර බදු ගත්තේ වෙන කඩේකින්. ඊයේ ඔයා කියපු කඩෙන් ගත්ත. එකෙන් දීපු බල්බ් වල +,- ලකුණු කරලා තිබුනා. එකෙන් තමයි වැඩේ අහු උනේ. ගොඩක් ස්තුතියි මේ ගැන ලියන එකට.
Deleteමට තව පොඩි හෙල්ප් එකක් ඕනා. බඩු ටිකට 750 කියලා තිබුනට මට එක බල්බ් එකක බඩු වලට 965 ගියා. ඒ ඇයි??
ReplyDeleteමම කලින් එක බල්බ් එකක බඩු ගත්තා වෙන කඩේකින්. එකට 750 ගියේ...
ඔයා කලින් බඩු ගත්ත කඩෙන් ඔයාට දීලා තියෙන්නේ බාල SMD බල්බ් ඒවා රු.20 හෝ 25 යි.ඒත් මම කියපු කඩේ අය්යියා බාල ඒවා දෙන්නේ නෑ ඒවා එකක් 35 වෙනවා.PCB ත් හොඳයි.වැරදියට ගහලා නෑ...
ReplyDeleteSMD LED බල්බ් වල ඇතුලට පොඩි සත්තු යනවා, එකට පිලියමක් නැද්ද?
ReplyDelete