
1.ඉලෙක්ට්‍රෝන හා ධාරාව
ඔබ ට මතක ඇති මම මිට පෙර පාඩමකින් ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන පොඩි හැදින්වීමක් කළා.ඉතින් ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිටම ඉතා සරලව ඉතා දීර්ඝ ලිපි පෙළක් ලියන්න මම අදහස් කරනවා..ඔයාලා පියවරෙන් පියවර
හදාරන්න.විශේෂයෙන් මෙම විෂයට ඇල්මක් දක්වන හා මෙම විෂය ආශ්‍රිතව විවිධ කාර්යයන් කරන අයට මෙය ඉතා වැදගත් වේවි.මෙම ලිපි වල සිංහල ව්‍යාකරණ දෝෂ තිබුන හොත් සමාව අයදිනවා..
ඉලෙක්ට්‍රෝනය
ඔබ වසන පරිසරයේ ඇති සියලුම ද්‍රව්‍ය සැකසී ඇත්තේ පදාර්ථ වලින්..ඉතින් ඒ පදාර්ථයේ මුලික තැනුම් ඒකකය පරමානුවයි.පරමාණුවක් ඉතා කුඩා වන අතර එය නුතන ප්‍රභලම අන්වික්ෂයකටවත් නැරබිය නොහැකියි.අප ආහාරයට ගන්න කුඩා සහල් ඇටයක පරමාණු ට්‍රිලියන ගණනක් තිබේ.පරමානුවකද අංශු වර්ග 3 ක් ඇත.එනම් ප්‍රෝටෝන හා නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝනය.මින් පරමාණුව මැද ඇත්තේ ප්‍රෝටෝන හා නියුට්‍රෝනය.එම අංශු දෙක වටා ඉලෙක්ට්‍රෝන වලයාකාරව චලනය වෙමින් පවතී.එහෙත් නියමිත මාර්ගයක මෙම ඉලෙක්ට්‍රෝන ගමන් නොකරයි.සකස් වී ඇති ද්‍රව්‍ය අනුව පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වලාව වෙනස් වේ.අප ලෝහ කම්බියක් තුලින් විද්‍යුත් ධාරාවක් ලෙස ලබා ගන්නේ මෙම ඉලෙක්ට්‍රෝන ධාරාවකි.ඇත්ත වශයෙන්ම ලෝහ හොඳ විද්‍යුත් සන්නායක වේ.එයට හේතුව ලෝහ වල පරමාණුවල බාහිර ඉලෙක්ට්‍රෝන වලාවේ ඉතා ලිහිල්ව බැඳී ඇති ඉලෙක්ට්‍රෝන පැවතීමය.මෙම ඉලෙක්ට්‍රෝන අපට වෙනත් ප්‍රභවයකින් ලැබෙන ඉලෙක්ට්‍රෝන පිඩනයකින් එක් දිසාවකට චලනය කිරීමට සලස්වා විද්‍යුත් ධාරාවක් නිර්මාණය කල හැක.අපගේ නිවසට ලැබෙන 230 v ධාරාව විදුලි බලාගාර වලදී කාන්දම් බලය මගින් සන්නායක කම්බි ගොනුවක ඇතිකරනු ලබන විද්‍යුත් පීඩන වෙනස මගින් ඇතිවන ඉලෙක්ට්‍රොන ධාරාව ක් ලෙස
හැදින්විය හැක.
ඔබට ජය!
ඉලෙක්ට්‍රොනික් පන්තිය 1 පාඩම මෙතනින්
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.