Wednesday, July 24, 2013

ශීතකරණයේ විදුලි පාරිභෝජනය අඩු කරන උපකරණයක්..

       අප රටේ විදුලි පාරිභෝජනය සලකා බැලු විට අපට පෙනීයන්නේ වැඩිම විදුලි භාවිතයක් ඇත්තේ ශීතකරණ හා වායු සමීකරණ යන්ත්‍ර වලට බවය.මේ පිළිබඳව දිගු කාලයක් තිස්සේ විමසිල්ලෙන් සිටි මම ඔබ වෙනුවෙන් කවදත් හෙටදින තාක්ෂනය ඔබ වෙත ගෙන එන හෙටදින අඩවිය තුලින් තවත් වැදගත් නිර්මාණයක් ඔබට ලබා දීමට දැන් කටයුතු අරඹා ඇත.

මාසික විදුලි බිල සලකා බැලුවිට අපට පෙනීයන්නේ අප නිවසේ භාවිතා කරන ශීතකරණය විදුලි බිල වැඩිකරන ප්‍රධාන මාරයා බවය.එය 21% ක් තරම් වන බව පෙනේ.එනම් වායුසමීකරණ නැති නිවසක ප්‍රධාන විදුලි නාස්තිකාරයා වන්නේ ශීතකරණයයි.ශීතකරණයට යන විදුලි වියදම අඩුකර ගත හොත් අපට වැඩි විදුලි ඉතිරියක්‌ කළ හැකි බව ඕනෑම අයෙකුට පෙනීයන්නකි.ඒ සඳහා ඉතා සාර්ථක නව උපකරණයක් තැනීමට මා පරික්ෂණ අරඹා ඇත.එහිදී ශීතකරණයට හානි නොවන එයින් ලැබෙන ප්‍රයෝජනයට බාධාවක් නොවන ලෙස උපකරණය සැලසුම් කිරීමට මම බලාපොරොත්තු වෙමි.නුදුරු අනාගතයේදීම මෙම උපකරණය ඔබට ලබාදීමට මම බලාපොරොත්තු වෙමි.එය ශීතකරණ වලට මෙන්ම වායු සමීකරණ වලටද එක ලෙස භාවිතා කිරීමට හැකිවනු ඇත.


ඔබට ජය!

3 comments:

  1. නියමායි... එහෙම දෙයක් කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද.......

    ReplyDelete
  2. වටිනවා වටිනවා මලේ . වැඩේ සර්වාප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා පතනවා

    ReplyDelete
  3. නියමයි එහෙම කරන්න පුලුවන්නම් කොච්චාර හොදද,fridge එක තමයි ගෙදර විදුලි මාරයා......

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.