Thursday, August 1, 2013

LED බල්බ සෑදීමේදී ඇතිවන ගැටළු වලට පිළිතුරු..

හරිම සතුටුයි.ඔයාලා මගේ බ්ලොග් එක කියවලා LED බල්බ හදන්න පටන් අරගෙන..ඒ බව මට දිවයින වටෙන්ම ලැබෙන දුරකථන ඇමතුම් වලින් සනාථ වෙනවා..ඒත් ඉලෙක්ට්‍රොනික දැනුම අඩු අයට විවිධ ගැටළු මතු වී
තියෙනවා..ඉතින් මේ ගැටළු කීපයකට තවත් විසදුම් අරන් පොස්ට් එකක් දාන්න සිතුවා.හදිසියෙන්මයි ලිවුවේ.පින්තුරේ දැක්කම ඔයාලට හිතෙයි මු නම් කිසිම කලාවක් නැති එකෙක් කියලා..ඉක්මනින් සටහනක් විදිහට අතින් තමයි ඇන්දේ..
1.LED 108 බල්බ සවිකරන්නේ කොහොමද?
ඔයාලා මෙම බල්බය සඳහා උපකරණ කට්ටලය මිලදී ගන්න..එකේ තනි PCB එකක් ලෙස කුඩා PCB පතුරු 6 ක් ලැබේවි.ඒවා එකින් එක වෙන් කරන්න එපා..එහෙම කලොත් LED පාස්සන්න ගියහම මල පනිනවා..PCB එක හෙලවෙනවා පාස්සන්න බැහැ..PCB 6ම එකට තිබියදී LED සියල්ල පාස්සා පසුව උල් අඞුවකින්  කෙලෙවර අල්ලා පරිස්සමින් වෙන්කර ගන්න.
ඊළඟට මම රුපයේ පෙන්වා ඇති ආකාරයට සමාන්තර ගත හා ශ්‍රේණිගත ක්‍රම දෙකම සහිතව PEB ටික සිහින් වයර් වලින් සම්බන්ද කර ගන්න.ඒකේ ඔය රවුමට තියෙන්නේ බල්බයේ අඩියට එන PCB එක ඒකේ ධන අග්‍ර 2 ක් හා ඝෘණ අග්‍ර 2 ක් ඇති.එම අග්‍ර වෙනවෙනම එකට පාස්සා ගන්න.බල සැපයුම් පරිපථය නිවැරදිව පාස්සන්න.එය බල්බය තුල රුවා ලිය හැකි පරිදි කුඩාවට සැදීමට මතක තබා ගන්න.පරිපතයට A/C වයර් සඳහා තරමක් මහතා වයර් යොදන්න.
LED 100,126 බල්බ මීට සමාන ක්‍රමයක් භාවිතා වෙනවා..සුළු සුළු වෙනස් වීම් ඇති ඒවා හදුනා ගන්න.
රූපය ලොකුවට බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
2.බවුත් එක අප්සෙට් ..
ගොඩක් අයට අවුල තමා බවිත් එක හුරු නැති එක.ඒක ටිකක් කල් යන කොට හරියයි.හැබැයි මතක ඇතිව බවුත් එකට සෙරමික් බිඩ් එකක් දාන්න.ගාන නම් වැඩියි තමයි.ඒත් සාමන්‍ය බිඩ් එකකින් මේතරම් විශාල LED ප්‍රමාණයක් පාස්සනවා බොරු..අනික සාමාන්‍ය බිඩ් එක ඉක්මනට කළු ගැහෙනවා..ඊට පස්සේ පෑස්සෙන්නේ නැහැ.
3.ඊයම් මැටි වගේනේ..පාස්සන්න බැහැනේ..
ඔයාලා බාල ඊයම් වලට රැවටිලා..ඕවා 'ලාබයි බාලයි'හොඳ ඊයම් එකක ලේබලයේ 60/40 ලෙස දැක්වෙනවා..මේක තමයි ඊයම් හා ටින් අතර නියම අනුපාතය.එය පරික්ෂා කර බලා   ඊයම් රෝලක්ම මිලදී ගැනීම වඩා හොඳයි.
4.බල්බය හදලා ඉවරයි.කරන්ට් එක දුන්නා..වැඩ කරන්නේ නැහැ..
හොඳට නැවත බලන්න..LED එකක හරි කීපයක හරි අග්‍ර මාරු වෙලා ඇති..නැතිනම් අක්‍රිය LED එකක් ඇති.LED පරික්ෂා කිරීමට පහසු ක්‍රමයක් කලින් කීවානේ..ඒක කියවන්න.
ඔබට ජය!

2 comments:

  1. අනිත් අය වෙනුවෙන් ස්තුතියි

    ReplyDelete
  2. Thank you very much

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.