ඔයාලා LED බල්බ හදන්න පටන් ගත්තට ඒ එක බල්බයක වොට් ගණන හොයන්න දන්නේ නැතිව ඇති..අද මම කියලා දෙන්නම් ඒකත් එහෙනම්..ඔයාලා O/Lකරන කාලේ විද්‍යා
විෂයට,ධාරාව,ඇම්පියර්,වෝල්ටීයතාව වගේ වචන ඉගෙන ගන්න ඇති.බල්බයක වොට් ගාන කියන්නේ එම බල්බයේ ක්ෂමතාවයයි.වොට් අගය වැඩි වන විට ලබා ගන්නා ධරාවද වැඩි වෙනවා..එවිට වැයවන විදුලිය ප්‍රමාණය වැඩියි.මෙම වොට් ගණන හොයන්න අපි පුංචි සුත්‍රයක් භාවිතා කරමු..
W=VI ඕක තමයි සුත්‍රය..
W කියන්නේ වොට් ගණන.Vකියන්නේ එක LED එකක් දැල්වීමට අවශ්‍ය වන වෝල්ටීයතාව I කියන්නේ එම එක LED එකක් එම වොල්ටියතාවයේදී දැල්වීමේදී වැයවන ධාරාව.මෙම ධාරාව අප ලබාදිය යුත්තේ සම්මත අගය වන ඇම්පියර් වලින්.එම වෝල්ටීයතා අගයත් එක LED එකක් දැල්වීමේදී ලබා ගන්න ධරාවත් නිෂ්පාදකයන් සිය පැකට්ටුවේ සඳහන් කරනවා..උදා හරණ ලෙස පහත පින්තූරය බලන්න.
එහි VF:2.9-3.1V ලෙස දක්වා ඇත්තේ වොල්ටියතාවයි.එම 3.1V වලදී බල්බයෙන් එයට හානි නොවී ලබා ගත හැකි උපරිම ආලෝකය ලබා ගත හැකියි.එහි IF:20mA ලෙස දක්වා ඇත්තේ ලබා ගන්නා ධාරාවයි.ඉතින් මම කීවානේ ධාරාව අප ලබා දිය යුත්තේ සම්මත අගයකින් කියලා..ඒ කියන්නේ අප 20 මිලිඇම්පියර් කියන එක ඇම්පියර් බවට හරවන්න ඕනා ඒකට කරන්න තියෙන්නේ එම අගය දාහෙන් බෙදන එකයි.එවිට ලැබෙන අගය 0.02A ලෙස ලැබෙනවා දැන් එම අගයන් සුත්‍රය ආදේශ කරමු..
W=VI
W=3.1X0.02
W=0.062
0.062W තමයි ඉහත සම්මත වොල්ටියතාවයේදී එක LED බල්බයක් දැල්වීමේදී වැයවන්නේ..ඉතින් LED 48 බල්බයක් සඳහා වැයවන ක්ෂමතාවය සෙවීමට එම 0.062 අගය 48න් වැඩි කරන්න එවිට ලැබෙන අගය 2.976 වේ.එය තමයි LED බල්බ 48ක් යොදා ඔබ සෑදු බල්බයේ වොට් ගණන..අනික් බල්බ වලත් LED ගණන යොදා වොට් ගණන සොයන්න.දශම ස්ථාන අතහැර රවුම් අගයක් ආසන්න ඉහල අගයට ලබා දෙන්න..
ඔබට ජය!

THANK YOU
ReplyDeletemamath me dawas wala LED bub hadanda try karanawa.ekata oyage lipi godak udaw una. thank you.
ReplyDeletethank you machan.
ReplyDeleteLED bulb walata warranty card ekak hada ganne kohomada.
ReplyDeletemamath me dawaswala LED bulb hadanda try karanawa.ekata oyage me satahan godak udaw una. thank you.
ReplyDeleteled
ReplyDeleteLED bulb danda box ekak hadana hetith kiyala denawada. box ekak hadanda awashya upakarana monawada.
ReplyDelete