Wednesday, September 11, 2013

නිවසේ සිටම අමතර ආදායමක්..

          අද තම රැකියාවෙන් ලැබෙන මුදලින් එදිනෙදා වියදම් පවා හරි හැටි පියවා ගන්නේ එහෙමත් කිහිප දෙනෙක් පමණයි.ජිවන වියදම ඉහල ගියත් අපේ අදායම් මාර්ග අවහිර වී තිබීම ඊට හේතුවයි.මම ඔබට ඉතා
සාර්ථකව කළ හැකි නව ආදායම් මාර්ගයක් හදුන්වා දෙන්නම්.ඔයාලා දැනටමත් දන්නවා ඇති ලංකාවේ LED බල්බ නිෂ්පාදනය මගින් විශාල පිරිසක් ලාභ ලබන බව.උපකරණ අඩු මිලට ලබා ගත හැකි වීමත් එහි නිෂ්පාදන තාක්ෂනය ප්‍රචලිත වීමත් එයට හේතුවක්.මෙම තාක්ෂනය ගමට ගෙනයාම සඳහා හෙටදින අඩවිය සුවිශාල කාර්ය භාරයක් ඉටුකර තියෙනවා.ඒ සියලු පාඩම් මාලා නොමිලේ ලබා දෙමින්.දින පතාම මට ලැබෙන දුරකථන ඇමතුම් වලින් ඒ බව සනාථ වෙනවා.ඉතින් මම අද ඔබට කියලා දෙන්න යන්නේ ඔබට තනිවම ආරම්භ කල හැකි තවත් ආදායම් මාර්ගයක්.ඔයාලා දන්වා දැනට ලංකාවේ දැන්වීම් කරණය මගින් ඉතා විශාල වශයෙන් ආදායම් ලැබිය හැකි බව.ඒ කියන්නේ අනුන්ගේ ව්‍යාපාර මගින් තමන් වක්‍රා කාරව විශාල ලාභයක් උපයා ගැනීමයි.ඔයාලා රුපවාහිනිය නරබන විට දැකලා ඇති කෙතරම් දැන්වීම් ප්‍රමාණයක් එහි ප්‍රචාරය වනවාද කියා.එමගින් එම රුපවාහිනි ආයතන අතිමහත් ලාභයක් උපයනවා.ඉතින් ඔයාලටත් පුලුවන් මේ ආකාරයට දැන්වීම් අරගෙන මුදලක් උපයා ගන්න.එකට නිර්මාණ ශීලිත්වය හා ඔබේ දක්ෂතාවය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.ඔයාලට කරන්න තියෙන්න ගමේ හෝ නගරයක බස් නැවතුම් පලක LED නාම පුවරුවක් සවිකර එහි විවිධ දැන්වීම් ලබාගෙන පළ කිරීමයි.ඒ සඳහා දැන්වීම් කරුවා ඔබට මුදල් ගෙවිය යුතුයි.මෙය සම්පුර්ණයෙන්ම නීතිමය ආකාරයට ,මුදල් ඉපැයීමක් බව කිව යුතුයි.
ඉතින් ඔය හැටි දැන්වීම් දාන්න කෝ අපට පුවරුවක්.කලබල වෙන්න එපා ගමේ නගරයකට දැවැන්ත වීඩියෝ ධාවනය කළ හැකි පුවරු අවශය නැහැ.එවැනි පුවරු නඩත්තු කිරීමටත් අති මහත් ධනයක් වැයවෙනවා.ඒත් ඔබ විසින්ම සාදා ගන්නා කුඩා ප්‍රමාණයේ LED නාම පුවරුකින් ඔබට එහි අඩු මිලට දැන්වීම් දමා ගත හැකියි.එම පුවරුවක ද්විත්ව වර්ණයක් තිබීම ප්‍රමාණවත්.එම වර්ණ දෙක එකතුවූ විට තවත් වර්ණයක් නිකම්ම ලැබෙනවා.ඒ කියන්නේ වර්ණ තුනක් ලැබෙනවා..මෙවැනි පුවරුවක් ඔබේ ගමේ නගරයේ ප්‍රධාන මංසන්දියක හෝ බස නැවතුම් පලක සවිකර ගත හැකියි.ඔබට ඉතා පහසුවෙන් නගරයේ ටියුෂන් පන්ති වලින් හා වෙනත් ආයතන වලින් දැන්වීම් ලැබෙනු ඇති.එවැනි පුවරුවක දැන්වීම් 20-30 දාගත්තම හොඳටම ඇති.එක දැන්වීමකට මාසයකට රු.2500.00 ගානේ දැන්වීම් 20 ක් දැම්මොත් රු.50000.00 ලැබෙනවා..විදුලි බිලට රු.600.ක් විතර යයි.
ඔයාලට මෙය ඉතා සාර්ථකව කල හැකි පරිදි මම සරල සිංහලෙන් පාඩම් මාලාවක් සකස් කර තියෙවා එය රු.750.වැනි ඉතා සුළු මුදලකට ඔබට මිලදී ගත හැකියි.අවශ්‍ය අය මට දන්වන්න.ඔබට නොමිලේ නිතරම තාක්ෂණික සහාය ලැබෙනු ඇති.මා විසින් නිර්මාණය කරන ලද නාම පුවරුවක් මුල්ලේරියාව නවනගරයේ.රෝහල හන්දියේ පිහිටුවා තිබෙනවා.එය සවිකර සති දෙකක් යාමට පෙර දැන්වීම් කීපයක්ම ලැබුනා..ඉදිරියේදී ටියුෂන් පන්තිවලින් දැන්වීම් ලබා දෙන බව ඔවුන් මාවෙත දන්වා තිබෙනවා..
ඔබට ජය!

12 comments:

  1. හොඳ අදහසක්. මේ නිසාම හෙටදින මගේ බ්ලොග් රෝල් වලත් එල්ලුවා. ඒ වගේම මම තමයි මේකේ හතලිස් වෙනි ෆලෝවර්.

    ReplyDelete
  2. මෙහෙම ලොකු එකක් ගාල්ලෙත් තියෙනවා.. උන් නම් පට්ට හම්බ කිරිල්ලක් හම්බ කරන්නෙ :)

    ReplyDelete
  3. ela ela thanks for shairing.
    sri lanka best tour guider.
    http://www.srilankatourguidedriver.com/

    ReplyDelete
  4. Yes. I want this..... How can I get????

    ReplyDelete
  5. මෙහෙම එකක් ගාල්ලෙත් තියනවා.එකෙන් නම් මිලියන ගානක් හොයාගෙන ඇති.අඩු මුදලකට ඔබ ලබාදෙන දැනුම මම අගය කරමි.පාඩම් මාලාව ලබගට හැකි ආකාරය දන්වන්න.
    ඔබට ජයෙන් ජය....
    අපට දැනුම බෙදාදෙන අතරම රැකියාවේ කටයෝඋත් හොදින් කරන්න...
    සැමගේම පැසසුම් එවිට ඔබට......

    ReplyDelete
  6. මමත් මේ පැත්තට හැකි සෑම වෙලාවතම ඇවිත් යනවා. ඒත් ඉතින් හරිහැටි කොමෙන්ටුවක් දාන්න නම් උනේ නැහැ. ඇත්තෙන්ම මේ යාළුවගේ මෙම මේ වෑයම මම අතිශයින්ම අගය කරනවා. තමන් දන්න දේ අනුන්ට කියලා දෙන අය ඉන්නේ සුළු පිරිසක්. සමහරු තමන් දන්න දෙයින් උපයාගෙන තනිවම ජොලි කරලා ඉන්නවා. ඒ ගැන කාටවත් කියලා දෙන්න ඒ අය කැමති නැහැ. නැතිනම් එවැනි දේවල් කියලා දෙන්නේ ඔවුන් නොමග යැවීමේ පරමාර්ථයෙන්. රස්සාවක් නැතිව ඉන්න අයටත් රස්සාවෙන් උපයන ආදායම මදිය කියලා හිතෙන අයටයි හොද ආදායම් මාර්ගයක් තමයි යාලුවා පෙන්නලා දීලා තියෙන්නේ. අද බැලුවාම හැමෝම කියන්නේ ආදායමට වඩා වියදම වැඩියි ඒ නිසා ජීවත්වෙන්න අමාරුයි කියලා. ඒ වගේම වංචා දූෂණ වැඩිවෙලා. වංචා දූෂණ වලින් හෝ බඩ උලාගෙන ඉදලා හෝ සැපෙන් ජීවත්වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ටිකක් විතර මහන්‍සි වෙන්න. එහෙම උනොත් හැමදාමත් සතුටින් ජීවත්වෙන්න ලැබේවි. අනුන් උපයන දේ ‍ඊර්ෂ්‍යා කරන්නේ නැතිව හැමෝම වගේ හොද ආදායම් මාර්ගයක් හදාගතහොත් රටටත් සෙතක් වේවි.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. how to get ur cd and package about LED display

    ReplyDelete
  9. It's good. Thank you. I want to instructions.

    ReplyDelete
  10. මටත් තොරතුරු ඕනේ

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.