මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ LED නාම පුවරු වලට රාමුවක් අඩු වියදමකින් හදා ගන්න හැටි.මුලින්ම ඔයාල තීරණය කරන්න ඕනා හදන්නේ නිවසින් පිටත සවිකරන පුවරුවක්ද නැතිනම් නිවසක් තුල සවිකරන පුවරුවක්ද කියලා නිවසක් තුල ඒ කිවේ Indoor නම් වැඩේ ලේසියි.එකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කොටස් ටික..
1.ඇලුමිනියම් බොක්ස් බාර් අඟල් 3x1
2.රිවට් ඇන.(නුල් බාගය)
3.ඇලුමිනියම් තහඩු.
4.L හැඩ ඇලුමිනියම් පටි.
ඔයාලම හදනවා නම් මෙම උපකරණ තියෙන්න ඕනා.
1.ඇලුමිනියම් කැපීමට යකඩ කපන කියතක් හා එහි ෆ්‍රේම් එක.
2.සිදුරු විදීමට ඩ්‍රිල් එකක්..
3.රිවට් මැෂින් එකක්.
4.මුළු මට්ටමක්.
මුලින්ම කියන්න ඕනා මෙම උපකරණ භාවිතා කිරීමට ඔබට පුංචි දක්ෂ කමක් තියෙන්න ඕනා..අත හුරුවත් වැදගත්..මුලින්ම ඔයාලට Indoor වර්ගයේ එකක් හදන හැටි කියා දෙන්නම්.
ඔයාලා සවි කිරීමට යන මොඩියුල ගණන අනුව රාමුවේ ප්‍රමාණය තීරණය වෙනවා..ඒ නිසා ඒ අනුව ඇලුමිනියම් බොක්ස් බාර් එක කපා ගත යුතුයි.අප සාමාන්‍යයෙන් භාවිතා කරන මොඩියුලයක් සෙන්ටිමීටර් 32 දිගකින් හා සෙන්ටිමීටර් 16 පළලකින් යුතු වෙනවා..මෙය සම්මත අගයක්.මෙම අගයේ ගුනාකාර වලින් තමයි රාමුවේ දීග පළල ගන්නේ .තනි මොඩියුල පේලියක් සවිරන පුවරුවක නම් මොඩියුල වල දිගට වඩා තවත් අඟල් දෙකක් දිගට බොක්ස් බාර් එක කපන්න ඕනා බව ඔබට පෙනේවි.පළලත් එහෙම තමයි මොඩියුල වල පළලට වඩා අඟල් 2 ක දිගට ඒවා කපා ගන්න ඕනා..කැපීමේදී ඒවා කොටස් එකිනෙකින් වෙන් කිරීමට අවශ්‍ය නැහැ.දිගට ඇති බොක්ස් බාර් එක නිවැරදි ආකාරයට මැන සටහන් කර පසුව පරිස්සමින් කැපිය යුතු වෙනවා.මේ සඳහා තවත් අයකුගේ සහාය අවශ්‍ය වෙනවා.කැපීමේදී අංශක 45 කැපිය යුතු වෙනවා..පරිස්සමින් කපන්න.වරක් හෝ නැමුන හොත් එය දෙකට වෙන්වන නිසා.කැපුන ස්ථානයෙන් නැමීමේදී ද එක වරකින් එය නැමිය යුතු වෙනවා..
කපා අවසන්වූ පසු එය ඍජුකෝනාශ්‍ර ආකාරයට නවා ගන්න.ඉන් පසුව එහි ඇතුල් පැත්තෙන් L හැඩ ඇලුමිනියම් කැබලි කපා රිවට් ගසා ගන්න.හතර පැත්තෙන්ම ඇතුලතින් රිවට් ගැසූ පසු රාමුව ශක්තිමත් වේ.මේ සඳහා අඟල් 3X1 යොදා ගත්තේ අයි දැයි ඔබ අසාවි.අඟල් තුන බොක්ස් බාර් එක ගත් විට එහි ඇතුලත ඉඩ ප්‍රමාණය වැඩි වේ.එවිට අතුලත ම POWER SUPPLY සවිකළ හැක.අඟල් දෙක බොක්ස් බාර් යොදා ගත් විට පිටතින් POWER SUPPLY සවි කිරීමට සිදුවේ.රාමුවේ පිට පැත්තට ඇලුමිනියම් තහඩුවක් නියමිත මිනුම් වලට කපා බෝල්ට් ඇන මගින් සවිකරන්න.මොඩියුල සවි කිරීමට රාමුව ඇතුලත L ඇලුමිනියම් කැබලි සවි කල හැක.සියලුම මොඩියුල ෂෝර්ට් නොවන පරිදි රාමුවට සවි කල යුතුය.බල සැපයුම ලබා දීමට පෙර ෂෝර්ට් වීම ඇතිදැයි දෙතුන් වරක් පරික්ෂාකර බැලීම වැදගත්ය.මා පහතින් දක්වා ඇත්තේ අඟක් දෙක බොක්ස් බාර් එක යොදා සකස් කරන රාමුවක විස්තරවේ..
ඔබට ජය !

niymai ayya...thanks..
ReplyDeletemata dena ganna puluwanda outdoor loku led screen ekak daanna kochchara wiyadamak yanawada kiyala?5 feetx3feet wage..
mama oyage dvd pack eka gaththa ... frame eka hadaganna idea ekak hoyanakota thamai dekke.. godak watinawa... thank you very much
ReplyDeletematath mara prashnayak wela thibbe meke frame eka hadanne kohomada kiyala.dan ithin ekath hari.thanks Hetadina.meka outdoor hadanawanam wathura yanne nathuwa hadana widiyath kiyala denna puluwanda?
ReplyDelete