Thursday, December 26, 2013

මුලික ඉලෙක්ට්‍රොණික විද්‍යාව 1

  ජීවයේ තැනුම් ඒකකය පදාර්ථයයි.එම පදාර්ථය තැනීන ඇත්තේ පරමාණු වලිනි.ඔබත් මාත් අපත් ගහකොළ සතා සිව්පාවා පවා තැනී ඇත්තේ පදාර්ථ වලිනි.එම පදාර්ථ තැනී ඇත්තේ මොනවායින්ද?ඒවා පරමාණු ලෙස හැදින්වේ.එම පරමාණු සෑදී ඇත්තේ මොනවායින්ද?ඒ ද අංශු වර්ග තුනකිනි.එනම් ප්‍රෝටෝන,නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රොන එකතුවෙනි.මෙම අංශු කිසිවක් පියවි ඇසින් දැකිය නොහැක.ඔබත් මාත් ඉලෙක්ට්‍රොණික විද්‍යාවට බෙහෙවින් ඇලුම් කරත්.එම ඉලෙක්ට්‍රොණික් විද්‍යාවට මුලික ව ඇත්තේ ඉලෙක්ට්‍රෝනය බව
ඔ‍බට පෙනෙනු ඇත.මන්ද විද්‍යුත් ධාරාවක් උපදින්නේ ඉලෙක්ට්‍රෝන නිසාවෙනි.පරමාණුව තුල ඇති කුඩාම අංශුව ඉලෙක්ට්‍රෝනය.එය කෙතරම් කුඩා යත් එහි ලිහිල්ව බැඳී ඇති ඉලෙක්ට්‍රෝන වලට ඔබ මොබ චලනය විය හැක.විදුලි බලාගාර වල සිට ඔබ නිවසට පැමිණෙන්නේ මෙලෙස ඔබ මොබ චලනය වන ඉලෙක්ට්‍රෝන ධාරාවකි.
එය කෙතරම් ප්‍රභල ද කිවොත් එම අංශු ධාරාව ඔබ නිවසේ බල්බයක සුත්‍රිකාව හරහා ගමන් කරන විට එම සුත්‍රිකාවේ ලෝහ අංශු  වල වැදී සුත්‍රිකාව රත් වන්නට පටන් ගනී.එය උපරිමයට රත්වුවිට ඉන් ආලෝකය පිට වේ..ඇත්තෙන්ම අපට ආලෝකය ලෙස ලැබෙන්නේ රක්තතප්තව බබලන බල්බයේ සුත්‍රිකාව නිසාය.
අප විදුලිය ලෙස සලකනුයේ මෙලෙස ගමන් කරන ඉලෙක්ට්‍රෝන ධාරාවකි.එම ඉලෙක්ට්‍රෝන ධාරාවට කාර්ය කල හැක.අප ඒවා පාලනය කර අපට අවශ්‍ය කාර්ය ඉටුකර ගනිමු.ඉලෙක්ට්‍රොනික ලෝකයට පාර කැපී ඇත්තේ මෙලස විවධ ලෙස පාලනය කරමින් තිබෙන ඉලෙක්ට්‍රෝන වලට පින්සිදු වන්නටය.
විදුලිය වඩාත්ම හොඳින් ගමන කරන්නේ ලෝහ තුලිනි.එහෙත් ජලය,වාතය වෙනත් ඝන ද්‍රව්‍ය හරහා ද විදුලියට ගමන් කල හැක.විදුලි කොටන විට අහසේ සිට පොලවට පනින්නේ වාතය හරහාය.
 ඇතැම් ද්‍රව්‍ය විදුලිය ඉතා හොඳින් ගමන් කරන ද්‍රව්‍ය වේ.ඒවා විද්‍යුත් සන්නායක වේ.තවත් සමහරක් අර්ධ වශයෙන් විදුලිය ගමන් කරන ද්‍රවයේ වේ.ඒවා අර්ධ සන්නායක වේ.තවත් එකක විදුලිය කොහෙත්ම ගමන් නොකරයි.ඒවා විද්‍යුත් පරිවාරක වේ.මේ සියල්ල අප මුල සිටම සරලව හදාරමු.ඔබගේ ගැටළු කොමෙන්ට් කරන්න.ඉදරි පාඩමින් හමු වෙමු..
ඔබට ජය!

2 comments:

  1. දිගටම ලියන්න මෙවැනි දේ පිලිබඳ බ්ලොග් ලියවෙනවා අඩුයි

    ReplyDelete
  2. hoda padamak godak wadagath

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.