Sunday, December 15, 2013

ලංකාවේ නිපදවන පරිගණක..

ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් ඉතා වැදගත් කඩයිමක් පසුකරමින් ලංකාවේ පළමුවරට පරිගණක එකලස්‌ කිරීමේ සමාගමක් පිහිටුවීමට ewis නමැති සමාගම කටයුතු කරමින් සිටී.ඒ අන් කවරකු සමග නොව
ලොව මෘදුකාංග දැවැන්තයා වන මයික්‍රොසොෆ්ට් ආයතනයත් හා එකතුවය.හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙම නිෂ්පාදනාගාරය මගින් ලැප්ටොප් පරිගණක ටැබ්ලට් පරිගණක,ඩෙක්ස්ටොප් පරිගණක ද එකලස්‌ කරනු ඇත.ඒවා ශ්‍රී ලාංකිකයන්ට අඩු මිලට ලබා ගත හැකි වනු ඇත.එමගින් අපේ තොරතුරු තාක්ෂණ හැකියාව තවත් වැඩි දියුණු වනු ඇත.වර්ග අඩි 25000 ක පමණ ප්‍රදේශයක ඉදිවන මෙම නිෂ්පාදනාගාරය මගින් අප රටට විශාල ආයෝජනක් ලැබී ඇත.වසර 30 අමානුෂික යුද්ධය අවසන්වී වසර කීපයක් යන්නටත් මත්තෙන් අපට ලැබෙන ප්‍රතිඵල සැබවින්ම කාගේත් දියුණුව උදෙසා බව හෙටදින තාක්ෂනය ඔබ වෙත ගෙන එන "හෙටදින අඩවිය" එදත් අදත් හෙටත් විශ්වාස කරයි.
ඔබට ජය!

3 comments:

  1. මයික්‍රො කාර් වලට උන දේම වෙයිද දන්නෑ

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.