Sunday, December 22, 2013

නව නිපැයුම්කරුවකු වන්නේ කොහොමද..

  අපොයි..ඒකනම්..ගොඩක් අමාරු වැඩක්..ඇරත් දැන් ඔක්කොම අලුත් දේවල් සොයාගෙන ඉවරනේ..ඔයාලට ඇතැම් විට මෙහෙම හිතිලා ඇති.යම් කිසි දවසක ඔබට ද එසේ සිතුනි නම් කිව යුත්තේ ඔබ අනාගතය දෙස නොබලන කෙනෙකු බවය.සැබවින්ම නව නිපයුම් කරුවා යනු කවරෙක්ද?අනික් අයට නොපෙනෙන යම් ගැටලුවකට සාර්ථක තාක්ෂණික විසදුමක් ඉදිරිපත් කල හැකි හා එය ක්‍රියාවට නංවන පුද්ගලයා
නව නිපැයුම්කරුවෙකි.සැබවින්ම නව නිපැයුම්කරුවා රටක ජීවනාලිය බඳුවේ.එයට හේතුව රටක සංවර්ධනය වීමට නව නිපැයුම්කරුවා වෙතින් වන සේවයයි.එදා මෙදා තුර ලෝකයේ සංවර්ධිත රටවල් දෙස බැලුවිට එම රටවල නව නිපයුම්කරුවන් බහුලව සිටින බව පෙනෙන්නට තිබේ.
අපේ රටේ නව නිපයුම් කරුවන් නැතිද?ඕනේ තරම් ඉන්නවා.එහෙත් ඔවුන් බොහොමයක් අඩ නින්දේය.තමා තාක්ෂණික ගැටලුවකට හෝ වෙනත් ගැටලුවක තිරසාර විසදුමක් ලබා ගෙන තිබියදී එය ලෝකයට ඉදිරිපත් නොකර තැබීම සැබවින්ම අවාසනාවකි.ඒ සඳහා විවිද ගැටළු තිබෙන්නට පුළුවන.එම නිර්මාණය ඉදිරිපත් කරන්නට ඔහුට මුදල් නොමැතිකම එක ගැටලුවකි..එහෙත් නව නිර්මාණ තුලින් ලෝකය දිනු බහුතරයක් මුදල් නැතියි කියා සිය නිෂ්පාදනය අත හැර දැම්මේ නම් අද ලෝකය මෙතරම් දියුණු නොවනු ඇත.කල යුත්තේ නිෂ්පාදනය අතහැර දැමීම නොව කුමන හෝ ක්‍රමයකින් තම නිෂ්පාදනය එලි දැක්වීමය..
නව නිෂ්පාදනයක් තාක්ෂණික පැත්තෙන්ම සිදුවිය යුතු නැත.එය කළා වාණිජ ආදී ඕනෑම ශේත්‍රයකින් සිදු විය හැක.මා හෙටදින අඩවියෙන් පෙන්වා දෙන්නේ තාක්ෂණික නව නිර්මාණකරුවෙකු වන හැටිය.
අලුත් නිපදවීමක් ඇත්තෙන්ම ඔබගේ ජීවිතය දියුණුවෙන් දියුණුවට පත්වීමට හේතු විය හැක.එපමණක්  ද නොව ඔ‍බට ලැබෙන වටිනා කම කෙතරම්ද?ඔබ විද්‍යා විෂයට ඇලුම් කරන්නෙකු නම් නව නිර්මානකරුවෙකු වීමට ඉතා පහසුය.
ඔබට නව නිර්මාණ කරණයේ යෙදීමට ප්‍රමාණවත් කාලයක් නැති ඔබ කියන්නට ඉඩ තිබේ.එහෙත් නව නිෂ්පාදකයකුට ඒ සියල්ල ගැටළු නොවේ.ගැටල නිර්මාණය කරගන්නේ ද අප විසින්මය.මොහොතක් ඔබේ වටපිටාව සිතන්න.ඔබට විවිධ කාර්ය කරනා විවිධ උපකරණ පෙනෙනු ඇත.විවිධ  කාර්යයන් සිදුවන ආකාය නිරීක්ෂනය කරන්න.මෙම කාර්යයන් මෙලෙසම සිදුවිය යුතු ද ඒවා කිරීමට වෙනත් පහසු ක්‍රම තිබේද..මෙම උපකරණය මේ ආකාරයටම තියෙන්නේ ඕනා ද..ඒක අඩු වියදමකින් කරන්න බැරිද..මෙවැනි ගැටළු රාශියකින් ඔබේ මනස පිරියන්නේ නම් ඔබ නව නිපැයුම්කරුවකුට සුදුසු පුද්ගලයෙකි.වට පිටාව තවත් හොඳින් නිරීක්ෂනය  කරන්න.ඔබ ඕනා තරම් අලුත් දේවල් නිර්මාණය කල හැකි බව පෙනෙනු ඇත.උදා.වේගයෙන් ගමන් කරන ත්‍රිරෝද රථයක් වංගුවකින් හැරවීමේදී පෙරලී යන අන්දම ඔබ දුටුව හොත් ඔබට සිතිය යුත්තේ කුමක්ද?අපොයි..මේකාගේ වේගේ නිසානේ..පෙරලුනේ..යන්න නොවේ.ත්‍රිරෝද රථය වංගුවකින් හැරවීමේදී එය පෙරලීම වලකන නව උපාංගයක් තැනිය හැකිනම් කෙතරම් අපුරු ද යන්න ඔබට සිතිය යුතුය.
ඔබට ජය!

6 comments:

  1. In Lanka there are innovations but no investors to purchase or manufacture these innovations.
    Sri lankans are not prepared to pay for royalties.
    Good example is Songs of Sunil Shantha. You will have to get permission from the foundation to broadcast these songs. These are not broadcast because they have to pay a royalty.

    Wonder of Asia

    ReplyDelete
  2. //ත්‍රිරෝද රථය වංගුවකින් හැරවීමේදී එය පෙරලීම වලකන නව උපාංගයක් තැනිය හැකිනම් කෙතරම් අපුරු ද යන්න ඔබට සිතිය යුතුය.//
    හොඳ අදහසක්..ඒත් මම අහලා තියෙනවා ත්‍රීරෝද රථ වල තියෙන steering angle locking system එක වෙනස් කරනවාලු angle එක වැඩිවෙන විධියට. ඒකලු පෙරලෙන්නෙ. මේකේ සත්‍ය අසත්‍යතාවය ගැන හරියටම කියන්ට මම දන්නේ නෑ නමුත් ත්‍රී වීල් එකක් දුවන කෙනෙක් දවසක් ඔය ගැන කිව්වා මතකයි.

    ReplyDelete
  3. ජෑක් කරනවා කියලා කරන්නෙ ඔක තම එන ඔරිජිනල් හෑඩය වෙනස් කරන්වා

    ReplyDelete
  4. yeah. i can disign a safty item for 3wheel .thank you to given idea

    ReplyDelete
  5. lankawe wage rata wala invention kalata wadak naha.rajayen kisi help ekak apita labenne naha.lankawe inna supiri inventorslata wenne ford trakter ekata una wage thamange invention eka pita ratakata wikunanna thama.rajayen apita help ekak labenawanam me rata japan wage diyunu karanna puluwan.

    ReplyDelete
  6. මේකට විසදුම නම් පලමුව ත්‍රිවීල් පෙරලීම නැවැත්වීමට ප්‍රධාන හේතු විමසීමයි. ඉන් පසු ඒවා නැති කිරීමට හැකි මාර්්ග සෙවීමයි. මෙම මාර්ග හෝ ක්‍රම මින් පෙර ඉදිරිපත්වි නොමැති නම් ඒවා නව නිපයුම්වේ.ඉන් පසු ඒවා නව නිපයුම් ලෙස ලියා පදිංචි කිරීමට හැකිදැයි බැලිය යුතුය.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.