Friday, January 3, 2014

LED නාම පුවරු POWER SUPPLY ගෙදරම හදමු.

   LED නාම පුවරු නිෂ්පාදනයේදී තවත් වැඩි පුර කතා බහට ලක්වෙන මාතෘකාවක් වන්නේ බල සැපයුම් පරිපථයයි.නාම පුවරුවේ මොඩියුල හා CONTROLLER එක ක්‍රියාත්මක වීමට සුමටනය කල ස්ථාවර 5V විදුලි සැපයුමක් අවශ්‍ය වෙනවා.ඒකට සාමාන්‍යයෙන් යොදා ගන්නේ SMP බල සැපයුමක්.ඒ කියන්නේ සුවිචින් මෝඩ් වර්ගයේ එකක්.එය ට්‍රාන්සිස්ටර් හා IC ඇති සංකීර්ණ පරිපථයක්.එහි මිල ඉහල මට්ටමක තමයි තියෙන්නේ..ඇම්පියර් 20 ක SMP බල සැපයුම් යුනිට් එකක් වසරක වගකීමකුත් එක්ක පිටකොටුවේ නම් රු.2000.00 ක් වෙනවා.ඉතින් LED නාම පුවරු හදන්න පටන් ගන්න අයට ඉහල මිලක් දීලා මේවා මිලදී ගන්න එක තරමක ගැටලුවක්.ඔන්න මම අද ඔබව එම ගැටළු වෙනුත් නිදහස් කරනවා..මම අත්හදා බලා හොයා ගත්තා ඉතා සරලම බල සැපයුම් ඒකකය මේ සඳහා යොදා ගන්න පුළුවන් කියලා.හැබැයි මේක අත්හදා බැලීමට පමණක් වඩා හොඳයි කියලා මට හිතෙන්නේ.දවස පුරාම ක්‍රියාත්මක වන විදිහට මේක දානවනම් තව ටිකක් පරිපථය දියුණු කරන්න ඕනා..ඒ ටික පස්සේ කියන්නම්..එකියුවේ.වැඩි මොඩියුල ගණනක් දාලා ලොකු පුවරුවකට අඩු වියදම් බල සැපයුමක් හදන හැටි.
පරිපථයට අවශ්‍ය උපකරණ.
1.6V 0 6V/1A/full wave ට්‍රාන්ස්ෆෝමර් එකක්.
2.7805 රෙගියුලේටර් IC එකක්.
3.1N 4007 ඩයෝඩ් 2ක්
4.4700 uf/9v කන්ඩෙන්සර් එකක්.
5.2x1 ප්‍රමාණයේ ඇලුමිනියම් බොක්ස් බාර් අඟල් 2 ක කැබැල්ලක්.
6.වයර් කැබලි කීපයක්.
7.අඟල් 2x2 ප්‍රමාණයේ වෙරෝ බෝඩ් කැබැල්ලක්.

             මුලින්ම වෙරෝ බෝර්ඩ් කැබැල්ලේ පරිපථය එකලස්‌ කර ගන්න.7805 IC එකේ පාද මතක ඇතිනේ.එකේ ඉදිරි මුහුණත තමන් ගේ පැත්තට ඇල්ලුවාම වම් අත  පැත්තේ අග්‍රය ඉන්පුට් එක.මැද එක ඝෘන අග්‍රය.දකුණු පස එක අවුට් පුට් එක.ඒකෙන් තමයි 5V පිට වෙන්නේ.7805 IC එකේ ඉන්පුට් එකට 7V වලට වඩා දෙන්න එපා.7805 IC එක මගින් ඒකට ලැබෙන වෝල්ටීයතාවය ස්ථාවර 5V බවට පත්කරනවා.එය ක්‍රියාත්මක වනවිට එහි තාපය ජණනය වන නිසා හීට් සින්ක් අනිවාර්යයෙන් යෙදිය යුතයි.නැතිනම් ටික වෙලාවකින් එය දැවී යාවි.එමෙන්ම 7805 හීට් සින්ක් එකට සවිකරන විට හීට් සින්ක් කම්පවුන්ඩ් ස්වල්පයක් එහි පිට පැත්තේ ආලේප කිරීමටත් අමතක කරන්න එපා.
                    සියලුම කොටස් සවිකරලා මල්ටිමිටරයක් අදාරයෙන් එහි වෝල්ටීයතාවය පරික්ෂා කර බලන්න.නිවැරදි වෝල්ට් 5 ලැබේ නම් පරිපතයට සවිකරන්න.එක මොඩියුලක් සඳහා නම් මේ සකස් කල පරිපථය ගැලපෙනවා.තවත් මොඩියුල දානවා නම් මිට වඩා වැඩි ඇම්පියර් ගණනක් ඇති ට්‍රාන්ස්ෆෝමරයක් හා සමානන්තර ගත ලෙස සකස් කල 7805 IC යොදා ගත හැකියි.එමෙන්ම විශාල හීට් සින්ක් යෙදිය යුතු වෙනවා.හීට් සින්ක් ඉවතලන පරිගණක හා රුපවාහිනි යන්ත්‍රර වල පරිපත කොටස් වලින් ද ගලවා ගත හැකියි.හැබැයි තව ඔබට මෙහි වාසියක් තියෙනවා.ඔබ සකස් කල පරිපථයේ 7805 IC වල හීට් සින්ක් ලෙස ඔබේ LED නාම පුවරුවේ ඇලුමිනියම් රාමුවම යොදා ගත හැකියි.එය ක්‍රමවත් ලෙස රාමුව තුල සවි කල යුතුයි.එවිට ඔ‍බට හීට් සින්ක් ගැටලුවත් විසදෙනවා.
                       මෙම පරිපථය සකස් කිරීමට යම තරමක ඉලෙක්ට්‍රොනික් දැනුමක් අවශ්‍ය වෙනවා.ඔබට එය කල නොහැකිනම් මෙම උපකරණ ටික කඩෙන් අරගෙන TV RADIO රෙපයාර් කරන තැනකට දීලා සුළු මුදලකට එය එකලස්‌ කරගන්න.ලංකාවේ ඕනෑම නගරයක ඉලෙක්ට්‍රොනික බඩු විකුණන කඩවලින් මෙම උපකරණ ලබා ගත හැක.
වැඩි විස්තර සඳහා පහත රුප පෙළ නරබන්න.රුප ලොකුවට බැලීමට රූපය මත ක්ලික් කරන්න.


ඔබට ජය!
 

22 comments:

  1. led module 2 කට හරියන power supply එකක් දෙන්න. මිල අදික power supply වෙනුවට මේ ක්‍රමය අපි වගේ අදුනිකයන්ට නියමයි ...

    ReplyDelete
    Replies
    1. ඔයාට කරන්න තියෙන්නේ 7805 ic දෙකක් සමාන්තරගත ක්‍රමයට සවිකරලා..ඇම්පියර් 2 ක ට්‍රාන්ස්ෆෝමර් එකක් දාන්න.හොඳ හීට් සින්ක් එකක් දාන්න.

      Delete
    2. ස්තුතියි යාළුවා,මා ගව 12v 2A ට්‍රාන්ස්ෆොර්මෙර් කිහිපයක් තියනවා,මට එකෙන් 5v බල සැපයුම හදාගන්න පරිපථ සැකසුමක් නිර්මාණය කරලා දෙන්න පුලුවන්ද,අනිත් අයටත් දැනගන්න ඔයාගේ බ්ලොග් එකේ දානවද,

      Delete
    3. ඔයා ළඟ තියෙන්නේ full wave ට්‍රාන්ස්ෆෝමර් ද නැතිනම් half wave ට්‍රාන්ස්ෆෝමර් ද? ඒක පැහැදිලි නැතිනම් cuurent ඒක out වෙන පැත්තේ වයර් කියක් තියෙනවා ද කියන්න...

      Delete
    4. current Out Vena Peththe Wire Miyo kala lu

      Delete
  2. 7805 ic eken 1A thama uparima current eka. Meeta wada current ekak ganna puluwan ic ekak dala wadi amp ganakata hada gattaky ne?

    ReplyDelete
  3. මම 7805 දාල තියෙන්නේ එකේ අඩුම මිල නිසාත්,ලංකාවේ ඕනෑම තැනකින් ගන්න පුලුවන් හා සරල ක්‍රමයකින් හදා ගන්න පුළුවන් නිසා..තවත් ක්‍රම හම්බුනොත් කමෙන්ට් කරන්න..
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. computer එකක power supply එකක් දාන්නත් පුලුවන්.මම හැදුවෙ එහෙමයි.

      Delete
  4. GOOD JOB
    ALL THE BEST

    ARUNA

    ReplyDelete
  5. BOARD 4 KATA 4A TRANSFORMER EKAK DALA 7805 4 K DEMMOTH AULAKDA? HEAT SINK EKATA 7805 4 MA HAI KAROTH GROUND 4 MA EKATA CONNECT WENAWA NEDA? EKATA KAMAK NEDDA? I mean back side of 7805 with heat sink?

    ReplyDelete
  6. Board 4 kata 4A ekak dala 7805 4k danna puluwan neda? ekama heat sink ekata 7805 4 ma hai harapuwama ground 4ma ekata connect wenawane ekata kamak nedda? I mean back side of 7805 all connect together?

    ReplyDelete
  7. 6v4A transformer ekakin board 4 k puluwanda? koheda ganda thiyenne?

    ReplyDelete
  8. 6V4A ekakin board 4k puluwanda? koheda ganda thiyenne?

    ReplyDelete
  9. 6v 4A transformer thiyenawada?board 4 kata danda?

    ReplyDelete
  10. wade hodai eth yaluwa transfomer walata current eka yanawa neda

    ReplyDelete
  11. mekadana eka echchara hoda wadak nemei.mokada 7805 pichchunoth direct 12v ma enawa.eth 5.1 zener dioad and fuse use karala meka diuinu karala ganna puluwan.7805 ekai thawa transister ekakui witharak dala 5A ganna puluwan.ae paripathaya ona kenek innawanam fb eken msg ekak danna. godak watina hoda blog ekak.good luck

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.