Sunday, April 13, 2014

ඉලෙක්ට්‍රොණික්ස් පන්තිය 4.

  ඉලෙක්ට්‍රොණික් පන්තියෙන් අද අපි මල්ටිමීටරය ගැන කතාකරමු.මෙම විෂයට නැතුවම බැරි උපාංගයක් වන්නේ මෙයයි.මෙමගින් වයර් කැබැල්ලේ සිට IC උපකරණයක් දක්වා ඕනෑම උපාංගයක් පරික්ෂා කිරීමට හැක.විශේෂයෙන් ගුවන් විදුලි හා රූපවාහිනී කාර්මික ශිල්පයේදී මෙය ඉතා වැදගත්.LED බල්බ නිෂ්පාදනයේදීත් LED නාමපුවරු නිර්මානයේදීත් මෙය අවශ්‍ය විය හැක.අද කාලයේ ඉතා සංකීර්ණ මල්ටිමීටර් තිබුනත් ඔබගේ ආධයුනික කටයුතු සඳහා සාමාන්‍ය ප්‍රමාණයේ මල්ටිමීටරයක් සෑහෙනවා.
මල්ටිමීටර් වර්ග.
1.ප්‍රතිසම මල්ටිමීටරය.(Analog multimeter)
2.සන්ක්‍යංක මල්ටිමීටරය.(Digital multimeter)

                                        ප්‍රතිසම මල්ටිමීටරය.(Analog multimeter)

මෙය ඉතා පහසුවෙන් භාවිතා කල හැක.මිලෙන්ද අඩුය.එහෙත් මෙහි අගයන් සියයට සීයක් නිවැරදිව ලබා ගත නොහැක.යම් වෝල්ටීයතාවක් මනිනේ යයි සිතමු.එවිට එය අවසාන දශම ස්ථාන වලට පෙන්වන්නේ නැත.ic ආදී උපාංග නැති නිසා මෙහි ඇතිවන දෝෂ අඩුය.


සන්ක්‍යංක මල්ටිමීටරය.(Digital multimeter)
මෙහි ඉලක්කම් වලින් පෙන්වන ඩිජිටල් තිරයක් ඇත.එය LCD තිරයකි.ඕනෑම අගයක් අවසාන දශම ස්ථාන වලට මැන ගත හැක.මෙය මිලෙන් අධික මෙන්ම වැරදි ආකාරයට භාවිතා කිරීමකදී පහසුවෙන් විනාශ විය හැක.මෙම මල්ටිමීටර් භාවිතයෙන් උපාංගවල දෝෂ හදුනා ගන්නා අයුරු ඊළඟ පන්තියෙන් කතාකරමු.
ඔබට ජය!

4 comments:

  1. වැදගත් ලිපියක්.... දිගටම ලියන්න.
    ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් පතනවා.... ජයවේවා

    ReplyDelete
  2. electronic walata wedagathma deyak mulitimeter eka. godak hodai me gena kiyala dena eka. subapathanawa. obata jaya.

    ReplyDelete
  3. මේ ලිපි category කරන්නකෝ. LED BULB, LED BOARD, SOLAR විදයට. ගොඩක් වටිනා ලිපි පෙළක්. ජය වේවා.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.