Friday, July 25, 2014

දුරකථන අලුත් වැඩියාවේදී සැලකිය යුතු කරුණු.

අප දුරකථන අලුත්වැඩියාවට යොමුවී මට නම් අපට අප ගැනම විශ්වාසයක් ඇති විය යුතුය.මන්ද අපට ලබා දෙන දුරකතනයක් අප අතින් හානියට පත් වුවහොත් අපට එම පාඩුව ද ගෙවන්නට වන බැවිනි.එනිසා දුරකතන අලුත්වැඩියාවට පෙර අප සිත්හි තබා ගත යුතු කරනු සලකා  බලමු.ඔබ දැනටමත් ජංගම දුරකථන අලුත්වැඩියාවට යොමු වුවෙක් නම් ඔබට ලැබෙන දුරකතනයක් අලුත්වැඩියාවට පෙර එහි හිමිකරුට දුරකථනය පිළිබඳව  හා එය
අලුත්වැඩියාවට යාමේදී සිදුවිය හැකි දේ ගැන හොඳ පැහැදිලි කිරීමක් තිබිය යුතුය.පැය කීපයක් තුල එක් දින දුරකථන පුහුණු ආයතන වලට ගොස් ඇති ඔබට ඔවුන් කියනා අන්දමට දුරකතන අලුත් වැඩියා කල නොහැක.ඒ සඳහා හොඳ න්‍යාත්මක  දැනුමක් හා ප්‍රයෝගික දැනුමක් ලබා තිබියයුතුය.ඇතැම් ටියුෂන් ගුරුවරු ජංගම දුරකථන ප්‍රාඨමාලා පවත්වති එහෙත් ඔවුන්වත් ජංගම  දුරකථන අලුත්වැඩියාවට දන්නේ නැත.
විවිධ නගර වල ඇති ජංගම දුරකථන අලුත්වැඩියා කරන්නන් ඔබට බහුලව හමුවේ.ඔවුන්ගෙන් ඔබ විමසා බලන්න ඒවා ඉගෙන ගත්තේ කෙසේද කියා.ඔවුන් කිසිවිටෙක ඒ දැනුම ඔඅබට ලබා දෙන්නේ නැත.ඔබ දුරකතන අලුත්වැඩියාව ඉගෙනීමට නම් එක්කෝ අන්තර්ජාලය පරිහරණය කලයුතුය.නැතිනම් ඔබේ මිත්‍රයකු මාර්ගයෙන් එවැනි සාප්පුවක වැඩට යායුතුය.ඔබ නිවසේ  හෝ වෙනම කඩයක් දමා එක වරම දුරකත අලුත්වැඩියාවට නොයායුතුය.වටිනා දුරකතනයකට  හානි සිදුවුවහොත් ඔබේ නමට කැළලකි.එමෙන්ම නාහෙට නාහන අයකුගේ  දුරකතනයකට හානි වුවහොත් ඔබට ඔහුගෙන් බේරීමක් නොලැබෙනු ඇත.අන්තර්ජාලය පරිහරණය කර ඔබට විශාල දැනුමක් ලද හැකිය.එහෙත් ඉංග්‍රීසි දැනුම ඔබට හොඳින් තිබිය යුතුය.කිසිවක් සරල ඉංග්‍රීසි භාෂාවෙන් වත්  නැත.සිංහල භාෂාවෙන් ඇති එකම හා පළමු පාඩම් මාලාව වන්නේ මෙම හෙටදින අඩවියේ පාඩම් මාලාවයි.
අප මෙම සේවය කරනුයේ ඔබ නිකරුනේ පන්තිවලට ගොස් ඔබේ වටිනා මුදල නැතිකර ගැනීම වලක්වා ගැනීමටත් තාක්ෂණික දැනුම සරල සිංහලින් ජනතාව අතරට නොමිලේ  ලබා ලබා දීමටත්ය.
අප මෙහිදී ප්‍රධාන වශයෙන් සැලකිය යුතු කරුණු මේවායි.
1.දුරකතනයට හානි නොවී අලුත්වැඩියාව.
2.සාදාරන මුදලක් අය කිරීම.
3.දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය ශිල්ප ක්‍රම හා උපකරණ හොඳින් දැන සිටීම.
4.විවිධ දුරකතනවලට අදාළ විශේෂතා හදුනා ගැනීම.

ඔබට ජය!

1 comment:

  1. යාළුවා මේ පාඩමේ ඉතුරුටික කරන්නැද්ද?

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.