Monday, August 18, 2014

LED බල්බ සවිකර මාස අටකින් ඇතිවන ගැටළු..

  ඔයාල දැන් විවිධ වර්ග වල LED බල්බ හදල ඇති.ඒ අතරින් පලමුව ඔබ නිර්මාණය කල සාමානය LED 48,67,100,108,126 වැනි බල්බ වල මාස හයකට වඩා භාවිතා කරනවිට ඇතිවුන ගැටළු මොනවාද?විශේෂයෙන්ම කියන්න ඕනා හෙටදින අඩවිය ලංකාවේ පළමු වරට වෙබ් අඩවියක් හරහා LED බල්බ නිෂ්පාදනය කරන හැටි මා නොමිලේ කියලා දීල ඉන් අතිවිශාල පිරිසක් ප්‍රයෝජන ගත් බව.අදටත් එම බල්බ නිෂ්පාදන සියලු පාඩම් මාලා මා නොමිලේ තමයි ලබා දෙන්නේ..සමහර අය ගෙදරට ඇතිවෙන්න බල්බ හදා ගෙන.තවත් අය බල්බ කඩවලට විකුනන්න දාල හොඳ ගානක් හොයාගෙන..ඉතින් කියන්නම් ඔය අතරේ
ඔබට මතුවන ගැටළු හා ඊට පිළිතුරු..බලන්න මේ ගැටළු ඔබටත් ආවද කියලා..
1. මුළු බල්බයම නිවී නිවී දැල්වීම.
2.බල්බය එක වරම නිවී යාම.
3.එලිය අඩු වීම.
4.බල්බ නැවත යොදන විට ඉක්මනින් පිලිස්සීයාම

මෙන්න ඒවාට විසදුම්.

1. මුළු බල්බයම නිවී නිවී දැල්වීම.
ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ LED බල්බ වලින් එකක් ක්‍රියා විරහිත වීම නිසයි.එවිට බල්බ ශ්‍රේණිගත ලෙස සවිකර ඇතිනම් බල්බයම නිවී නිවී දැල්වෙන්නේ එම අක්‍රිය බල්බය හරහා විටින් විට ධාරාව ගලා යන විට.පාස්සන ලද ඊයම් ඩොට් බුරුල් වීමෙන්ද මෙය ඇති වෙන්න පුළුවන්.කරන්න තියෙන්නේ මල්ටිමිටරය මගින් බල්බ සියල්ල පරික්ෂා කර අක්‍රිය එක වෙනුවට හොඳ බල්බයක් යෙදීමයි.නැති නම් බුරුල් වුන අග්‍ර නැවත ඊයම් යොදා පාස්සන එකයි.

2.බල්බය එක වරම නිවී යාම.

මෙහෙම වෙන්නේ බලබ්යේ LED එකක් හෝ කීපයක් නැතිනම් බලසැපයුම අක්‍රිය විමෙනුයි.මුලින්ම බල සැපයුම හොඳින් නිරීෂණය කරන්න.බල්බ දැවී ගොස් ඇතිනම් අලුතින් යොදන්න.බුරුල් අග්‍ර තිබේනම් යලි පාස්සන්න.

3.එලිය අඩු වීම.

ලාභෙ ගැන හිතල අඩු මුදලට LED අරන් බල්බ හදපු අයට මේක වෙලා ඇති.කරන්න දෙයක් නෑ..හොඳ බල්බ අලුතින් යොදන්න.

4.බල්බ නැවත යොදන විට ඉක්මනින් පිලිස්සීයාම

මෙහෙම වෙන්නේ බොහෝවිට බල්බ පරිපතයට ධාරාව සපයන ප්‍රතිරෝධකයේ අගය අඩු වීමෙනුයි.එහි එක අන්තයක් පරිපතයෙන් පන්නා මල්ටිමිටරයෙන් පරික්ෂා කරන්න.අවුලක් නම් අලුතින් දාන්න.

තවත් ගැටළු ඇති කොමෙන්ට් කරන්න.

ඔබට ජය.!

3 comments:

  1. apita constant current drivers hadanna barida 48led bulbs walata?

    ReplyDelete
  2. LED බල්බ දැල්විමේ දී TV ඒකේ රූප අපහැදිලවේ. මෙයට හේතුව කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. menna me gataluwaya plethurak denakan..mamath balagena innawa..

      Delete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.