Wednesday, August 13, 2014

සුර්ය විදුලි ජනක සවි කිරීම ගැටළු හා විසදුම්..3

     ගොඩක් දෙනා මෙම පාඩම් මාලාවට ප්‍රිය කරනවා..ඒ බව මට නන් දෙසින් එන දුරකථන ඇමතුම් වලින් පැහැදිලි වෙනවා..සෑහෙන පිරිසක් මගෙන් අහන දෙයක් තමයි ඉන්වර්ටර් එක සවිකිරීම ගැන.නිවසකට කොච්චර වොට් ගණනක් සාමාන්‍යයෙන් ඕනද?එයින් ලබා ගන්නා විදුලිය නිවසේ විදුලි පරිපතයට සවිකරන්නේ කොහොමද?මොනවාද ක්‍රියාකරන්න පුළුවන් උපකරණ.?නිවසක සාමානය භාවිතයට නම් වොට් 500 ක එකක් උනත් ඇති.වැඩි වොට් ගණනක් ගන්න ගියොත් වැඩි මුදලක් වැයවෙනවා.ඒ නිසා වොට් 500 එකක් තෝරාගන්න.

කොහොමද ඉන්වර්ටරය බැටරියට සවිකරන්නේ..
ඉන්වර්ටරයේ එක පැත්තක ඇති + හා - ලෙස ලකුණු කල අග්‍ර දෙකක්.ඔයාලට ඉන්වර්ටරය එක්ක ලැබෙන රතු හා කලු වයර් දෙකේ සිදුරක් සහිත පැත්ත පිළිවෙලින් රතු වයරය + අග්‍රය වෙතටත් කළු අග්‍රය - අග්‍රය වෙතටත් සවිකරන්න.
එම වයර් වල අනික් පැත්තේ ඇති කිඹුල් ක්ලිප් දෙක නිවැරදිව බැටරියේ අග්‍ර වලට සවිකරන්න.දැන් ඉන්වර්ටරයේ ඇති ස්විච් එක ඔන් කරන්න.ඔබට පෙනේවි එහි ඇති ෆෑන් එකක් වැඩකරනවා..එකෙන් තමයි ඉන්වර්ටරය ඇතුලේ නිෂ්පාදනය වන තාපය පිටතට මුදා හරින්නේ.මෙහිදී  ඉන්වර්ටරයේ කොල පාට LED බල්බය දල්වුනොත් ඔබේ SOLAR පද්ධතිය නිවැරදිව ක්‍රියා කරන වබ දැන ගත හැක.එමෙන්ම රතු පාට බල්බය ද දැල්වේනම් කොතැනක හෝ දෝෂයක් ඇත.එය ඉන්වර්ටරයේ හෝ ඔබ ඉන්වර්ටරය මගින් ලබා ගතහැකි මට්ටමට වඩා වැඩි ධහරාවක් අදින උපකරණ සවිකර තිබෙන්නට පුළුවන.(ශීතකරණ වැනි)කොළ පති බල්බය දැල්වෙන විට පමණක් ඔබට ඉන්වර්ටරයේ 230V නිකුත් කරන සොකට් එකට පින් තුනේ ප්ලග් බේස් එකක් මගින් වයර් එකක් මගින් නිවසේ ප්ලග් එකකට සවිකළ හැක.

ඊට පෙර  නිවසේ ට්‍රිප් ස්විෂ් එක OFF කිරීමට වග බලාගන්න.එමෙන්ම ශීතකරණ,රෙදිසොදන මැෂින්,විදුලි ස්තිරික්ක,ප්ලග් වලින් ගලවා දමන්න.
දැන් ඔබට නිවසේ CFL/LED විදුලි බල්බ.රුපවාහිනි යන්ත්‍රය,ටේබල් ෆෑන්,රේඩියෝ,ආදිය ක්‍රියාත්මක කරන්නන්ට පුළුවන.සම්පුර්ණ ආරෝපණය වූ කාර් බැටරියකින් සාමානයෙන් වොට් නමයක් ඇති LED බල්බ 7 ක් පැය හයක පමණ කාලයක් දල්වා තැබිය හැක.ක්‍රමයෙන් බැටරිය බැසයත්ම ඉන්වර්ටරය ඉබේම ක්‍රියා විරහිත වන අතර ඊට මද වෙලාවකට පෙර එයින් බීප් හඩක් නිකුත්වේ.

ඔබට ජය!

1 comment:

  1. මම ඊ බේ එකෙන් ගෙන්නගත්ත 30A charging controller එකක් හා 1000W inverter එකක්.
    200W panel හයි කරන්න ප්ලෑන් එක. 100Ah Deep cycle batteries දෙකක් දාල.
    ෆ්‍රිජ් එකත් දුවන්න මදි වෙයිද? රෑට විතරක්.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.