Tuesday, August 12, 2014

CCTV කැමරා පිටස්තරයන් ලවා සවිකරන්නේ බලාගෙනයි..

දැන් ලංකාවේ බොහොමයක් ආයතන වල CCTV කැමරා පද්ධති සවිකර තිබෙනවා..බොහොමයක් දෙනා ඒවා සවිකරනේ පිටස්තරයකු ලවා ගෙනයි.මන්ද තමාට ඒ ගැන අවබෝධයක් නැති නිසා..එහෙත් ඔබේ මුල්‍ය ආයතයේ හෝ තම පවුද්ගලික ස්ථානවල CCTV කැමරා වෙනත් අයකු ලවා සවිකරන්නේ නම් ඔබ ඔහු ගැන දෙවරක් සිතා බැලිය යුතුය.එම CCTV සවිකරන පුද්ගලයාට ලංකාවේ හෝ ලොව කොතැනක සිටියත් ඔබේ ආයතනය ඔහුට අන්තර්ජාලයෙන් පරික්ෂා කළ හැකි බැවිනි.මන්ද අදාළ පුද්ගලයා ඔබේ CCTV ජාලයට අදාළ මුරපද හා ඩොමේන් නාම ඔහු සටහන් කර ගනී.ඔබ ආයතනේ
හිමිකරු නම් ඔබට CCTV සැකසුම් ගැන අවබෝධයක් නැතිනම් ඔබ එම පද්ධතියේ මුරපදහා වෙනත් සැකසුම් කල නොහැක.
දැන් භාවිතයට පැමිණ ඇති ඇතැම් CCTV පද්ධති වල ඩොමේන් පවා ලබා ගත යුතු නැත.එහි එන ID NUMBER එකක් තුළින් පහසුවෙන් අන්තර්ජාලයෙන් හා දුරකතනයෙන් සියලු කැමරා වල දර්ශන නැරබිය හැක.මේ අනුව පෙනෙන්නේ ඔබේ ආයතනය ඇතුලත හා පිටත ක්‍රියාකාරකම් මේ සම්බන්ද තාක්ෂනය දන්නා එය සවිකළ පුද්ගලයාට ලබා ගත හැකි බවය.මෙනිසා හෙටදින තාක්ෂණික ආයතනය ඔබට නිතරම කියා සිටින්නේ හැකි සෑම විටම තමාම තාක්ෂනය ඉගෙනගෙන අදාළ සැකසුම් ටිකවත් තමාම කරගන්නා ලෙසය.CCTV කැමරා සවිකරන එවැනි ආයතනයක මා දැනට වසර තුනකට පමණ පෙර පුහුණුවකට ගිය අවස්ථාවකදී, එවැනි තමන් CCTV කැමරා සවිකළ ආයතන කීපයකම සියලු ක්‍රියාවන් අපට පෙන්වීම මා ලද හොඳම සාක්ෂියයි.මා විසින් නිෂ්පාදනය කරන ලද CCTV කැමරා ස්ථාපන පැකේජ වල ඔබට අනාරක්ෂිත බවින් මිදීමට අවශ්‍ය සියලු සැකසුම් සකසන අයුරු ගෙනහැර දක්වා ඇත.
ඔබට ජය!

7 comments:

  1. බොහොම වැදගත් තොරතුරක්.
    සීසීටීවි සවිකරන්න අන්තර්ජාල පහසුකම අත්‍යවශ්‍යම නෑ නේද?

    ReplyDelete
  2. ස්තුතියි මේ තොරතුරට.

    ReplyDelete
  3. මගේ communication එකක් තියෙනවා .එකට cctv camara system එකක් දැනට සවි කර ගැනීමට මට මුදල් නැත .එනිසා එක camara වක් මගේ computer එකට සම්බන්ද කර භාවිතා කල හැකි ක්‍රමයක් කියා දෙන්න .jerad .

    ReplyDelete
  4. වටිනි තොරතුරක්

    ReplyDelete
  5. වටිනා තොරතුරක් ස්තුතියි

    ReplyDelete
  6. aluminum curtains rods are much lighter than those steel rods that we previously used- อุปกรณ์กล้องวงจรปิด

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.