Friday, August 29, 2014

සුර්ය විදුලි ජනක සවිකරමු..ගැටළු..හා විසදුම්..

  ගොඩක් අය අපේ බ්ලොග් එකේ ලිපි කියවලා සුර්ය ජනක හදල කියල ආරංචියි.සමහර අයට යොදන බැටරිය ගැන අවබෝයක් නෑ වගේ..නිවසකට නම් ඇම්පියර් 35 ක කාර් බැටරියක් ප්‍රමාණවත් වෙනවා..ඊට වැඩිය බැටරි ගණනක් සමානතරගතව සවිකරලා ලැබෙන ඇම්පියර් ගණන වැඩි කරන්න පුළුවන්.ඒත් එවිට සුර්ය පැනල වල වැඩි වොට් ගානක එකක් දාන්න වෙනවා..මතක
තියාගන්න ඇම්පියර් 35 ක කාර් බැටරියක් ආරෝපණයට ඇම්පියර් තුනකට වැඩි ධාරාවක් අවශ්‍ය  වෙනවා..එම සුර්ය පැනල ඔබට ගන්න පුළුවන් තැන් මම කලින් ලිපියෙන් දක්වා තිබෙනවා..බැටරිය ස්වයන්ක්‍රීයව ආරෝපණයට SOLAR POWER CHARGING CONTROLLER එකක් යෙදීම ඉතා වැදගත් වෙනවා..මේවා දැන් පිටකොටුවෙන් ගන්න පුළුවන්..ඇම්පියර් 20 ක එකක් රු 2800 විතර වෙනවා..මේ තියෙන්නේ එවෙගේ එකක්.ඒක තුල තියෙන විවිධ ඔප්ෂන් පහත පරිදි දක්වන්න පුළුවන්.
Solar controller12/24v solar controller for home use solar controller with 5v 1A USB output economical solar controller

  • Feature

1.Electrical system voltage identification.

2.System identification voltage after a few seconds,it display the current controller maximum output current. 

3.Overload protection, Low voltage protection, Overvoltage protection .

4.SW series solar charger has a total of 18 load control configuration mode for the user to choose from.

5.Load control mode 0 display.

6.Shows the load control mode(cycle approach).

7.2 shows the load control mode(Pure light-operated switch mode).

8.3 shows that the load control mode(electric drive,1-15 hours delay).

9.Set real time clock.

10.Mode 1 cycle to make an appointment time to adjust.

11.Load patterns memory function.
  • Technical Parameters:
1.     SMART,intelligent controller.
2.     Highly efficient,PWM controller.
3.     Reverse polarity & high/low voltage battery protection.
4.     Output current & short circuit protection.
5.     LED display shows system status at all times.
6.     ON/OFF load switch at front of controller for convenience.
7.     Available in 12V/24V 10A 20A 30A
තවත් අවුලක් තමයි සුර්ය පැනලය ආලෝකය ලැබෙන දිශාව අනුව තැබිය යුතු වීම.හිරු ආලෝකයට අංශක අනුවකට කෙලින්ම නිරාවරණ වීමට සැලැස්වීමට හැකිනම් එය වඩා කාර්යක්ෂම වෙනවා..ඉතින් මම කියලා දෙන්නම් ස්වයංක්‍රීයව හිරු එලිය දෙසට හැරෙන පැනලය සකස් කර ගන්නා හැටි..තවත් දෙයක් තමයි පැනලය දැඩි ලෙස රත් වීම.මෙය පාලනය කිරීමටත් ලේසි ක්‍රමයක් තියෙනවා ඔක්කොම කරුණු තවත් පොස්ට් එකකින් කියා දෙන්නම්..

ඔබට ජය!

10 comments:

  1. හොද SOLAR POWER CHARGING CONTROLLER එකක නමක් කියන්න
    eBay එකේ තියෙන්නෙ ගොඩක් fake ඒවා... USED වුනත් කමක් නෑ

    ReplyDelete
    Replies
    1. oyaa web ekak karanavaa da? apith ekka set venna enna.

      Delete
  2. soler panel එක වැඩ කරන්නේ ආලෝක ශක්තියෙන්ද, තාප ශක්තියෙන්ද?

    ReplyDelete
  3. වොට් 100 ක පමණ පැනළයකින් ඇම්පියර් 60 battery 2ක් පැරැරල් ක්‍රමයට සම්බන්ද කර charge කල හැකිද .
    solar panel වල හොඳම brand එක මොනවද කියන්න .

    ReplyDelete
  4. වොට් 100 ක පමණ පැනළයකින් ඇම්පියර් 5 පමණ තමයි ලැබෙන්නෙ.... ඇම්පියර් 60 battery 2 ක් charge කරන්න බැරි වෙයි.... solar panel වැඩි කර (වොටි ගණන) ඇම්පියර් ගණන වැඩි කරගන්න

    solar panel වල බලන්නෙ brand එ‍කෙන් නෙවෙයි Cell Type එ‍කෙන්

    හොඳම PolyCrystalline

    ReplyDelete
  5. මමත් ගෙදරට වොට් 200ක විතර සිස්ටම් එකක් හදන්න ලෑස්ති වෙන්නෙ. පැනල් ලංකාවෙන් ගන්නව. charging controller and inverter ebay එකෙන් ගෙන්නුව. Deep Cycle battery ලංකාවෙන් හොයාගන්න ඕනෙ. ඒව තමා හොයන්න අමාරුම.
    කඩවත ලලිත් කියල කෙනෙක් ඉන්නව. එයාගෙ පැනල් ගණන් අඩුයි. ඉක්මන් එකේ ඇඩ් එකක් තිබ්බ. 12V bulb, fan, motors එහෙමත් එයා ගාව තියෙනව.
    https://ikman.lk/en/ad/solar-panel-70w-for-sale-gampaha

    බැටරි ටිකක් අඩුවට එකක් සෙට් උනා ඉක්මන් එකේ. අලුත් ඇඩ් එකක්. HiveTech කියල එකක්. පොඩ්ඩක් බලන්න.
    https://ikman.lk/en/ad/deep-cycle-ups-battery-solar-for-sale-colombo
    ස්ටොක් එක book වෙන්න ඉස්සෙල්ල එකක් ඕඩර් කරල තියන්න. මාර්තු වලලු බැටරි එන්නෙ.
    මමත් දෙකක් ඕඩර් කළා.

    ReplyDelete
  6. https://btunecreation.blogspot.com/2018/10/off-grid-solar.html?m=1

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.