සුර්ය විදුලි ජනක නිෂ්පාදනය ගැන මා පලකල පසුගිය පොස්ට් එකෙන් පස්සේ විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී තිබෙනවා.ඉතිං ගොඩක් අයට තියෙන ගැටළු වලට පිලිතුරුත් අරන් පොස්ට් එකක් දාන්න හිතුනා..බලන්න ඔබේ ගැටලුවටත් පිළිතුර ලැබුනාද කියලා...
1.කොච්චර ලොකු පැනල එකක් භාවිතා කරන්න ඕනද?
මෙය තීරණය වන්නේ ඔබට අවශ්‍ය වන වොට් ගණන අනුවයි.සාමන්‍ය නිවසකට වොට් 500 ක් තිබුනත් ඇති.වොට් පන්සීයක ඉන්වර්ටර් එකක් කාර් බැටරියකින් ක්‍රියාත්මක ක්රන්නටනම් අඩුම තරමේ 60w සුර්ය පැනලයක් අවශ්‍ය වෙනවා..එකෙන් නිකුත් වන ධාරාව අවම වශයෙන් ඇම්පියර් තුනට වඩා වැඩි වෙන්න ඕනා..එහෙත් ඔබ ups බැටරියක් භාවිතා කරනවා නම් අඩු වොට් ගණනක් ඇති පැනලයක් යොදා ගත හැකියි.එම සියලුම පැනල වල පිටවන වොල්ටිය තාව 18v වෙන්න ඕනා..
2.සුර්ය පැනලය කෙලින්ම බැටරියට සවි කරන්න බැරිද?
පුළුවන්.. හැබැයි බැටරියේ ආයු කාලය ඉක්මනින් අඩුවෙනවා..over charging වුනොත් බැටරියට හානි වෙනවා..බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය උනාද කියාලා බලන්න ක්‍රමයක් තියෙනවා..ඒක ටිකක් කරදර වැඩක්..ඔය බැටරියේ උඩ පැත්තේ ඇති ගලවන්න පුළුවන් මුඩි කිහිපයක්..එතනින් බැලුවාම පෙන්නේ බැටරි වතුර.බැටරිය සුර්ය ආලෝකයෙන් හොඳට ආරෝපණය වුනාම බැටරි වතුර තුලින් පුංචි වායු බුබුළු පිටවෙනවා..එවිට සුර්ය පැනලය විසන්දි කරාම හරි..ඒ ත් කාටද පුළුවන් බැටරිය ට හැමවෙලාවෙම මේවා සවිකර නැවත ගලවමින් සවිකරමින් කර කර ඉන්න.අපි එක ස්වයංක්‍රීයව සිදුවෙන්න තමා solar chaging controller එක යොදා ගන්නේ..එකෙන් බැටරිය උපරිම ලෙස ආරෝපණය සිදුවී ඇති විට ඉබේම පැනල ධාරාව බැටරියට ගැලීම කපා හරිනවා..
3.වොට් 60 ක පැනලයක් කියක් විතර වෙයිද?
සාමානයෙන් මෙවැනි පැනලයක් දැනට රු.6000.00 ක් පමණ වෙනවා..solar controller එකක් රු.2500.00 ගන්න පුළුවන් ඇම්පියර් 30 ක එකක්.
4.කොපමණ විදුලි උපකරණ ප්‍රමාණයක් භාවිතා කරන්න පුලුවන්ද..
සාමානයෙන් වොට් 500 ක ඉන්වර්ටරයක් හා කාර් බැටරියක් යොදා ඇති නම් ඔබට වොට් 9 cfl බල්බ 7 ක් හෝ 9w led බල්බ 10 ක් පැය අටක පමණ කාලයක් දල්වා තැබිය හැක.
5.controller ගන්නේ කොහෙන්ද??
පිටකොටුවෙන් ගන්න පුළුවන්..ඕන අයට මට අන්තර්ජාලය හරහා ගෙන්වා දෙන්නත් පුළුවන්..
ඔබට ජය!
60w සුර්ය පැනලයක් අවශ්‍යයි. පිටකොටුවෙන් ගන්න පුළුවන් තැනක් කියන්න.
ReplyDeleteහෝ පහත ලිපිනයට එවන්න
d.teccreations@gmail.com
Thanks
පහත ස්ථානයට යන්න
ReplyDeleteUnitech trading
No 15,
1 st Cross street,
colombo 11
011 233 41 00
Thanks Brother
Deleteමේකට archive එක දාන්නකෝ. ලිපි හොයාගන්න කරදරයිනේ.
ReplyDelete35AH bettery yak aropanaya kirimata kopamana agayaka solor panalayak awashayada
ReplyDelete