Wednesday, August 6, 2014

ඉලෙක්ට්‍රොණික පන්තිය අලුත්ම පාඩම..

 හෙටදින අඩවිය මගින් කියාදෙන ඉලෙට්‍රොණික පාඩම් මාලාවට ට්‍රාන්සිස්ටරය ගැන කියලා දෙන්නයි.මේ සුදානම.අද ලෝකයේ භාවිතා කරන ඉලෙක්ට්‍රොණික උපකරණ දිහා බැලුවම අපට ට්‍රාන්සිසිටරයක් නැති
උපකරණයක් හමුවන්නේ ඉතා අඩුවෙන්.ට්‍රාන්සිසිටරය ගැන ඉතා ඉහල තාක්‍ෂණ දැනුමක් ඇති තොරතුරු ඉදිරිපත් කළ හැකි වුවත් ඔබට තේරුම් ගත හැකි ලෙස සරල අවශ්‍යම කොටස් පමණක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.



ට්‍රාන්සිස්ටරය කියන්නේ මොකක්ද?

මෙය ඉලෙක්ට්‍රොණික  උපාංගයක්.අර්ධ සන්නායක කොටස් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය මගින් හා ලෝහ කොටස් වලින් පාද තුනක් සහිතව නිපදවා තිබෙනවා.විවිධ හැඩවලින් හා විවිධ වර්ණවලින් යුතුයි.

ට්‍රාන්සිස්ටරයෙන් කරන කාර්යය කුමක්ද?

ට්‍රාන්සිස්ටරයක් මගින් කරනේ විදුලි   ධාරාවක ගමන පාලනය කිරීම.ඒ කියන්නේ එයට පුළුවන් ඕන නම් සුවිචයක් ලෙස ක්‍රියාත්මක වෙන්න.තවත් අවස්තාවක දී ගලන ධාරාවක වර්ධනයක් කරන්න පුළුවන්.එනම් සුළු හා දුර්වල ලෙස ඇති විදුලි signal එකක් විශාල signal එකක් බවට වර්ධනය කරන්න පුළුවන්.ඩිජිටල් සිග්නල් ලබා ගැනීමටත් මෙය භාවිතා වෙනවා.ඩිජිටල් සිග්නල් වන 0,1යන අවස්ථා ඇති කරන්නේ ට්‍රාන්සිස්ටර on/off කිරීමෙන් ලබා ගන්නා සිග්නල් මගින්.අප භාවිතා කරන පරිගණකවල ප්‍රොසෙසරවල  ට්‍රාන්සිස්ටර දහස් ගණනක් තිබෙනවා.ඒවා අවශ්‍ය පරිදි on/off වීමෙන් තමයි සියල්ල සිදුවන්නේ.පහත උදාහරණයෙන් බලන්න ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාව තේරුම් ගත හැකියි.

ට්‍රාන්සිස්ටර් වර්ග මොනවාද?

ප්‍රධාන කොටස් දෙකකි.
1.PNP ට්‍රාන්සිස්ටර
2.NPN ට්‍රාන්සිස්ටර


මේවායේ සංකේත මගින් එහි වෙනස හදුනා ගන්න.මෙම වර්ග වල පාදම අග්‍රය මල්ටිමිටර ආදියෙන් පරික්ශා කරන විට  වෙනස් වෙනවා එය දැනට මතක තබා ගන්න.ට්‍රාන්සිස්ස්ටර මල්ටිමිටරය ආධාරයෙන් පරික්ෂා කරන අයරු ඊළඟ පොස්ට් එකෙන් කියලා දෙන්නම්..

ඔබට ජය.!

2 comments:

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.