Saturday, September 27, 2014

සුර්ය විදුලි ජනක නිර්මාණය ගැටළු හා විසදුම්.

  අපේ පොස්ට් පෙළ කියවලා විශාල පිරිසක් නිවාස වලට සුර්ය ජනක සවිකර ගත්තා කියලා මට කතා කරලා කිව්වා..ගොඩක් අය මට බනිනවා මේ දැනුම නිකන් දෙනවා කියලා..හෙටදින ආයතනය පටන් ගත්ත දා ඉඳන් අපි නිකන් දුන්නේ මෙය විතරක් නොවෙයි.මම කුඩා කල සිටම විදුසර විද්‍යා සගරාවට විද්‍යාත්මක ලිපි ලියා ලබා ගත් පරිචය මේ හැම එකටම ඉවහල් උනා කිවොත් නිවැරදියි.එදා මම මුලින්ම විදුසර සඟරාවේ ලිපියක් පලකරනවිට මා අටවන වසරේ සිසුවෙක්.අපට අපේ ගුරුවරු ඒ කාලේදී කියලා
දුන්නේ තමන් දන්න දේ අනික් අයටත් කියලා දෙන්න කියලා එවිට තමයි කිවුවා ශිල්පය පිහිටන්නේ.අපට එකල සිට අපේ දැනුම සන්නද්ධ කරන්නට අපට ඇත දුන් විද්‍යා ගුරු එච්.එම්.සිසිර කුමාරසිරි මහතාට අපේ හෙටදින සුභපැතුම් එකතු කරන්නේ හද පිරි සතුටින්.එදා ඒ අය අපේ ලිවීමේ කලාවට අත දුන්නේ නැතිනම් අද ඔයාලට මේ වගේ ලිපි කියවන්න ලැබෙන්නේ නැහැ.

1.ඉන්වර්ටරය වොට් කීයක එකක් ගන්න ඕනද?ගොඩක් දෙනා අහන ගැටලුවක්.
එය තීරණය වන්නේ ඔයාල නිවසේ බාවිතා කරන විදුලි උපකරණ අනුව.නිවසේ ඔක්කොම බල්බ් වලට LED බල්බ දාලනම්,සුර්ය විදුලි ජනකය භාවිතා කරන්නේ ආලෝකය සඳහා පමණක් නම් වොට් 350 ක එකක් හොඳටම ඇති.ඔයාල දාන්නේ led බල්බ කීපයක් නම් (වොට් හතේ ඒවා පහක්)විතර නම් ඕකට වොට් 100 ක් ඉන්වර්ටරයක් උනත් ඇති.මතක තියා ගන්න වොට් 500 ක ඉන්වර්ටරයක් බැටරියට සවිකලාම එකෙන් AC ධහාරාවක් ලබා නොගන්නා විට ඉන්වර්ටරයට මිලිඅම්පියර් 300 ක විතර ධාරාවක් බැටරියෙන් ඇද ගන්නවා..ඉන්වර්ටරයේ වොට් ගාන වැඩිවෙන කොට මේ අගය තවත් වැඩි වනවා..ඒ කියන්නේ වැඩි වොට් ගණන් සහිත ඉන්වර්ටර් සවිකලාම විදුලිය අපතේ යනවා කියන එකයි.ඒ නිසා ගෙදරට ඕනා විදිහට එකක් ලබා ගන්න.ඕනම අයකුට අපෙන් ඒවා ගෙන්වා ගන්න පුළුවන් අපේ hetaina@gmail ලිපිනයට අවශ්‍ය දේ එවුවාම අපි කතා කරන්නම්.

2.හිටපු ගමන් ඉන්වර්ටරයේ රතු පාට led එක පත්තු වෙනවා..ඊට පසු ටික වෙලාවකින් ac out off වෙනවා..
මේක අවුලක් නෙමේ.ඉන්වර්ටරය ඉබේම බැටරිය බසින විට ධාරාව පිටකිරීම නවතා දමනවා.එසේ off වීමට මද වෙලාවකට කලින් එලාම් එකක් නිකුත් කරනවා..ටික වෙලාවකින් ඉබේම off වෙනවා.මෙහෙම වෙන එකින් බැටරිය ආරක්ෂා වෙනවා.ඔයාලා ගාව ඩිජිටල් මල්ටි මීටර ඇති.එකේ dc පාරසයට(20V) සිලෙක්ටර් එක දමලා ඉන්වර්ටරය වැඩ කරන වෙලාවට බැටරියේ අග්‍ර වල වෝල්ටීයතාව පරික්ෂා කරන්න.මට ලැබුනේ මෙන්න මේ අගයන්.

බැටරිය බැස ඇතිබව දක්වන එලාම් එක වදින විට වෝල්ටීයතාවය 10.v-11v දක්වා.
ඉන්වර්ටරය off වෙන වෙලාවේදී බැටරි වෝල්ටීයතාව 9.7-10.3 දක්වා

තවත් දෙයක් තමයි ඉන්වර්ටරයට වැඩි වෝල්ටීයතාවක් ලැබුනොත් ඒත් ඉබේම off වෙනවා.14.5-15.5 අතර ආවොත් off වේවි.


3.TVඑක on කරන විට සමහර වෙලාවට ඉන්වර්ටරය අඩු වෝල්ටීයතාව පෙන්වමින් off වෙනවා..
මෙහෙම වෙන්නේ බැටරිය තරමක් බැස ඇති විට.CRT මොනිටර සහිත රුපවාහිනි වල ඔන් කරන විට විශාල ධාරාවක් ලබා ගන්නවා..එවිට එම ධාරාව ලබා දෙන්න බැටරිය ප්‍රමාණවත් නැතිනම් එහෙම OFF වෙනවා.ඔය CRT මොනිටර වල ඔයාල දැකල ඇති ටියුබ් එක වටේ ලොකු කොයිල් එකක් තියෙනාවා.ඕක ක්‍රියාත්මක වන්නේ TV එක ඔන් කරන විට එවිට විශාල ධාරාවක් ක්ෂණිකව අදිනවා.එම කොයිල් එකෙන් කාර්ය තමා තිරය මත ඇතිවන වර්ණ ලප ඉවත් කිරීම.

ඔබට ජය!

3 comments:

  1. obata apen suba pathum.......

    ReplyDelete
  2. නියමයි. දිගටම ලියන්න.. සුබ පැතුම්.

    ReplyDelete
  3. meමට හෙම අදහසක් ටියෙනව. ඒත් ඒක කොච්චර ප්‍රයොගිකඩ කියල මන් දන්නෙ නෑ. Induction cooker කියල cooker එකක් තියෙනව. ඒක ගෑස් ලිපකටට් වඩා ඉක්මන් ඒවගේම ගොඩක් ලාබදායකයි.ඒක වැඩ කරන්නෙ විදුලියෙන්. අපිට ඒක මේ සොලර් ජෙනෙරටරේ එක්ක පාවිචි කරන්න පුලුවන් වෙයිද? පුලුවන් උනොත් කවදාවත් gas වලට සල්ලි යන්නෙ නෑ.නිකන් උයන්න පුලුවන්. මේ ගැන පොඩ්ඩක් බලන්න අයියා...ජයවේවා හෙටදිනට මේ කරන සේවයට.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.