Monday, September 15, 2014

මේස ෆෑන් එක කැඩුනොත් අපිම හදා ගමු..


 ඔයාලගේ ගෙවල් වල ඕන තරම් ඇති කැඩුණු මේස ෆෑන්..ගොඩක් අඩු මිලට table ෆෑන් මිලදී ගත්තත් ඒවා ටික කලක් යන විට අක්‍රිය වෙනවා..ඕවා කොහෙවත් අරන් යන්න ඉතින් හැමෝටම වෙලාවක් නැනේ..ඉතින් මම කියලා දෙන්නම් ඔයාලට ගෙදර මේස ෆෑන් එකේ අවුලක් ආවොත් හදා ගන්න හැටි..ඔයාල මතක් කරලා බලන්න මොනවාද ඔයාලගේ ෆෑන් එකේ ආපු ලෙඩ කියලා.ගොඩක්
දෙනෙක් අත් දැකලා ඇති ෆෑන් එක ටික කලක් යනවිට ඒක කැරකෙන්නේ ඕනවට එපාවට වගේ..සමහර වෙලාවට පෑනකින් වගේ එකකින් තල්ලුවක් දාල තමයි..කරකැවීම පටන් ගන්නේ..මෙහෙම වෙන්නේ ඇයි..කාලයක් යනවිට ෆෑන් එකේ තියෙන කැපෑසිටරය ක්‍රමයෙන් අක්‍රිය වෙනවා..එවිට ෆෑන් එක ආරම්ඝ වීමට අපහසු වෙනවා..ඒ විතරක් නමෙයි හති දමමින් තමයි ෆෑන් එක කැරකෙන්නේ..ටික දිනක් යන විට ෆෑන් එක කැරකීමට තල්ලුවක් දැමීමට සිදුවෙනවා..නැතිනම් හම් ශබ්දයක් ඇතිව ෆෑන් එක නිශ්චලව තිබේවි..පැය කිහිපයක් එහෙම තැබූ විට මොකද වෙන්නේ..ෆෑන් එකේ මෝටරේ කොයිල් පටන් ගන්න තැන තියෙනෙවා විලායකයක්..ඒක තාප සංවේදී එකක්..එය කළු පාට හෝ දුඹුරු පාට කුඩා හතරැස් වගේ එකක්..ඉතින් ඕක අදික ලෙස රත් වුනොත් දැවී යනවා..එවිට මෝටරය කොහොමවත්ම ක්‍රියා කරන්නේ නැහැ..කොයිල් කම්බි වලට හානි නොවෙන්න එම fuse එක අලුතින් දන්න ඕනා..ඒ විතරක් නොවෙයි කැපෑසිටරය අලුතින් දාන්න..






සාමාන්‍යයෙන් මෝටරයේ වයර් හතරක් එලියට එනවා ඔබට පෙනේවි.එම වයර් වල කළු වයර් එක නිවුටල් එක..ඒකට මල්ටිමිටරයේ එක අග්‍රයක් ස්ථිරව තබා අනික වෙන වෙනම තබා පරික්ෂා කරන විට(ඕම් පාරාසයේදී) හැම එකකින්ම ඕම්ස් ගානක් පෙන්නන්න ඕනා..එහෙම වෙන්නේ නැත්නම් එක්කෝ තාප සංවේදී fuse එක දැවී ගිහින් නැතිනම් කොයිල් එකේ කොතනින් හරි දැවී ගිහින්..fuse එක නම් එක අලුතින් දාන්න..කොයිල් එක නම් ඒක ඔයාලට කරන්න බැහැ..ඉලෙක්ට්‍රොනික් අලුත්වැඩියා කරන තැනකට ගෙනියන්න වෙනවා...ගොඩක් වෙලාවට කොයිල් එක දැවී යන්නේ නැහැ..අනික මෝටරයට ඔයිල් දමා එහි සුමට ක්‍රියාකාරිත්වය තබා ගැනීමත් ඔබේ වගකීමක්..
ඔබට ජය..

2 comments:

  1. නියමයි අදහස,, ස්තුති

    ReplyDelete
  2. අනේ සිසිර අර සැටලයිට් පාඩම් දාන්නකෝ

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.