Thursday, October 9, 2014

LED බල්බයක් විනාඩි දෙකෙන් හදමු..

  අපේ බ්ලොග් එකේ කට්ටිය පට ගාල LED බල්බ හදනවා කියල ඇමතුම් ලැබෙනවා..ගොඩක් අය අහන්නේ ඉක්මනින් හදන්න පුළුවන් බල්බ ගැන.ඒ හැමෝටම හරියන්න තමයි මේ පොස්ට් එක.මම අද කියලා දෙන්නම් 3W LED බල්බයක් විනාඩි දෙකෙන් හදා ගන්න හැටි.හරිම සරලයි.මේකේ තියෙන්නේ SMD වර්ගයට අයත් LED ඒවා ප්ලේට් එකට පාස්සලා එන නිසා වැඩේ ලේසියි.400V
Condenser එක හා  50 uf එකත් වයර් කැබලි දෙකක් විතරයි පාස්සන්න තියෙන්නේ.ඕකට පොට සහිත ඇඩප්ටරය ගන්න එතකොට වැඩේ ගොඩක් ලේසියි.ඇඩප්ටරය ඇතුලින් වයර් එකේ කම්බිය කුඩා සිදුරින් එලියට ඇර ගෙන ඔබට ලැබෙන කුඩා ඇණය එම කම්බිය සිරවන පරිදි සවිකළ යුතු වෙනවා.අනික් වයරය ඇඩප්ටරය හා ස්පර්ශ වන පරිදි ප්ලාස්ටික් කොටසේ කට්ටය තුලින් එලියට ගන්න.දැන් ඇඩප්ටරය හොඳින් තද කරන්න.මම මේ දාල තියෙන පින්තුර අනුව වැඩේ කරන්න.led බල්බ හදන ආධයුනික කට්ටියට මේ බල්බය ලේසියෙන්ම හදා ගන්න පුලුවන්.ගෙදර තියෙන වෝල් ලාම්පු වලට මෙය කදිමට ගැලපෙනවා.බලන්න සවිකරලා නියම සුදු ආලෝකය ලැබේවි.මේ බල්බයකට වියදම රු 110 ක් විතරයි.පිටකොටුවේ වික්‍රමප්ලාසා එකේ ඩිජිටල් එකේ ඔය බල්බ් එක ගන්න තියෙනවා. ඔබට අර සුත්‍රිකා පහන් වලින් එන කහ පාට කණ එළියට ආයුබෝවන් කියන්න හොඳම කාලයයි මේ.










ඔබට ජය. 

3 comments:

  1. meke power saving ekai, aluminiyam ekata ena driver eke circuit eke power saving ekai atare wenasak tyenwada

    ReplyDelete
  2. මේ බල්බ් එක හදන්න ඕනෙ බඩු ටික ගෙන්න ගන්න විදියක් නැද්ද? මම අනුරාධපුරේ ඉන්නෙ

    ReplyDelete
  3. meke heat zink ekak nathi nisa aulak nadda?

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.