Sunday, October 5, 2014

LED බල්බ වල ඇඩප්ටරය සවිකරන්න පහසු ක්‍රමයක්..

LED ADAPTER
     ඔයාල දැන් අපේ බ්ලොග් එක අද්‍යනය කරලා LED බල්බ හදන්න පටන් අරං කියල ආරංචි නිතරම මට ලැබෙනවා..ලංකාවෙන් විතරක් නෙමෙයි පිට රට ගිහින් ඉන්න අපේ රටේ සිංහල කට්ටියත් වැඩේට බැහැලා කියලා මට දන්වලා තියෙනවා..බ්ලොග් එක කියවලා විතරක් LED බල්බ හදන්න පටන් ගත්ත අය දහසකට වැඩියි..මට වැඩේ පටන් ගත්ත හුඟ දෙනෙක් තැන්ක්ස් කරලා ඊමේල් කරලා තිබුනා..ඒ හැමෝටම රිප්ලයි කරන්න බැරි වුනාට සමා වෙන්න.ගොඩක් අයට බල්බය හදන කොට ඒකෙ ඇඩප්ටර
කොටස ප්ලාස්ටික් කොටසට සවිකර ගන්න ගියාම ටිකක් අවුල් වගේ.කට්ටිය කතාකරලා අහනවා..සුපර් ග්ලු වලින් හරි මල්ටිබෝන්ඩ් වලින් අලවන්නද කියලා..ඒක අවුලක් නෑ..ඒත් අපි මොකටද ඒකට වියදම් කරන්නේ..ඒකත් නිකම්ම කර ගන්න කියලා දෙන්නම් ක්‍රමයක්..මේ විදිහට ඇඩප්ටර් සවිකරන උපකරණ මිලට ගන්න තියෙනවා..එවැනි එකක් රු.5000 ක් විතර වෙනවා..මොටද ඉතින් නිකං අත පුච්ච ගන්නේ..සුළු පරිමාණයෙන් කරන අයට ඉතා පහසු වැඩක් තමයි මේක..මීටත් වඩා සරල ක්‍රම ඔයාලා දැනට කරනවා නම් දන්වන්න.හැබැයි නොමිලේම කරගන්න ක්‍රම විතරයි..
මෙයට අවශ්‍ය වෙන්නේ අඟල් දෙකක පමණ කොන්ක්‍රීට් ඇණයක්,LED බල්බයේ ඇඩප්ටරයට සවිවන ප්ලාස්ටික් කොටසේ ඇතුළත විෂ්කම්භයට සමාන අඟල් හයක පමණ වියළි ලි කැබැල්ලක්..බරින් අඩු මිටියක්.පමණයි.ලි කැබැල්ල ප්ලාස්ටික් කොටස තුළට හොඳින් තදවන පරිදි ඇතුළු කරන්න.
පසුව ඇඩප්ටරය ප්ලාස්ටික් කොටසට ඇතුළු කර ඇණය මගින් එහි කෙළවර කුඩා සිදුරු සාදන්න.මිටිය මගින් ඇනයට සෙමින් තට්ටු කිරීමෙන්.
තදින් ගහන්න එපා ප්ලාස්ටික් කොටස පුපුරයි.ඉතා හොඳින් සවිවිමට ඇඩප්ටරය වටා පස් පොළකින් පමණ සිදුරු විදින්න.
ඔබට ජය!

4 comments:

  1. ඕකට සරල ඇටවුමක් හදා ගන්න බැරි වෙන එකක් නෑ ලෝහ වලල්ලක් වටේට ඉස්කුරුප්පු ඇණ තුනක් හතරක් දාල රිවට් කරන්න වගෙ. ඇණ අග උල් කරල අරගෙන හදා ගත්ත නම් තද කරන කොට රිවට් වෙන විදිහට.

    ReplyDelete
  2. මම කොළබින් ගත්තු සමහර led driver වලින් හදපු LED Lamp දැල්වෙන විට FM radio signal සහ රූපවාහිනි signal අවුල් වෙනවා .එහෙම නොවෙන driver ත් මට ලැබුණා .නමුත් 2 ම එක වගෙ .මේ ගැටලුව තියෙන driver 1ක හොයාගන්න ක්‍රමයක් තියෙනවද. jerad.

    ReplyDelete
  3. out put voltage akata smoothing capacitor akak dala balanna

    ReplyDelete
  4. සුපිරි අයියේ...වොට් 12 ක එකක් හදන්න කීයක් විතර,යයිද??

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.