Friday, October 17, 2014

ඔබේ දුරකතනයේ බැටරියේ හැටි මෙන්න..

   අප වෙබ් අඩවිය මගින් ජංගම දුරකථන අලුත්වැඩියා කිරීම ගැන පාඩම් මාලාවක් ආරම්භ කළා ඔබට මතක ඇති.පසුගිය දින වල එහි ඉතිරි පොස්ට් ටික ලියන්න වෙලාවක් තිබුනේ නෑ..මම ඔයාලට ඒ සියල්ල ටිකටික කියලා දෙනවා.අපිත් එක්ක ඉන්න. අදත් ටිකක් ලිවුවා..මෙන්න ඔබේ දුරකතනයේ බැටරියේ හැටි..
සාමාන්‍යයෙන් ජංගම දුරකථන වල භාවිතා වන බැටරි වර්ග කීපයකි.

1.ලිතියම් අයන් බැටරි.
2.ලිතියම් පොලිමර් බැටරි.
3.නිකල් කැඩ්මියම් බැටරි.
සාමාන්‍ය දුරකථන වල ඇත්තේ ලිතියම් අයන් වර්ගයේ බැටරිය.tab වර්ගයේ පරිගණක වල ත්තේ ලිතියම් පොලිමර් වර්ගයේ බැටරිය.
බැටරියක අග්‍ර කීයක් තියෙනවාද?
අග්‍ර තුනකි.ධන ඍන හා BSI ලෙස.ඔබට බැටරිය පරික්ෂා කල විට එහි අග්‍ර 3 ක් නිරික්ෂණය කල හැකි වනු ඇත.එම අග්‍ර පිහිටන පිළිවෙල බැටරියෙන් බැටරියට වෙනස් විය හැක.එය බොහෝ විට බැටරිය මත මුද්‍රණය කර තිබේ.BSI යනු.(Battery site indicator) යන්නයි.එමගින් කරනුයේ බැටරියේ ආරෝපණ වෝල්ටීයතාව පිළිබඳව අදහසක් ප්‍රොසෙසරය වෙත ලබා දීමයි.බැටරිය තුල පවතින විදුලි ප්‍රමාණය,ආරෝපණ මට්ටම,බැටරිය බැස ඇති බව සියල්ල මෙම අග්‍රය හරහා දුරකතයේ ප්‍රොසෙසරයට ලබා දේ.

සාමාන්‍යයෙන් බැටරියක වෝල්ටීයතාවය 3.7v වේ.
බැටරිය 2.9 v පමණ වන විට චාජරය මගින් ආරෝපණය කල නොහැක.එවිට එය යතාතත්වයට පත් කිරීමට වෙනම ක්‍රමයක් ඇත.එය පසුව කියා දෙන්නම්.4.2 v පමණ දක්වා ආරෝපණය වුවහොත් දුරකතනයේ power ic වලට හානි පැමිණේ.BSI අගය වල දෝෂ ඇතිනම් පහත දෝෂ ඔබේ දුරකතනයට උරුම වේ.
1.දුරකතනය ON කිරීමට නොහැකි වේ.
2.INSERT SIM ලෙස පණිවිඩයක් තිරය මත පෙන්වයි.
3.NOT CHARGING ලෙස පෙන්වයි.
4.ඔන් කර සිග්නල් ලැබෙන විටම OFF වී යයි.
5.ඇමතුමක් ගන්නා විට OFF වී යයි.
මේවට බොහෝ විට හේතුවන්නේ BSI අග්‍රයේ පවතින දුර්වල සම්බන්දතාවයි.මකන කැබැල්ලක් මගින් එම අග්‍රය හොඳින් පිසදා නැවත බැටරිය සවිකරන්න.බොහෝ විට දෝෂ මග ඇරේ.එමන්ම සම්බන්ධක අග්‍ර හොඳින් තදවේදැයි බලන්න .අවුලක් නම් ඒවා තද කර බැටරිය නැවත සවි කරන්න.
දුරකථන බැටරිය බිම වැටීමෙන් හෝ නිතර නිතර ආරෝපණය කිරීමෙන් එහි ආයු කාලය අඩුවේ.අදික වෙලාවක් බැටරිය ආරෝපණය කළහොත් බැටරිය නිතැනින්ම විනාශවේ.තවත් බොහෝ දේ ඊළඟ දුරකථන අලුත්වැඩියාව පොස්ට් එකින් කියාදෙන්නම්..
ඔබට ජය!

4 comments:

  1. (Battery site indicator) යන්නයි.එමගින් කරනුයේ බැටරියේ ආරෝපණ වෝල්ටීයතාව පිළිබඳව අදහසක් ප්‍රොසෙසරය වෙත ලබා දීමයි.

    බොහෝ ප්‍රචලිත, රු 20 කොලයෙන් ආරෝපණය කිරීම, / කඩදාසි කොලයෙන් ආරෝපණය කිරීම, යන ක්‍රියාවලියේදී සිදුවන්නේ BSI දත්ත ප්‍රොසෙසරයවෙත යැවීම තාවකාලිකව නතර කිරීමද?
    එමෙන්ම එහිදී වෙන්කල ආරෝපණය ‘Reserved Power’ (මා අසා ඇති පරිදි ) භාවිතයට ගැනීමක් සිදුවෙනවාද?

    ReplyDelete
  2. harima watinawa oyage me wade mahathmaya.. godak dewal danagaththa meken man. bohoma sthuthi..

    ReplyDelete
  3. වටින ලිපියක් 1 comments එකෙන් අහලා තියෙන දේත් පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද ?

    ReplyDelete
  4. aluthma phone ekaka bettery 2 kama ekama dawase weda karan nethuwa giya ekata hethuwa kiyanna puluwanda den phone eka on wen ne bettery charge wenneth nehe hethuwa pehadili karanna

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.