Saturday, November 8, 2014

මදුරුවාට කරන්ට් වදින හැටි..

  නිවෙස් වල අපට එපාකරපු සතෙක් තමයි මදුරුවා..රෑ වෙන කොට නිවසට එන මදුරුවන් නිසා අපට වන හිරිහැරය සුළුපටු නෑ..ඩෙංගු වගේ මාරාන්තික රෝග බෝ කරන්නත් ඔය කියපු කට්ටිය උදවුවෙනවා..ගෙදර මදුරු මර්දනයට කොපමණ ක්‍රම තිබුනත් ඒවායින් එතරම් ප්‍රතිපලයක් නෑ කියල ඔයාලට සමහර විට සිතිල ඇති.මදුරු දඟර පත්තුකලාම සමහර අයට  අසාත්මිකතා ඇතිවෙනවා..අර ප්ලග් එකට ගහන දියර අඩංගු උපකරණය සවිකාලම ත් සමහර යට එහෙම වෙනවා..මේ එකක්වත් කරදර නැතිව මදුරුවන් මරා දමන්න ක්‍රමයක්
නැතිද?
ඔයාල සමහර විට දැනටමත් එවැනි ක්‍රම භාවිතා කරනවා ඇති.විදුලි ධාරාවක් මගින් මදුරුවන් මර්දනය කරන දැලක් සහිත උගුල් ඔයාලා දැකලා ඇති.සමහර ඒවා බැට්මින්ටන් පිත්තක් වගේ ඒවත් දැකලා ඇති.ඔය කෝක ගත්තත් එකේ සිද්දවන දෙය එක සමානයි.එම උපකරණ වල තිබෙනවා කුඩා වෝල්ටීයතාවයක් විශාල වෝල්ටීයතාවක් බවට පත් කරන උපාංගයක්.එම උපාංගය මගින් වෝල්ට් 1800 ක පමණ වෝල්ටීයතාවයක් නිෂ්පාදනය කරනවා..එසේ නිපදවන විදුලිය දැලක් ලෙස ඇති කම්බිවල දෙකෙලවරට ලබා දෙනවා.ස්විචය ඔන් කලවිට එම කම්බි දැලෙහි කම්බි දෙකක් අතර කලින් සඳහන් කල විද්‍යුත් ගාමක බලය පිහිටනවා.මදුරුවෙකු හෝ වෙනත් කෘමියෙකු එම කම්බි දෙක අතරට ගියොත් කම්බි දෙකෙහි අදික වෝල්ටීයතාව නිසා ඌට විදුලිසැර වදිනවා..එයින් ඌ ක්ෂණිකව මරණයට පත්වෙනවා..
ඉතින් මදුරුවෝ නිකම්ම ඔය කරන්ට් එක තියෙන දැල් අස්සට රිංගයිද?ඔය දැල් දෙක අතර තියෙනවා පාරජම්බුල කිරන නිකුත් කරන විශේෂ බල්බයක්.ගොඩක් මදුරු වර්ග හා කෘමින් පාරජම්බුල කිරණ හොයා ගෙන එනවා.එලෙස එන අයට කලින් කියපු ඉරණම තමයි අත්වෙන්නේ..හැබැයි හැම මදුරුවෙක්ම ඔය පාරජම්බුල කිරණවලට ඇදිල එන්නේ නැහැ..අපි ඒගැන හොයල බැලුවා..ඒ අනුව අපට හොයා ගන්න පුළුවන් වුනා උන් ඇදිලා එන තවත් අවශ්‍යතා කීපයක්.ඒ අනුව අහුමුලු වල ඉන්න මදුරුවෝ ඔක්කොම මේ උගුල දිහාවට ගෙනා ගන්න ඉතා සරල ක්‍රම කීපයකින් පුළුවන් කියල අපට වැටහුනා..දැන් අපි එම ක්‍රම තවත් දියුණු කරමින් ඉන්නේ.නුදුරු දිනයකදීම වඩාත් සංවර්ධනය කල ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොණික  මදුරු උගුලක් හදුන්වා දීම අපි දැන් කටයුතු කරගෙන යනවා..එය අඩු මුදලකට අලෙවි කිරීමටත්..කැමති අයට ගෙදරම හදා ගන්න හැටිත් කියලා දෙන්න හෙටදින තාක්ෂණික ආයතනය හෙට අනිද්දාම ක්‍රියාකරනු ඇති.
ඔබට ජය?

3 comments:

  1. That is how the technology use to kill animals.

    ReplyDelete
  2. මේකනම් ඉතාම වටින වැඩක්! සුභ පැතුම්, හරිගියහම කියන්න.

    ReplyDelete
  3. මේවා නම් එච්චර හොද දේවල් නෙමේ. අනික ඕකෙන් අහින්සක සත්තුත් මැරෙනවා නිකරුනේ.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.