Monday, November 17, 2014

LED BULBS නිර්මාණය ගැටළු හා විසදුම්..

   ගොඩක් කට්ටියට හෙටදින බ්ලොග් එකට හිත වැටිලා දැන් පුරුද්දට වගේ බ්ලොග් එක පැත්තේ එන අය ඉන්නවා කියල දත්ත විශ්ලේෂණය කලාම පේනවා..කොටින්ම කියනවානම් දිනපතාම පාහේ බ්ලොග් එක නරබන කට්ටිය දෙසීයකට වැඩියි..ගොඩක්ම දෙනාගේ කැමතිම ළිපි පෙළ තමා LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව..ඒ අයට ඇතිවන ගැටලුත් ගොඩක් අය email කරලා තිබුනා..ඉතින් අද මම සිතුවා එම
ගැටළු වලට පොස්ට් එකක් විදිහට පිලිතුරු දෙන්න..බලන්න ඔබේ ගැටලුවට පිළිතුර මෙහි තිබේද කියා..
1.අඩුවට උපකරණ ගන්නේ කොහෙන්ද?
ගොඩක් දෙනා අසන ප්‍රශ්නයක්..පිටකොටුවෙන් දැන් ලාබෙට ගන්න පුළුවන්..වික්‍රම ප්ලාසා බිල්ඩිමේ හා 88(අතුල) බිල්ඩිමේ කඩ සාප්පු බොහොමයකින් මේවා මිලදී ගන්න පුළුවන්..ඒ අතරින් හොඳම තත්වයේ බඩු ගන්න තැනක් තමයි වික්‍රම ප්ලාසා එකේ ඩිජිටල් ඉලෙක්ට්‍රොණික් එක..බාල ඒවා කොහොමත් එකේ විකුනන්නේ නැහැ..ඔයාල ඒ කඩෙන් බඩු ගත්ත කියල මට කොමිස් එහෙම නැහැ කියලත් කියන්න ඕනා..කොලඹ පැත්තේ ඇවිත් හැමදාම බඩු ගන්න කඩයක් සෙට් කර ගන්න..එයාලට ඔබ ගැන විශ්වාස ඇතිවුනාම දුර බැහැර අයට කුරියර් කරලා අවශ්‍ය බඩු එවාවි..

2.LED 48 BULB එක නිවී නිවී දැල් වෙනවා..
ඔහොම වෙන්නේ ශ්‍රේණිගතව සවිකරලා තියෙන එක බල්බයක් භාගෙට අප්සෙට් ගියාම..ඕක හොයන්න එක පාරටම යන්න එපා..බල්බය සම්පුර්ණයෙන්ම නිවිලා යන තෙක් POWER දීලා තියන්න.බල්බය නැවත නොදැල්වෙන පරිදි නිවිගිය පසු එහි බල්බ එකින් එක මල්ටිමිටරය මගින් පරික්ෂා කරන්න දැවී ගිය බල්බය සොයා අලුතින් දාන්න..ඒවගේ අප්සෙට් බල්බ බැලුබැල්මටම පේනවා..LED එකේ මුහුණත ටිකක් දුබුරු පාටට හැරිලා නම් බල්බය දැවී යන්න ලගයි.

3.ඇලුමිනියම් ආවරණය සහිත LED බල්බ දැම්මාම රේඩියෝ එකෙන් හා TV එකෙන් ඝෝෂාවක් එනවා..
ඕක වෙන්නේ බාල වර්ගවල බල්බ POWER SUPPLY දැම්මාම..එම POWER වලින් ගුවන් විදුලි තරංග වලට බධා පමුණුවන  තරංග පිට කරනවා..බල්බයේ POWER SUPPLY එකේ 230 අග්‍ර දෙකට 103 /400V විතර මයිලර් කැප් එකක් දාලා බලන්න ඝෝෂාව අඩු වේවි..

4.බල්බයේ ඇඩප්ටර් කොටස සවිකරන්නේ කොහොමද?
සුපර් ග්ලු වගේ ගම එකක් ගලා අලවන්න පුළුවන්..නැතිනම් මම මිට පෙර පොස්ට් එකෙන් කියා දුන්නා වගේ කොන්ක්‍රීට් ඇනයකින් කුඩා සිදුරු විද සවිකරන්න..

5.බල්බ විකුනන්නේ කොහොමද?
ඔයාලට කැමති ආකාරයට නමක් යොදා අලෙවි කරන්න..පිටතට අලෙවි කිරීමට පෙර තමන්ගේ නිවසේ සියලු බල්බ වලට LED බල්බ සවිකර ඇතිවන විදුලි ඉතිරිය වටහා ගන්න..ගොඩක් අයට එකවර ගෙවලා බල්බ කීපයක් මිලට ගන්න බැහැ..ඒ අයට විශ්වාස ඇති අයට පමණක් මාසිකාව පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දෙන්න..මුදල අනිවාර්යෙන් ලබා දිය යුතු දිනයක් යොදා ගන්න.

ඔබ නිෂ්පාදනය කය බල්බ වලට විශාල වටිනා කමක් ඇත මන්ද යත් ඒවා අලුත්වැඩියා කර නැවත නැවත භාවිතා කල හැකිවීම නිසාය..අපේ පැකේජ වලින්ද මා ඔබට LED 48 බල්බයෙන් වැඩ අරබන ලෙස කියා ඇත්තේ ආධයුනික ඔබගේ බවුතය පරිහරණය ඉගෙන ගැනීම සඳහා වැඩි බල්බ ප්‍රමාණයක් පෑස්සීමෙන් හුරුවක් ලබා ගැනීමටය..

3 comments:

  1. වටින ලිපියක්

    ReplyDelete
  2. Passanna ganna hoda bauth eka mkdda

    ReplyDelete
  3. Passanna ganna hoda bauth eka mkdda

    ReplyDelete