ඔයාල අලුත් අමතර ජොබ් එකක් විදිහට LED නාම පුවරු නිෂ්පාදනය පටන් අරන් කියල මට දිනපතාම වගේ දුරකතන ඇමතුම් ලැබෙනවා..ගොඩක් දෙනා මගෙන් අහනවා ඒ අය හදපු පැනල් එකේ වෙලාව වෙනස් වෙන වාලු..මම මේ ගැන අපේ සිංහල පැකේජ් එකෙනුත් කියලා දීල තියෙනවා..මට
හිතෙන විදිහට ව්‍යාජ DVD එකක් පස්සේ ගිහිල්ලා වැඩේ අනා ගත් අය තමයි මේවා අහලා නිතරම EMAIL කරන්නේ.හරි ඒ හැමෝටම දැන ගන්න තමයි මේ පොස්ට් එක.ඉතින් ඔයාල පහත පින්තුරේ දාල තියෙන විදිහට වැඩසටහනට CLOCK එකක් ද ගන්න.එහි ප්‍රමාන වර්ණ ආදී තවත් ගොඩක් දේවල් තමන්ට ඕනා හැටියට වෙනස් කරන්න පහලින් තියෙන ඔප්ෂන් භාවිතා කරන්න.
මුලින්ම ඔයාලගේ පැනලයට හා CONTROLLER එකට විදුලිය සපයන්න.දැන් එය පරිගණකයට DATA කේබල් එක මගින් සවි කරන්න.මම පහත පින්තුරේ දාල තියෙන විදිහට දැන් ක්ලික් කරන්න.
ඔබට පෙනේවි ඔයාලගේ පරිගණකයේ වෙලාවට සමානව පැනල එකෙත් වෙලාව වෙනස් වෙනවා..ඔයාල අළුතින් යමක් CONTROLLER එකට අප්ලෝඩ් කරන වාරයක් පාසා මෙම SYNC ලෙස ඇති ටැබ් එක ක්ලික් කිරීමට අමතක නොකරන්න.
පෙන් එකෙන් ප්‍රෝග්‍රෑම් කරන අයටත් මේක අදාලයි.තවත් දෙයක් ඔයාලගේ CONTROLLER එකේ කුඩා බොත්තමක් වගේ බැටරියක් තියෙනවා දැකලා ඇති එකෙන් තමයි පැනල්එක OFF කලත් වෙලාව නිවැරදිව තබා ගන්නේ.. .ඉතින් බැටරි නැති TFSU වගේ ඒවායින් වැඩ කරන පැනල වල POWER නැති වෙලාවට ඔරලෝසුව දුවන්න ක්‍රමයක් නැහැ.ඒවාට නම් දිගටම POWER දීලා තමයි තියන්න වෙන්නේ.විදුලිය විසන්දි වුන වෙලාවක වෙලාව වෙනස් වෙන්න පුළුවන් නිසා UPS එකක් හරහා පැනලයට බලය සැපයීමත් වඩා හොඳයි.එවැනි පැනල ස්වයංක්‍රීයව ON/PFF වීමට අවශ්‍ය සැකසුම් සකසා තබන්න.එවිට පැනලය නිවිගියද CONTROLLER එකට බලය ලැබී ඇති බැවින් වෙලාව වෙනස් වන්නේ නැහැ...
තවත් දෙයක් මට හුඟක් අය කතා කරලත් EMAIL දාලත් කියලා තියෙනවා..අපේ බ්ලොග් එකට සමාන ව්‍යාජ අඩවි අන්තර්ජාලයට දාලා කියලා..අහන්නත් ලැජ්ජයි නේ..තමන්ටම කියල නව නිර්මාණවත් බ්ලොග් එකක් හදා ගන්න බැරි අයගේ අනෙක් තෙපර ගැන...
ඔබට ජය !
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.