ශීතකරණයේ විදුලි පාරිභෝජනය අඩු කිරීමට ක්‍රමයක් මා මිට පෙර පොස්ට් එකකින් කියා දුන්නා මතක ඇති.එදා මම පොරොන්දු වුනා මේක වැඩකරන හැටි කියලා දෙනවා කියලා.. ඔන්න අද එම පොරොන්දුව ඉෂ්ඨ කළා..
විදුලි ධාරාවක් යම් ස්ථානයකට ගලන විට එහි තරංගයේ හැඩය සයිනාකාර හැඩයක් ඇතැයි අප උපකල්පනය කලත් සැබවින්ම එසේ නැත.ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමර් වලින් විදුලිය
බෙදා හැරීමේදී විදුලි තරංගයේ හැඩයට විවිධ බධා මතුවේ.අධි වෝල්ටීයතා සම්බන්ධක ස්ථාන ආදියේදී ඇතිවන දුර්වල සම්බන්ද වලදීද තරංග හැඩයට විකුර්ති එකතුවේ.මේ ආකාරයට වෙනස් වන විදුලි ධාරාවකින් අප ප්‍රත්‍යාවර්තක විදුලි උපාංගයක් ක්‍රියා කල විට එහි නිසි ක්‍රියා කාරිත්වයට බාදා පැමිණේ..විදුලි මෝටර්.ට්‍රාන්ස්ෆෝමර් ආදී කොයිල් සහිත උපාංගවලට මින් වැඩි බලපෑමක් එල්ල වෙයි..අක්‍රමවත් ප්‍රත්‍යාවර්තක තරංගාකාර වෝල්ටීයතාවය නිසා කොයිල් තුලින් ධාරාව ගලන විට තාපය නිෂ්පාදනය වැඩිවේ..
එවිට විදුලිය අපතේ යයි.එමෙන්ම විදුලි උපකරණ වලට හානි පමණේ.දියෝද දෙකක් හෝ හතරක් යොදා ඔබ සාදා ගත් ඍජුකරන පරිපථය ඔබට මතක ඇති.එහි ධාරාව පිටවන අග්‍ර දෙකට ඉලෙක්ට්‍රොලයිටික් කැපෑසිටටරයක් යෙදීමෙන් එහි පිටවන වෝල්ටීයතාව සුමට වෙයි..මෙලෙස ප්‍රතාය්වර්තක ධාරාවක් ගලන පරිපතයට ඉහල වෝල්ටීයතාවක් ඇති අඩු ධාරිතාවක් ඇති කැපෑසිටර් යෙදුවිට එතුලින් පිටවන ප්‍රත්‍යාවර්තක ධාරාවේ සයිනාකාර හැඩය නියමිත හැඩය ලබා ගනී..එවිට විදුලි උපකරණ අනවශ්‍ය පරිදි රත් නොවන අතර විදුලිය අපතේයාම වලකා ගත හැක.මෙය ඔබටම සකස් කර ගත හැක.මෙමගින් වැඩි වාසි සැලසෙන්නේ දිගුකාලීනව භාවිතා කරන උපකරණ වලටය.
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.