Saturday, December 6, 2014

cctv කැමරා සවි කිරීමේදී සැලකිය යුතු කරුනු..

    ඔයාල දැන් තමන්ගේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට cctv කැමරා තමන්ම ස්ථාපනය කරගෙන ඇති.අපේ සිංහල පැකේජ ලබා ගත් විශාල පිරිසක් තම නිවසට cctv කැමරා system සවිකර ගත්තා කියල කියල තිබුනා..ඔයාලට තවත් උදවුවක් විදිහට මම අද කියා දෙන්නම් cctv කැමරා සවිකරන්න ගියාම අප වඩාත්ම සැලකිලිමත් විය යුතු කරුනු මොනවාද කියා..
1.තැනේ හැටියට සුදුසු කැමරා තෝරා ගන්න.(tvl අගය අවම
වශයෙන් 700 වත් විය යුතුය)
2.එළිමහනට cmos cctv කැමරා සවිකරයි නම් කෙලින්ම සුර්ය ආලෝකය කාචයට නොවැටෙන පරිදි සවිකරන්න.
3.එක කැමරාවකින් වැඩිම ප්‍රදේශයක් පෙනෙන පරිදි සවිකරන්න.
4.cctv කැමරාව යකඩ බාර් මත සවිකරන විට ලීකොට කැබැල්ලක් තබා ඒ මත සවිකරන්න.(අකුණුවලින් වන හානි නැවැත්වීමට)
5.සියලුම කැමරා වල වයර pvc නල තුලින් dvr එක වෙත රැගෙන යන්න.
6.dvr එක පහසුවෙන් කිසිවකුට ලඟා විය නොහැකි තැනක තබන්න.
7.අන්තර්ජාලයෙන් නැරබීම හා දුරකතනයෙන් නැරබීම සෑම විටම අවහ්‍ය නොවේ.මෙය ඉන්ටනෙට් බිල වැඩිකරන සාදකයකි.
8.ඔබගේ dvr එකට අදාළ මුරපද හා අන්වර්ථ නාම කිසිවකුට නොදෙන්න.
9.කැමරා සවීරිමෙදි උස ගැන සැලකිලිමත් වෙන්න අඩි අටකට වඩා උස සුදුසු නැත.
10.ptz කැමරා සතියට වරක් වත් ක්‍රියාත්මක කාර බලන්න.
11.ups එකක් හරහා system එකට විදුලිය ලබා දෙන්න.
12.ඔබ cctv කැමරා වෙනත් අයකුට සවිකර දේනම් ඔහුට අනත්ර්ජාලයෙන් නැරබීමට අවශ්‍ය නම් වේගවත් අන්තර්ජාල සම්බන්දතාවක් ලබා ගත යුතු බව කියන්න.
13.slt පැකේජයක් නම් familly එකක් වීම හොඳයි.නැතිනම් 4G මොඩම් එකක් වත් අවශ්‍යය.
14.ජංගම දුරකථන වලින් නැරබීම ස්මාර්ට් ෆෝන් එකක් තිබීම වැදගත් වේ.එහි අන්තර්ජාල සම්බන්දතාවය HSDPA හෝ ඊට ඉහල වේගවත් එකක් විය යුතුය.
ඔබට ජය!

2 comments:

  1. UPS එකකින් කරන්ට් එක දීලා තියෙද්දි.... කරන්ට් එක ගිහින් ටික වෙලාවකට පස්සෙ (බැටරිය බැස්සම) සිස්ටම් එක Off වෙනව නේ. ඒ Off වෙලා, ආයෙත් කරන්ට් එක ආවට පස්සෙ cctv සිස්ටම් එක On වෙන්නෙ නෑ නේ. එ්කට මොකක්ද තියෙන විසඳුම ?

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.