Wednesday, December 17, 2014

පිටරටින් බඩුවක් ගේමු..

  මම ඔයාලට මිට පෙර පොස්ට් එකකින් කියලා දුන්න මතක ඇති පිටරටින් බඩු අනතර්ජාලය හරහා ඉතා අඩු මිලට ගෙන්වා ගන්නා ආකාරය.ඇත්තටම කියනවා නම් ලංකාවෙන් ගන්නවාට වඩා ගොඩක් අඩුවට බඩු ගෙන්වා ගන්න පුළුවන්.මේ වැඩේ කරන්න කඩ්ඩ ටිකක් තියෙන්න ඕනා.මොකද ඔය සියලුම වෙබ් අඩවි වල සිංහලින් ඕවා
දාලා නැහැ..ඉංග්‍රීසි භාෂාව ඔබේ අනාගතය සදහා දැන් ඉතා වැදගත්
බව කිව යුතුම කරුණක්..විශේෂයෙන් කියන්න ඕනා දැන් ලංකාවේ හුගක් පාසල් වලට අන්තර්ජාල පහසුකම් සහිත විද්‍යාගාර ලැබිලා..ගොඩක් සිසුන් අපේ බ්ලොග් එක කියවනවා කියල ආරංචියි..පාසල් වල සිසුන් විශාල ප්‍රමාණයක් මට කියලා එවලා තිබුනා අන්තර්ජාලයෙන් ගෙදරටම බඩු ගෙන්වා ගන්න විදිහ තව ටිකක් කියලා දෙන්න කියලා..ඒ හැමෝට හරියන්න තමයි මේ පොස්ට් එක බලන්න ඔබේ ගැටලුවටත් පිළිතුර මෙහි තිබේද කියා..

අන්තර්ජාලයෙන් බඩු ගෙන්වීමේදී සැලකිය යුතු කරනු..

1.සෑම විටම පාහේ වෙබ් කාඩ් එකක් භාවිතා කරන්න.(සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එකක් වඩා හොඳයි..)
2.ක්‍රෙඩිට් කාඩ් භාවිතා කිරීමේදී වඩා පරෙස්සම් වන්න..
3.කුඩා අයිටම් හා මිලෙන් අඩු අයිටම් ගෙන්වන්න..
4.paypal හරහා ගනුදෙනු කරන්න..
5.ebay අඩවිය භාවිතා කරන්න..
6.ඔබගේ email ලිපින වෙත බලෙන්ම එන වෙබ් අඩවිවලට මුදල් ගෙවීමෙන් වලකින්න.
7.ඉන්ටෙර්නෙට් කැෆේ වලින් වෙබ් කාඩ භාවිතා කල පසු  සියලු ගිණුම් වලින් ඉවත් විමට වග බලා ගන්න
8.ලන්සු තබා භාණ්ඩ මිලට ගන්න..
9.ඔබට විශ්වාස අඩවිවලින් පමණක් භාණ්ඩ ඇනවුම් කරන්න..
10.ඇනවුම් කිරීමට ප්‍රථම භාණ්ඩය පිලිබඳ සියලු විස්තර අදා වෙබ් පිටුවෙන් හොයා ගන්න.
11.බොහෝ විට සති දෙකක් ඇතුලත භාණ්ඩ ලැබිය යුතුවේ.එසේ නොවේ නම් seller දැනුවත් කරන්න..
12.ඔබ ගෙන්වූ භාණ්ඩ වල ලැයිස්තුවක් පිළියෙළ කර ගන්න.
13.ඔබේ වෙබ් කාඩ් වලට හෝ වෙනත් ගිණුම් වලට අදාළ කිසිදු දත්තයක් කිසිවකුට නොදෙන්න.
14.නොමිලේ ප්‍රවාහනය කරන මිල අඩු භාණ්ඩ ගෙන්වන්න.
15.බරින් වැඩි භාණ්ඩ ගෙන්වීමේදී tax ගෙවීමට සිදුවිය හැක.
16.යම් භාණ්ඩයට මුදල් ගෙවීමට පෙර එය ලංකාවට එවන එකක් ද යන්න හොඳින් විමසා බලන්නන.
මේ තියෙන්නේ මට පහුගිය දවසක ගෙදරටම ආපු පෙන් එකක්.. ඒක සුපිරියටම වැඩ.
.

ඔබට ජය!

2 comments:

  1. thanks ! very good article !

    ReplyDelete
  2. Kohomada badu gennananne kiyalath dannako

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.