Tuesday, January 27, 2015

චුන් පාන් නලාව අපිත් හදමු..

     උදේට දවල්ට මෙන්ම හවසටත් අපට දැන් හුරු පුරුදු චුන් පාන් වාහනේ නලාව වැඩ කරන හැටි ඔයාල දන්නවාද?..ඉතාම සරල පරිපථයක් තමා මේකේ තියෙන්නේ.කුඩා පාද තුනක IC එකක් හා බල සම්පන්න ට්‍රාන්සිස්ටරයක් හා ස්පීකරයක් මෙහි අඩංගුයි.කුඩා වෙරෝ බෝර්ඩ් එකක වුවත් පහසුවෙන් එකලස් කර ගත හැකි මෙය ආදයුනික පාසැල් සිසුන්ට නම් ඉතා ප්‍රිය ජනක
වේවි.විශේෂයෙන් පාසල් වල තාක්‍ෂණික විෂයට කැමති දරුවන් මගෙන් ඉල්ලලා තිබුනා මෙවැනි සරලම පරිපත පවා හෙටදින එකෙන් කියලා දෙන්න කියලා..පසුගිය කාලේ මහින්දෝදය විද්‍යාගාර සෑදුවට පස්සේ විශාල පාසල් ප්‍රමාණයක සිසුන් අපේ බ්ලොග් එක දිනපතා බලනවා කියල ගුරුවරුන් කීප දෙනෙකුම කියල එවල තිබුනා..අපේ බ්ලොග් එක අගය කරලා කොමෙන්ට් කරපු හැමෝටම තුති.සමහර අය දුරකතන අංක එවල තිබුනත් මට කතා කරන්න වෙලාවක් නැහැ..ඒකට සමාව දෙන්න ඔයාලට ලැබෙන සැම අවස්ථාවකින්ම මම EMAIL වලින් පිළිතුරු එවනවා..පාසල් සිසුන් අතරත්අපේ බ්ලොග් එක ජනප්‍රිය කරන්න කියලා හෙට දින සංස්කාරක තුමන් ඔබෙන් ඉල්ලා සිටිනවා..බලන්න ඔබ ඉල්ලා සිටි පරිපතය මෙහි තිබේද කියා..මෙහි පරිපත් වලට ඔයාලට හුරු පුරුදු D 400 වගේ එකක් දාන්නත් පුළුවන්..ඕකෙන් එන සවුන්ඩ් අවුට් පුට් එක ගෙදර තියෙන සෙටප් එකට හරි ඈම්ප් එකට හරි දීලා බලන්න කොහොමද වැඩේ කියලා..



ඔබට ජය!

2 comments:

  1. ඉතා හොද ලිපියක්... මටත් කුඩා කාළය මතක් වුනා. මමත් මෙවැනි පරිපථ හදලා ඇති 20 වාරයකට වඩා ...

    මමත් මෙයට යම් දෙයක් ඉදිරිපත් කරන්න කැමති. අපිට පුලුවන් මේ IC එකේ ඛාණ්ඩ වලින් විවිධ නාද රටා ලබා ගන්න. වෙළදපාලේන් විවිධ ඛාණ්ඩ මිලදී ගෙන ඔබත් විවිධ නාද රටා ලබා ගන්න.

    http://www.electroschematics.com/wp-content/uploads/2011/04/um66t-melodies-550x260.jpg

    ReplyDelete
  2. Budures mala circuits tikak danna ........

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.