Wednesday, February 18, 2015

ෆ්ලොරසන්ට් ටියුබ් ලයිට් එකට LED ටියුබ් ලයිට් එකක් දාමු.

  බොහොමයක් දෙනා තවමත් නිවෙස් වල භාවිතා කරන්නේ ටියුබ් ලයිට්..ටියුබ් ලයිට් එකක චෝක් එකක් ස්ටාටරයක් වැනි උපාංග තිබෙනවා..මෙම උපාංග ගැන සැලකුවිට එයට වැඩි වියදමක් දැරීමට සිදුවී තිබෙනවා..ඒ වගේම ඔබ දැනට භාවිතා කරන ටියුබ් ලයිට් එකේ විදුලිය පිරිමැසීම එතරම් සතුටු දායක නැහැ..එමෙන්ම එම ටියුබ් ලයිට් එකේ විෂ රසායනික ද්‍රවය භාවිතා වෙනවා..කැපෙන සුළු විදුරු බටය හානි කරවන
සුලුයි..නමුත් LED ටියුබ් ලයට් එක මේ සියල්ල අවසන් කරනවා.දැනට භාවිතා කරන ටියුබ් ලයිට් කේසින් එකට LED ටියුබ් ලයිට් සවිකරන්නේ කොහොමද කට්ටිය අහල එවල තිබුනා..ඒ අයට පිළිතුරු දෙන්නෙයි මේ පොස්ට් එක..
සාමන්‍ය ටියුබ් ලයිට් කෙසින් එකට LED ටියුබ් ලයිට් එකක් දාන අයුරු..
1.ඔබේ නිවසේ ටියුබ් ලයිට් එකේ දිගට ගැලපෙන LED ටියුබ් ලයිට් කොටස් පිටකොටුවෙන් මිලට ගෙන උපාංග එකලස් කර ගන්න..
2.මුලින්ම සාමන්‍ය ටියුබ් ලයිට් එකේ භාවිතා වන ස්ටාටරය  ගලවා දමන්න.
3.දෙවනුව කේසින් එකට සවිකර ඇති චෝක් එක ගලවා දමන්න..එයට සම්බන්ද කර තිබු වයර දෙක එකිනෙක සම්බන්ද කරන්න..
4.දැන් LED ටියුබ් ලයිට් එකේ දෙපසින් 230V ලබා දිය හැකි පරිදි වයර් පාස්සා ගන්න..
සම්පුර්ණ කර ගත් LED ටියුබ් ලයිට් එක ටියුබ් ලයිට් ඇඩප්ටර දෙකට සුපුරුදු පරිදි සවිකරන්න..කාර්ය.. නිමයි..කෙසින් එකට ගැලපෙන පරිදි LED ටියුබ් ලයිට් එක මිලට ගැනීමට වග බලා ගන්න .




ඔබට ජය! 

5 comments:

  1. LED ටියුබ් ලයිට් මිල ගනන් සදහන් කරන්න පුලුවන් ද ? එලිය සාමාන්‍ය ටියුබ් ලයිට් වලට වඩා වැඩිද අඩුද ?

    ReplyDelete
  2. පිටකොටුවේ වික්‍රම ප්ලාසා එකේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් එකේ තියෙනවා..

    ReplyDelete
  3. පිටකොටුවේ වික්‍රම ප්ලාසා එකේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් එකේ තියෙනවා..

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.