Thursday, March 12, 2015

LED නාම පුවරු අළුත්වැඩියාව..1.

   අති විශාල පිරිසක් අපේ ස්වයං අධ්‍යන පැකේජ අරගෙන දැන් LED නාමපුවරු නිෂ්පාදනය කරන්න පටන් අරන් කියල අපට දන්වලා තිබුනා..ගොඩක් දෙනා අහන ප්‍රශ්න අනුව මට පෙනීගිය කරුණක් වුයේ කාලයත් සමග LED නාම පුවරු වල
DATA CABLE අක්‍රිය වීමකට ලක්විය හැකි බව.පැනල විශාල ප්‍රමාණයක් සහිත නාම පුවරුවක  DATA CABLE පරික්ෂා කරන එක ලේසි නැහැ.එමෙන්ම DATA CABLE එකක් පරික්ෂා කිරීමට උපකරණ මිලට ගැනීමට තිබුනත් ඒවායේ මිල ඉතා ඉහලයි.ඉතින් මා කල්පනා කළා නාම පුවරු හදන සියලු දෙනාට ඉතා පහසුවෙන් සාදා ගත හැකි ඉතා අඩු වියදමකින් උපකරණයක්  නිර්මාණය කිරීමට..
අවශ්‍ය උපාංග.
1.වෙරෝ බෝර්ඩ් එකක්.
2.LED ඩයෝඩ16ක්
3.මල්ටි මීටරයක්.
4.තඹ කම්බි
5.DATA CABLE MAIL වර්ගයේ සොකට්
ඔබ දැක ඇති LED නාමපුවරු වල භාවිතා වන CONTROLLER එකේ ඇති සොකට් එකක පින් 16 ක් ඇති බව.එම නිසා අප යොදා ගන්නා සොකට් එක එක පැත්තක පින් 8 ක් ලැබෙන පරිදි කපා ගත යුතුයි.එක මා දක්වා ඇති ආකාරයට වෙරි බෝර්ඩ් එකට පාස්සා ගත යුතුයි.LED දියෝද නිවැරදිව අග්‍ර මාරු නොවන පරිදි සවි කර ගත යුතුයි.බලය සැපයීමට මල්ටිමිටරයක් නැති නම් පෙන්ටෝච් බැටරි කෑලි දෙකක් භාවිතා කරන්න පුළුවන් කියලත් ඔයාලට හිතේවි.ඔබ මෙය සකස් කල පසු මල්ටිමිටරය මගින් බලය ලබා දුන් පසු බල්බ සියල්ලම නිවැරදිව දැල්වේ නම් කේබලය හොඳය.බල්බ දෙකක් හෝ කීපයක් එක වර දැල්වේ නම් කේබලය ෂෝර්ට් වී ඇත.මෙහි පරිපථය ඊළඟ පොස්ට් එකකින් දාන්නම්..මෙයට වඩා හොඳ එකක් ඔයාල හැදුවොත් ඒක එවන්නත් අමතක කරන්න එපා..

ඔබට ජය!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.