Friday, April 3, 2015

වෙසක් උත්සවය සදහා LED බල්බ හදමු පාඩම 1.

      ළඟ එන වෙසක් එකට සුදානම් වෙන ගොඩක් දෙනෙක් තමන් සකස් කරන වෙසක් කුඩු වලට දාන්න LED බල්බ හදන හැටි කියලා දෙන්න කියලා කිහිපදෙන්ක්ම Email කරලා තිබුනා..මේ සදහා ඔබට ඉතාම අඩු වියදමකින් LED බල්බ සාදා ගැනීමට හැකි ආකාරය කියලා දෙන්නම්..ඉක්මනින් හා නැවත අලුත් වැඩියා කල හැකි පරිදි එය සකස් කර ගැනීම වටිනවා..මෙම බල්බ තොරන් වලටද භාවිතා කල හැක.අවශ්‍ය උපාංග ඔබට පිටකොටුවේ පළමු හරස් විදියේ 88 අතුල බිල්ඩිමේ කඩසාප්පු කීපයකින්ම මිලට ගන්න පුළුවන්.තනි LED බල්බයක් හෝ LED
බල්බ දෙකක් යොදා වුවද ඔබට බල්බ සෑදිය හැක.ඔබ මිලට ගන්නා උපාංග මා පින්තුර වල දමා ඇති පරිදි සකස් කර ගන්න.සකස් කරන පරිපථය හැකි තරම් කුඩා කරගන්න.LED බල්බය තුල ස්ථානගත කරන තැන බල්බයේ කර ආසන්නයේ මාධ්‍යව තැබීමට වග බලා ගන්න.නැතිනම් ඩොට් එකක් ලෙස ආලෝකය බල්බයේ ඉදිරි කෙලවරින් පෙනේවි.ඔබට ලැබෙන ඇඩප්ටරය කොටස ප්ලාස්ටික් ආවරණයට සුපර් ග්ලු වැනි ගම එකක් හෝ නැතිනම් ඇනයකින් ඒ වටා කුඩා සිදුරු සකසා සවිකළ හැක.






ඇලවූ බල්බය නැවත ගැලවිය යුත්තේ බලබයේ මැදින් ඇති කොටස මගින්.ඒ සදහා බල්බයේ මැදින් සෙමින් මිරිකීම ප්‍රමාණවත්.සකස් කල පරිපථය වටා සෙලෝ ටේප් කැබැල්ලක් එතීමට අමතක නොකරන්න.වීඩියෝ දර්ශන හා තවත් අලුත් ක්‍රම ලගදීම බලාපොරොත්තු වන්න.
ඔබට ජය

4 comments:

  1. නියමයි මේ ලිපිය දිගටම දන්නා අලුත් ක්‍රම එක්ක.bulb උපාංග වල මිල ගණන් ගන්න හොදම තැන් ටිකකුත් එක්ක දානවනම් ගොඩක් තුති.ගිනි ගණන් දීලා bulb වල ගන්නවට වඩා ඔබගේ දැනුම උපයෝගී කරගෙන වෙසක් එකට ගෙදර ලස්සන කරගන්න පුළුවන්.එකේ පින ඔබට.........
    දිනේෂ් නානායක්කාර.

    ReplyDelete
  2. මේක නම් පට්ටයි.....ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි......

    my blog --> Eසිංහල95

    ReplyDelete
  3. මමත් හැදුවා දෙවෙනි පරිපථය... වැඩේ සාර්ථකයි. එලියත් හොදයි.
    ස්තුතියි.
    දිල්ෂාන්

    ReplyDelete
  4. ගොඩාක් වටිනා ත්‍රෙඩ් එකක්.. මට යමක් පැහැදිලි කරගැනීමට අවශ්‍යයි.. මෙම බල්බය තෝරන් සඳහා යෙදීමේදී එක්මනින් දැවී යන්නේ නැත්ද? මෙම බල්බයේ ආයුකාලය කොපමණ කාලයක් පමණ වේද? ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි..

    ගොඩක් ඉස්තුති. අප හැමෝම සමග දැනුම බෙදාගත්තාට.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.