Tuesday, April 7, 2015

ටෝච් එකටත් LED බල්බ් දාමු..

    දැන් ලංකාව පුරාවටම LED බල්බ පැතිරෙමින් පවතිනවා..ගොඩක් දෙනෙක් නිවසේ සියලු වෙනත් බල්බ ඉවත් කරලා LED බල්බ දැම්මා කියල අපට EMAIL කරලා තිබුනා..අපේ වෙබ් එකෙන් නොමිලේ ඒ දැනුම ලබා ගත් අයත් පැකේජ ලබා ගත් අයත් අති විශාලයි.ඇත්තටම කියනවා නම් ඔබට LED බල්බ නිවසටම භාවිතා කරන්න පුළුවන් නම් නිවසේ විදුලි බිල අඩකින් අඩුවෙනවා දකින්න
ලැබේවි.හොඳයි LED බල්බ භාවිතා කරන්න පුළුවන් තවත් විදිහක් මා ඔබට හදුන්වා දෙන්නම්.ඔයාල ලග ඇති ටෝච් වල භාවිතා වෙන්නේ සාමන්‍ය සුත්‍රිකා පහනක්.එය ඉතාම අකාර්යක්ෂමයි.බැටරි කැබලි ඉතා ඉක්මනින් බස යනවා..ඔය ටෝච් වලට LED දන්නා බැරිද?පුළුවන්..ඔයාලගේ ටෝච් එකේ බැටරි ගාන අනුව බල්බය තෝරා ගත යුතු වෙනවා..සාමන්‍ය බල්බය ඉවත් කර ඉතාම පහසුවෙන් LED බල්බය එම සොකට් එකටම සවිකල හැක.එම බල්බ අප වෙතින් මිලට ගන්න පුළුවන්..මෙන්න එම බල්බය සවිකළ ටෝච් එකේ පින්තුර..

බල්බ අවශ්‍ය කට්ටිය ටෝච් එකේ බැටරි ගණනත් එක්ක EMAIL එකක් දාන්න ලිපිනයත් එක්ක.
ඔබට ජය.

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.