Wednesday, April 15, 2015

ගෙවත්තට නොමිලේ විදුලි ආලෝකය සපයන හැටි.

  ඔයාලගේ ගෙවත්ත රෑට අදුරේ තියන්නේ ඇයි ?බල්බ් දාල ලස්සනට තියන්න බැරිද?..එතකොට ලයිට් බිල ගෙවන්නේ කවුද..ඔයා ගෙවනවාද ..ඔබ මගෙන් අහනවාට කිසිම සැකයක් නැහැ..හරි මම අද ඔබව එම ගැටලුවෙනුත්  නිදහස් කරනවා..මම කියලා දෙන්නම් ඔබේ ගෙවත්තට රාත්‍රියට ආලෝකය ලබා ගැනීමට හැකි වන ආකාරයේ බල්බයක් සකස් කර ගන්නා ආකාරය.මෙය ඉතාම සරල පරිපතයකින් යුක්තයි.මෙම පහන ඔබට හදපු එකක් මිලට ගන්නත් පුළුවන්.නැතිනම් ඔබටම හදා ගන්නත් පුළුවන්..මෙම පහන
සුර්ය ශක්තියෙන් වැඩ කරන්නේ..දවල්ට පහනේ ඇති කුඩා බැටරිය ආරෝපණය වෙනවා..රාත්‍රියට ඉබේම පහන දැල්වෙනවා..බැටරි තත්වයේ අනුව බල්බය දැල්වෙන කාලය තීරණය වෙනවා..පහනේ තියෙන්නේ LED බල්බ නිසා දිගු වෙලාවක් පහන දැල්වෙමින් පවතිනවා..මෙම පහන ඔබට නිවසේ ගේටුවට අඩිපාරකට මිදුලට හා පඩිපෙළ වලටද ගැලපෙනවා..දවල්ට සුවිච් off කර කර කරදර වීමට උවමනා නැහැ..හිරු එලිය වැටෙන විට ඉබේම නිවී යනවා..එයට පරිපථයේ ඇති LDR උපාංගය උපකාරී වෙනවා..
මම පහලින් දාල තියෙන පරිපථය කුඩා වෙරෝ බෝර්ඩ් කැබැල්ලක සාදා අත්හදා බලන්න..මෙන්න එවැනි පහන් කීපයක පින්තුර..ඔබට මෙවැනි පහන් අපවෙතින් ලබා ගැනීමට අවශ්‍යනම් පහතින් ඇති ෆෝර්ම් එක පුරවා එවන්න...

ඔබට ජය.

3 comments:

  1. මම දැක්කා ඔය වගේ ලයිට් සිස්ටම් එකක් කොටුවෙ කඩවලත් තියෙනවා..හිටවන්නයි තියෙන්නෙ ඇනේ වගේ බිමට ගහලා..

    ReplyDelete
  2. ගෙන්වා ගන්නේ කොහොමද
    කියක් වෙනවාද

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.