Sunday, May 3, 2015

පට්ට ආලෝකයක් ගන්න 36w LED බල්බ් එකක් හදමු..

   ඔයාල දැන් එක එක විදිහ LED බල්බ අත්හදා බලා ඇති.හුඟ දෙනෙක් මට කියල එවලා තිබුනා ගොඩක් ආලෝකය ගන්න අඩුවට හදා ගන්න පුළුවන් LED බල්බ් එකක් හද හැටි කියා දෙන්න කියලා.හරි මම අද ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..මේක රු 1500 කට විතර හදා ගන්න පුළුවන් ප්ලාස්ටික වර්ගයේ බල්බ එකක්.SMD චිප් LED සහිත මෙය තරමක බරකින් යුක්තයි.මෙහි ප්ලාස්ටික්
ආවරණ හා හීට් සින්ක් කොටස හා බල්බ අඩංගු බේස් ප්ලේට් එක ඔබට පිටකොටුවේ පළමු හරස් වීදියේ 88 බිල්ඩින් එකේ හතරවන තට්ටුවේ ෂොප් වලින් ගන්න පුළුවන්.මෙහි බේස් ප්ලේට් එකට බලය සැපයීමට ඩ්‍රයිවර් එකක් භාවිතා වෙනවා.එහි අග්‍ර නිවැරදිව බේස් ප්ලේට් එකට පාස්සා ගන්න.හීට් සින්ක් එක බේස් ප්ලේට් එකට ඇණ වලින් සවිකර ගන්න.මෙම බල්බය සදහා පොට සහිත ඇඩප්ටර් කොටසක් වඩා හොඳයි මොකද මෙහි බර වැඩි නිසා ස්ථාවර ලෙස සවි කිරීමට අවශ්‍ය නිසා..මෙම බල්බ් මෙන්ම අප ඉගෙන ගත් සියලුම බල්බ අකුණු සර අවස්ථාවලදී නිවා දමන්න අමතක කරන්න එපා..ඔයාල ප්ලාස්ටික් බල්බ් වලට වොරන්ටි දෙන කොට මාස හයකට වඩා නොදීම වඩා හොඳයි.මේ තියෙන්නේ රූප පෙළ.
එකක් මිලට ගෙන සකස් කර බලන්න ලොකු සාලෙකට උනත් හොඳටම ඇති කියල ඔබට පෙනේවි.එහෙත් ඔබට වැය වන්නේ වොට් 36 ක් පමණි.
ඔබට ජය!

6 comments:

  1. ගොඩක් ස්තුතියි. LED බලප් එපා වෙලා හිටියේ එලිය මදි නිසා. අන්තිමට 24W එකක් දැම්ම.. මේ වැඩෙත් කරලා බලමු.. මේක නම් ඇතිවෙයි.

    ReplyDelete
  2. හදනවාට වඩා ගන්න එක පහසුයි වගේ පෙනනවා ගන්න තියන තැනක් කියන්න හැකිද

    ReplyDelete
  3. parts gatta kade nama kiyanna luluwanda, mama balapu ten wala tibbe 24W vitari

    ReplyDelete
  4. Thanks for sharing such a informative information with us, Its really helpful for me.
    Led Bulbs

    ReplyDelete
  5. හදල.බලන්නම්

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.