Saturday, May 9, 2015

ටයර් එකට LED බල්බයක් දාමු..

වර්තමානයේ පාපැදියක් මෝටර් සයිකලයක් භාවිතා නොකරන කෙනෙක් නැති තරම්.හුග දෙනෙක් කැමතියි තමන්ගේ බයිසිකලයට වැඩ ටිකක් දා ගන්න.තමන්ගේ යතුරුපැදියට නැතිනම් පාපැදියට අලුත් විදිහක LED වැඩක් දාන හැටි මම කියලා දෙන්නම්.ඇත්තටම මෙය කුඩා ගැජට් එකක් කිවොත් නිවැරදියි.මෙය සවිකරන්නේ ටයර් එකේ හුළං ගහන වෑල් කරට.මෙම ගැජට් එකේ වර්ණවත්
LED බල්බයක් තියෙනවා..එම බල්බය දැල්වීමට අවශ්‍ය කුඩා බොත්තම් හැඩති බැටරි තුනකුත් තියෙනවා..මේ ගැජට් එකේ ඇතුලත තියෙනවා චලනයට සංවේදී ස්විච් එකක්.රෝදය ගමන් කරන විට මෙය චලනය වී ගැජට් එකේ පරිපථය සම්පුර්ණ වෙනවා.එවිට LED එක දැල්වෙනවා..රෝධය කැරකෙන නිසා අපේ ඇසට පෙනෙන්නේ ආලෝක රවුමක් රෝදය සමග කැරකෙනවා වගේ.චලනය නතර වුනාම බල්බය නිවෙනවා..රාත්‍රී කාලයට හරිම අපුරුයි.මේකට LED මැජික් ටයර් ලයිට් කියලත් කියනවා..තවත් දෙයක් මෙය කාර් වල රෝද වලටත් සවිකරන්න පුළුවන්.කැමති අයට මේවා අපෙන් මිලට ගන්න පුළුවන්.
ඔබට ජය.
 



Powered byEMF Form Builder

5 comments:

  1. ගාන කියක් වෙනවද ?

    ReplyDelete
  2. යෝජනාවක් කරන්නද, මේ බ්ලොග් එකේම වෙනම පිටුවක හරි, වෙනම සයිට් එකක හරි ඔයාල ගාව තියෙන හැම ප්‍රඩක්ට් එකක්ම මිල ගණන් එක්ක දාන්න.. ගොඩක් අයට වැදගත් වෙයි..

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.