Friday, December 25, 2015

සුළං බල විදුලි ජනක නිර්මාණය

   දිවයිනක් වන අප රටට සුළං බලය නොවඩුව ලැබෙන්නකි.දිවයින වටා පිහිටි වෙරළාසන්න කලාපයටත් කදුකර පලාත්වල බොහොමයක් ප්‍රදේශ වලටත් වර්ෂය පුරාම පවතින සුළං ධාරා පවතී.බලශක්ති හිගයකින් පෙලෙන අප වැනි රටක සුළං ශක්තිය මගින් විදුලිය ජනනය කර ගත හැකිනම් එය ඉතා වටිනා ක්‍රියාදාමයකි. නව තාක්ෂණික මෙවලම් අත්හදා බැලීම් කරන පාසල් සිසුන් හා තාක්ෂණික ආයතනවල සිසුන් අපගේ වෙබ් අඩවිය පරිශීලනය කරන බව අප වෙත දන්වා තිබුණි.ඔබට නව තාක්ෂණික මෙවලමක් ලෙසත් ඔබට ඕනා හැටියට වැඩිදියුණු කර භාවිතා කිරීමටත් සුළං බල විදුලි තාක්ෂනය අතින් අපරට තවමත් ළදරු අවස්ථාවේ සිටින බව කිව යුතුය.මහාපරිමාණ සුළං බලාගාර හැරුණු විට අපට ඕනා හැටියට භාවිතා කල හැකි නිවසට ගැලපෙන උචිත තාක්ෂණයෙන් යුතු සුළං විදුලි ජනකයක් අවම මිලකට නිපදවා ගැනීමට තාක්ෂණික දැනුම ලබා දුන් ආයතනයක් අවසනවාකට මෙන් අපට හමුවී නැත.

ඔබ වෙරළ ආසන්න කලාපයක හෝ සුළං ධාරා සහිත ප්‍රදේශයක වාසය කරන්නේ නම් සුළගට කෙතරම් කාර්ය කිරීමේ හැකියාවක් ඇතිද යන්න අත්දැකීමෙන්ම දන්නවා ඇත.විශාල සුළං බලාගාරයක් තැනීමට අධික මුදලක් වැයවේ.එහි නඩත්තු වියදමද ඉතා ඉහලය.නමුත් ඔබට පුද්ගලික පරිහරණයට සුළං බලාගාරයක් ඔබටම සකසා ගත හැකිනම් කෙතරම් අපූරුද?වර්ෂ 2012 දී අප විසින් අත්හදා බලන ලද සුළං විදුලි ජනකයක් සකසා ගන්නා අන්දම අපි ඔබට පියවරෙන් පියවර කියා දෙන්නෙමු..නිවසක පැය දෙක තුනකට හෝ ආලෝකය ලබා ගැනීමට සුළං විදුලි ජනකයකින් හැකිනම් ඔබට මාසිකව ඉතිරි වන ඉතිරිය කෙතරම්ද..ඇරත් තමා අතින් නිෂ්පාදනය කල උපකරණයකින් තාමටම මෙහෙයක් වන විට ඉන් ලැබෙන හැගීම, අනුන්ගේ විදුලිය භාවිතයෙන් අපට ලැබේද?
අප රට තවමත් විකල්ප විදුලි ශක්ති වලට යොමු වන්නේ අඩුවෙනි..ඛනිජ ඉන්දන වලින් අපට බලශක්තිය ලබා ගත හැක්කේ තව ඉතා කෙටි කාලයකි..පරිසරයත් රැකගෙන නව විකල්ප බලශක්ති වලට අපට යොමු වන්නට සිදුවන්නේ එබැවිනි..අපගේ අරමුණ ජනතාව අතරට නොයන තාක්ෂනය ඔබට තේරුම් ගතහැකි තාක්ෂණික භාෂාවෙන් කියා දීමය.ඒ සදහා අපගේ තාක්ෂණික වෙබ් අඩවිය වන techzonelanka තුලින් කොටස් වශයෙන් පලවන පාඩම් මාලා හදාරන්න..ඔබට මුදලට හෝ ලබා ගත නොහැකි අති විශාල දැනුම් සම්භාරයක් එම වෙබ් අඩවිය හරහා උගත හැක...එම වෙබ් අඩවියේ ලියාපදිංචියට පහත පියවර අනුගමනය කරන්න..
Dialog දුරකතනයකින් 

REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.(දිනකට රු.2+බදු )

*ඔබට තාක්ෂණික වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය වෙබ් ලිපිනය දිනපතා SMS මගින් ලැබෙනු ඇත.

1 comment:

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.