පසුගිය කාලේ ලංකාවේ බැලුන් ගැන කතා කළා..ගොඩක් දෙනෙක්..අද අපි අපිටම කියලා ගෙදරම හදලා ගුවන් ගත කරන්න පුළුවන් බැලුනයක් හදන හැටි ඉගෙන ගනිමු.සාමානය පෙළ පන්තිවලදීත් මේ ආකාරයේ බැලුන හදන හැටි ඔයාල ඉගෙන ගෙන ඇති..ඉතින් මේ බලුනයේ අරමුණ ඔයාලට අලුත් ක්‍රමයක බැලුනයක් හදන්න හිතන්න දිරිගැන්වීමක් ලෙසයි මම ඉදිරිපත් කරන්නේ..මම හදපු හැඩයටම ඕනා නෑ..කොහොම හරි උණුසුම් වාතය පිරෙන විට සමබරව ඉහල යන විදිහට තිබුනාම ඇති..මේ සදහා ඔයාල දන්නා වෙසක් කොළ යොදා ගන්න පුළුවන්.ගොඩක් ලොකුවට හැදුවොත්
වැඩි ඉන්දන ප්‍රමාණයක් රැගෙන ඉහල යන්න පුළුවන්..කොහොම නමුත් ජනාකීර්ණ ප්‍රදේශ වලනම් මේ බැලුන යවන එක එතරම් හොඳ නැහැ..එමන්ම ගුවන් තොටුපල කිට්ටුව කිලෝමීටර් දහයක පමණ සීමාවේත් මේවා නොකළ යුතු දෙයක්.
වැඩි ඉන්දන ප්‍රමාණයක් රැගෙන ඉහල යන්න පුළුවන්..කොහොම නමුත් ජනාකීර්ණ ප්‍රදේශ වලනම් මේ බැලුන යවන එක එතරම් හොඳ නැහැ..එමන්ම ගුවන් තොටුපල කිට්ටුව කිලෝමීටර් දහයක පමණ සීමාවේත් මේවා නොකළ යුතු දෙයක්.
බලුනයේ ඉන්දන ලෙස කපුරු පෙති කීපයක් හෝ පොල්තෙල් හා භූමිතෙල් පෙඟවූ පුළුන් බෝලයක් වුනත් කමක් නෑ..බර අඩුවන තරමට වැඩේ සාර්ථකයි..විශාල බැලුන හදන්න ගන්න විශේෂිත රෙදි වර්ග තිබෙනවා..නව නිර්මාණ ශීලීව ඔබටත් මිනිසුන් රැගෙන යාහැකි බැලුනයක් හදන්න පුළුවන් වුනොත් ඔබට අපුරු සංචාරක ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්..අපට ලියන්න ඕනෑම තාක්ෂණ දැනුමක් ඔබට දෙන්න අප සුදානම්..
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.