පසුගියදා ඇමරිකාව විසින් ගුවන්ගතකර ලංකාව ට ඉහල අහසේ ස්ථාපනය කල ගූගල් බැලුනය කාගේත් කතා බහට ලක්ව ඇත.ඇත්තටම ගුගල් බැලුන යනු කුමක්ද..ඇමරිකාවේ ගුගල් ආයතනය මගින් තවමත් අත්හදා බලමින් පවතින නවීන අන්තර්ජාතික අන්තර්ජාල සේවා සපයන ක්‍රමයක් ලෙස මෙය ඔවුන් හුවා දක්වයි.කිසියම් රටකට ඉහලින් ගුවනේ හීලියම්
පුරවන ලද බැලුනක් ආදාරයෙන් එල්ලා ඇති සුර්ය කෝෂ වලින් පන ලබන අති නවීන තාක්ෂණික උපාංග වලින් සමන්විත මෙයට අන්තර්ජාල පහසුකම් ලබාදීම පමණක් කල හැකිය යන වදන හුදු පුස්සක් පමණි.
මෙම බැලුන ක්‍රමය ලොව පුරා රටවල් ප්‍රතික්ෂේප කල එකකි.තම රටට ඉහලින් ආගන්තුක සන්නිවේදන උපකරණ අටවන්නට කැමති වන්නේ කුමන මෝඩයාද??ඇරත් ඇමරිකාව ලොව පුරා ඔත්තුබලන්නෙක් බවට හංවඩු ගැසී ඇති මොහොතක මෙවන් දෙයක් ලංකාවට හදුන්වා දීම ගැන අප අප ගැනම ලජ්ජා විය යුතුය.මෙරට කිසිදු පරිගණක හෝ මෙවැනි තාක්ෂණ ක්‍රම ගැන දන්නා කිසිවකුගෙන් කිසිදු උපදෙසක් ලබා නොගෙන ඇමරිකාව සමග කාටත් හොරා ගිවිසුම් ගසා මොවුන් කර ඇත්තේ මෙරට ජනතාවගේ හිසට ඉහලින් CCTVකැමරා සවිකලා වැනි වැඩකි.
අද ඇමරිකානු පිළිවෙත් ලොව බහුතරක් රටවල් හෙලා දකී.ඇමරිකානු තාක්ෂණ ක්‍රම ලෝපුරා භාවිතා කරන්නේ එයට ඇති ආශාව නිසා නොව වෙන කරන්නට යමක් නැති නිසාය.ලොව සියලුම පරිගණක වෙත තම බලය පතුරුවන්නට ඇමරිකාව මාන බලමින් සිටී.එය ඔවුන් කෙතරම් වේගයෙන් කරමින් සිටිත්ද යන්න පසුගියදා වින්ඩෝස් නොමිලේ ලබා දීම තුලින්ම පැහැදිලිවේ..සියලු දෙනා මතක තබා ගතයුතු කරුණ නම් අපට නොමිලේ ලැබෙන පහසුකම හරහා එයට වඩා මහා කුනුකන්දකට අප යටවන්නට සුදානම් සිටිය යුතුබවය.
මොහොතක් සිතන්න, ඔබ අන්තර්ජාලය භාවිතා කරන අයකු නම් ඔබ gmail ලිපිනයක් භාවිතා කරනවා වන්නට පුළුවන..ඔබ ඔබේ පරිගණකයෙන් ගුගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරන වාරයක් පාසා ඔබේ පුත්ගලික තොරතුරු ගුගල් ආයතනය එක්රැස් කර ගන්නවා කියා ඔබ කිසිවිටෙකත් නොසිතා ඇති.නමුත් තිත්ත ඇත්තය.එය නිවැරදි බවට කදිම නිදසුනක් වන්නේ ඔබ පිවිසෙන වෙබ් අඩවි වල දක්නට ලැබෙන ගුගල් දැන්වීම් තුල ඔබ කැමති දේ බහුලව පෙන්වීමය.මෙය ඔවුන් කරන්නේ ඔබේ සවුම් යන්ත්‍රය හරහා ඔබ සොයන කරුණු අතිශය සංකීර්ණ පරිගණක පත්ධතියක් තුලින් යවා පෙරා ඔබගේ රුචි අරුචි කම් විමසා බලා ඔබට ගැලපෙන දැන්වීම් ඔබ පිවිසෙන වෙබ් අඩවි හරහා ඔබට පෙන්වීමය.ඔවුන් එක්රැස් කරග්න්නේ එම තොරතුරු පමණක් නොවේ.ඔබට නොදැනී ඔබේ පරිගණකයට එන විවිධ මෘදුකාංග ඔස්සේ ඔබේ පින්තුර පවා ලබා ගැනීමට තරම් තාක්ෂනය අද දියුණුය.ඒ කිසිවක් ඔබට දැනෙන්නේ නැත.
ඇමරිකානු පිළිවෙත හොඳින් දන්නා චීනය තම රට තුල ඔත්තු බැලීමට වින්ඩෝස් 8 යොදා ගැනීම නිසා එය භාවිතා කිරීම චීන වැසියනන්ට තහනම් කරන ලදී.එහෙත් අපේ රටේ කිසිදු තාක්ෂණික දැනුමක් නැති ඕනෑම දහජරාවක් තම තම හිස මත දා ගැනීමට මෙරට දේශපාලකයන් ක්‍රියාකරන්නේ රටද බිල්ලට දෙමිනි.නොමිලේ අන්තර්ජාල පසුකම් දෙන බව කීවිට තරුණ පරපුරට මහමෙරක් පහත් උනාසේ දැනෙන බව දන්නා ඔවුන් තම දේශපාලන අරමුණු උදෙසා මෙරට ආරක්ෂාව ජනතාවගේ පුද්ගලිකත්වය සියල්ල බිල්ලට දීමට තරම් නිවට වී ඇත.ගුවන් ගතකල පළමු බැලුනයද කඩා වැටුනේ ජනතාවට කොකා පෙන්වන තාක්ෂනයටද සොබා දහමින්ම දෙන ලද පිළිතුරක් ලෙසිනි.
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.