අපගේ සුර්ය විදුලි ජනක නිර්මාණය පාඩම් මාලාව කියවලා විශාල පිරිසක් තමන්ටම කියලා නිවසට භාවිතයට ගන්න විදුලි ජනක නිර්මාණය කරලා..ගොඩක් සතුටුයි ඒ අයටත් අනික් අයටත් තවත් වැදගත් දෙයක් කරන හැටි අද කියලා දෙන්නම්..ඔබගේ නිවසේ දවල්ටත් අදුරු කාමර ඇති.ඒවාට දවල්ට ආලෝකය ගන්න අමතරව විදුලිය වැය කරන්න ඔබට සිදුවෙනවා.නමුත් ඔබට අඩුවියදමකින් කුඩා සුර්ය පැනලයක්
හා තවත් උපකරණ කීපයක්..භාවිතා කර තනා ගන්න පුළුවන්..පහත උපකරණ ටික සොයාගන්න.
හා තවත් උපකරණ කීපයක්..භාවිතා කර තනා ගන්න පුළුවන්..පහත උපකරණ ටික සොයාගන්න.
1.වොට් දහයක පමණ සුර්ය පැනලයක්..(OUT PUT 18-19V)
2.7812 යොදන ලද DC රෙගියුලේටරයක් නැතිනම් SOLAR කොන්ට්‍රොලර් එකක්.
3.12V බල්බයක්..
4.අවශ්‍ය තරම් දිගට වයර්.
5.අවශ්‍ය නම් 12V රීචාජබල් බැටරියක්
සුර්ය පැනලය නිවසේ වහලයේ හොදින් ආලෝකය ලැබෙන තැනක සවිකරන්න..එම පැනලයේ සිට වයර් දෙක ඔබ බල්බ සවිකරන අදුරු කාමරය වෙත රැගෙන එන්න.දැන් කොන්ට්‍රෝලර් එක ට හෝ DC රෙගියුලේටරය වෙත වයර් සවිකරන්න.DC රෙගියුලේටරයේ අවුට්පුට් එකෙන් හෝ කොන්ට්‍රෝලර් එකේ අවුට්පුට් එකෙන් ලැබෙන 12V ධාරාව කෙලින්ම 12V බල්බයට ලබා දෙන්න..බල්බය දැල්වේවි..මතක තියාගන්න පැනලය කෙලින්ම 12 V බල්බයට සවිකරන්න එපා බල්බය දැවී යාවි..කොන්ට්‍රෝලර් එකක් මගින් කරනවා නම් කුඩා බැටරියක් ආරෝපණය වීමට තබන්න..එවිට ආලෝකය අඩු වන විටද බල්බයේ ආලෝකය නියතව තබා ගනීවි.මේ තියෙන්නේ මම එය අත්හදා බැලු අන්දම..
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.