ඔබගේ ලැප්ටොප් පරිගණකය අලුතින්ම මිලදී ගත්තත් එය වසර තුනක් පමණ නිවැරදිව භාවිතා කලත් බැටරියනම් වසර තුනකින් පමණ ආයු කාලය අවසන් කරනවා..එවිට ඔබට සිදුවන්නේ ඔබ පරිගණකය හා ගැලපෙන නව ලැප්ටොප් බැටරියක් මිලට ගැනීමටයි..අලුතින්ම එකක් මිලට ගන්න ගියාම ඔබට විශාල මුදලක් වියදම් කරන්න වෙනවා..ඔබේ පරණ බැටරියම තව ටික කාලයකට හරි ගොඩ දාගන්න
බැරිද..ඔබට එහෙම සිතුනේ නැද්ද..ඔන්න මම අද ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..
ඔබටම පුළුවන් ඔබේ පරණ ලැප්ටොප් බැටරිය අලුත්වැඩියා කර ගන්න..ලැප්ටොප් බැටරි වල භාවිතා වන්නේ ලිතියම්-අයන් වර්ගයට අයත් නැවත ආරෝපණය කල හැකි බැටරි පත්ධතියක්..බැටරි පත්ධතියක් කීවේ බැටරිය තනි දිගු එකක් ලෙස ආවරණයේ හැඩය අනුව පෙනුනද එහි ඇතුලත ඇත්තේ කුඩා බැටරි කිහිපයකින් යුතු පත්ධතියක්..විවිධ ලැප්ටොප් වර්ග අනුව එහි පිහිටන CELL ගණන වෙනස් වෙන්න පුළුවන්..කුමන ලැප්ටොප් බැටරියක් වුනත් සැකැස්ම බොහෝදුරට එක සමානයි..මම ඔබට මේ ගැන කියාදීම සදහා සිංගර් ලැප්ටොප් සදහා භාවිතා කරන MODEL:C4500BAT-6/11.1V-4400mAh බැටරිය යොදාගන්නවා..
ලැප්ටොප් බැටරි ගැන මුලින්ම යමක් කියන්න ඕනා..ඕනෑම ලැප්ටොප් බැටරියක් එය නැවත නැවත ආරෝපණය කල හැකි වාර ගණනක් තිබෙනවා..එය ඉක්ම යත්ම එය නැවත ආරෝපණය කල නොහැකි තත්වයට පත්වෙනවා..එනිසා ලැප්ටොප් එකක් හැකි සෑම විටම එහි චාජර් එක මගින් විදුලිය සපයා භාවිතා කිරීමෙන් එහි ආරෝපණ වාර ගණන නිකරුනේ අවසන් වීමෙන් වලක්වා ගත හැක.කොහොමත් අවුරුදු තුනක් විතර යන විට බැටරිය අලුතින් දාන්න වෙනවා..
- මෙම පාඩම් මාලාව අපගේ නවතම වෙබ් අඩවිය තුලින් ඔබට හදාරන්න පුළුවන්.පහත දැක්වෙන ආකාරයට ඔබගේ ඩයලොග් දුරකතනයෙන් ලියාපදිංචි වී වෙබ් ලිපිනය දුරකථනයට ගෙන්වා ගන්න.
Dialog දුරකතනයකින්
REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177
ට SMS කරන්න.(දිනකට රු.2+බදු )
*ඔබට තාක්ෂණික වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය වෙබ් ලිපිනය දිනපතා SMS මගින්
ලැබෙනු ඇත.
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.