මම අද ඔබට කියා දෙන්නේ තවත් ඔබට වැදගත් වන LED බල්බයක් අලුත්වැඩියා කරන හැටි.ඔබ දැක ඇති අලංකාර ආලෝක ලප විහිදුවමින් කරකැවෙන LED බල්බ.මෙය රාත්‍රියට ගෙබිම මත අතිශය අලංකාර චිත්‍රයක් මැවීමට සමත්..මෙවැනි බල්බයක් වැඩ කරන්නේ කොහොමද..හරිම සරලයි..මෙහි කුඩා DC මෝටරයක් තිබෙනවා..එය මගින් පිටත කැටයම් සහිත විනිවිද පෙනෙන ප්ලස්ටික් ආවරණය
කරකවනවා..බල්බයේ ඇතුලත රතු,නිල්,කොළ,වර්ණ වලින් යුතු LED බල්බ තුනක් තිබෙනවා..මේවා 1W SMD LED බල්බ.එය ඇලුමිනියම් බේස්ප්ලේට් එකක් මත සවිකර ඇත.එම බල්බ වලට විදුලිය සැපයීමට කුඩා SMP බලසැපයුමක් දැකිය හැක.එය ඇලුමිනියම් LED බල්බ වල 3 W සදහා යොදන එකක්.මෝටරය සදහාද බලය ලබා දෙන්නේ එමගින්.මෙහි ඇති එක LED බල්බයකට සමාන්තරව මෝටරය සවිකර ඇති අන්දම ඔබට පෙනේවි.බල්බ මල්ටිමීටරය මගින් පරීක්ෂා කර අලුතින් යොදන්න..ඒ විතරක් නෙමෙයි හෝල්ඩරයෙන් ගලවා විසිතුරු බල්බය අතට ගෙන එහි විනිවිද පෙනෙන ප්ලාස්ටික් කොටස දෙපසට කරකවා බලන්න..එය එක පැත්තකට පමණක් කරකවන විට එක LED බල්බයක් දැල්වෙන බව ඔබට පෙනේවි.
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.