Sunday, April 16, 2017

හිසට කරන්ට් එක වැදීමෙන් බේරෙන හැටි..

භූමිය ඉහළින් විදුලි රැහැන් දිවෙන ස්‌ථානයක ගොඩනැඟිල්ලක්‌ ඉදි කිරීමේ දී ගොඩනැඟිල්ල හා විදුලි රැහැන් අතර පැවතිය යුතු අවම දුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම නව නීති මාලාවක්‌ හඳුන්වා දෙයි. පදිංචිකරුවන් ගේ හා දේපළවල ආරක්‌ෂාව සැලකිල්ලට ගෙන මේ පියවර ගෙන ඇති බව එම කොමිසම නිකුත් කර ඇති නිවේදනයක දැක්‌වේ.මේ දුර සීමාවන් ගොඩනැඟිල්ලේ සිට සිරස්‌ අතට මෙන් ම තිරස්‌ අතට ද බලපැවැත්වෙයි. මහජන උපයාගිතා කොමිසමේ විදුලි රෙගුලාසි (ආරක්‌ෂාව, ප්‍රමිතිය සහ අඛණ්‌ඩතාවට අදාළ) අංක 30, 36 හා
37 වගනිත් යටතේ විස්‌තර කෙරෙන නව නීති මාලාවට අනුව අලුතෙන් ගොඩනැඟිල්ලක්‌ ඉදි කිරීමේ දී අදාළ විදුලි රැහැන් අයත් ලංකා විදුලි බල මණ්‌ඩලයෙන් හෝ ලංකා විදුලි සමාගමෙන් හෝ ආරක්‌ෂාව සහතික කෙරෙන ලියවිල්ලක්‌ ගොඩනැඟිල්ල ඉදි කරන්නා ලබාගත යුතු ය.

නියම කර ඇති දුර සීමාව උල්ලංඝනය වන්නේ නම් අදාළ ආරක්‌ෂක සහතිකය නිකුත් කරනු නො ලැබේ. 

දැනටමත් පළාත්පාලන සහ පළාත් සභා අමාත්‍යංශය සහ පළාත් සභා මඟින් මෙකී නීති ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. සංවර්ධන කටයුතු හා සම්බන්ධ ඉදිකිරීම් සඳහා මෙකී සහතිකයේ අවශ්‍යතාව තදින් ම බලපැවැත්වේ.

ඒ අනුව අනාගතයේ දී නිකුත් කෙරෙන සංවර්ධන ඉදිකිරීම් බලපත්‍රයෙහි මෙය අනිවාර්ය අංගයක්‌ විය යුතු බවට පළාත් සභා දැනුවත් කර ඇත.

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.