මම අද ඔබට අරගෙන එන්නේ ලංකාවෙන් බිහිවන නව සුපිරි තාක්ෂණික ශිල්පියෙකු ගැන ලිපියක්..මුලින්ම අපේ රටේ තාක්ෂණික විෂයට තියෙන තැන ගැන ටිකක් කියන්න ඕනා..ඇත්තටම කියන්න කණගාටුයි
මෙරට තාක්ෂණික විෂයන් ජනප්‍රිය කරලීමට ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් ඉතා ඇල්මැරුණු ක්‍රමයක් තමයි අනුගමනය කරන්නේ..මම අටවන ශ්‍රේණියේ සිට විදුසර පුවත් පතට ලිපි ලියු ආධයුනික ලිපි රචකයෙක් විදිහට මා ඒ ගැන ලබපු අත්දැකීම් බොහොමයි.
ප්‍රථමික පාසල් විෂය ධාරාව තුල තාක්ෂණික විෂය සඳහා දරුවන් යොමු කරලීම ඉතා අල්පයි..කුඩා කල ඉඳම්ම දරුවන්නට ගුරුවරුන් කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න නැතිනම් ඉන්ජිනේරු වෙක් වන්න කියලයි.
දරුවන්ගෙන් අනාත බලාපොරොත්තුව මොකක්ද කියල ඇහුවාම සමහර ළමයි දෙන පිළිතුර අනුව අපරට සංවර්ධන ඉලක්ක කරා කවදා යාවිදැයි සැකහිතෙනවා..කිසිම ළමයෙක් තමන් අනාගතයේදී විද්යාඥයෙක් වෙනවා කියලා කවදාවත් කියන්නේ නෑ..ඒ කියන්නේ අපේ රටේ නව නිපැයුම් කරුවන් බිහිවීමට ඇති අවස්ථා ඉතා විරල බවයි.
එවන් පසුබිමක තම අද්‍යාපනයට ඇති කාලය පවා වෙන් කරගෙන අනාගත පෙරළියක තාක්ෂණික දැනුම අන්තර්ජාලය හරහා සිංහල භාෂාවෙන් කියා දෙන්නට නිසල් මල්ලි අපමණ වෙහෙසක් ගන්නවා සමහර විට ඔබ දැක ඇති.ඔබ දන්නවා අනාගත තාක්ෂණ පෙරලිය හමුවේ ඔබ අලුත් යමක් තනන්නට නොහැකි වුනොත් ඔබත් රටත් දෙකම අදුරට ඇදී යන බව.
අනාගතයට ඔබින අලුත් මෙවලම් නිර්මාණය කිරීමට අද නැතුවම බැරි දෙයක් වී පවතින්නේ ස්වයංක්‍රීය යන්ත්‍ර නිර්මාණය.ඒ සඳහා අවශ්‍ය coding දැනුම ඔවුන්ට නැහැ..නිසල් මල්ලි එම දැනුම නැති අයකුට වුවත් අලුත් නිර්මාණයක් බිහි කිරීමට අවශ්‍ය පාර කපා තිබෙනවා..
You tube චැනල් එකක් තුලින් ඔහුකරන සේවය අප අඩවිය මගින් නිහතමානීව මෙසේ අගය කරමු.
Nisal Hewagamage කියලා You tube එකේ සොයන්න. චැනල් එකේ ලියාපදිංචි වන්න.අලුත්ම නිර්මානාත්මක වීඩියෝ ඔබේ email ලිපිනයට ලැබේවි..
හෙටදින Admin
+++++++++++++
ReplyDeleteExcellent channel totally agreed
ReplyDelete