අප දන්නා තරමක් කල් වාහනවල පැති කණ්ණාඩි සකසා තිබුණේ වීදුරුවලින්. ආසන්නයේ වාහනයක් ඇත්නම් සංඥාවකින් දැක්වීම වැනි අංග ලක්ෂණ මෑතකාලීන පැති කණ්ණාඩිවලට එක් වුණත් ඒවා වාහනයේ දෙපස පෙන්වා දුන්නේ දර්පණ ප්රතිබිම්බයන් ලෙස මිස අන් යමකින් නෙවෙයි.
අද බොහෝ දෙනා අතර ඇති ජංගම දුරකථනවල ඇති කැමරා දෙස බලන විට පැති කණ්ණාඩි වෙනුවට කැමරා සවි කිරීම එක්තරා අන්දමකින් මීට බොහෝ කලකට පෙර පැමිණිය යුතු ව තිබූ දෙයක්. කෙසේ නමුත් මේ නුදුරු අනාගතයේ ම සාමාන්‍ය භාවිතයට ද එනු ඇති බවට අපට විශ්වාස කළ හැකියි.
පැති කණ්ණාඩි වෙනුවට සවි කර ඇති මේ කැමරා පද්ධතියේ විශේෂ වාසි ගණනාවක් තිබෙනවා. මේ දර්ශන පෙන්වන අඟල් 5 කුඩා තිර මඟින් වෙනත් බාධාවකින් තොර ව වඩා පැහැදිලි දසුනක් ලබාගත හැකියි. එමෙන් ම වාහනය හරවන විට හෝ පසුපසට ධාවනය කරන විට හෝ මේ කැමරා වඩා පුළුල් දර්ශනයක් ලබා දෙන සේ ඉබේ ම සැකසෙනවා. මීට අමතර ව රියෑදුරාට තමන්ට කැමැති පරිදි එම දර්ශනය සීරු මාරු කරගත හැකියි. මේ කැමරා වැසි හෝ හිම හෝ සහිත තත්ත්ව යටතේ වඩා හොඳින් දර්ශන ලබා දීමට හැකි සේ සකසා තිබෙනවා. එමෙන් ම රාත්‍රී කාලයේ පවා වීදුරු කණ්ණාඩි මඟින් ලබා දිය නොහැකි මට්ටමේ වඩා පැහැදිලි විශ්වසනීය දර්ශන මේ මඟින් ලබාගත හැකියි. එමෙන් ම මේ කැමරා ප්‍රමාණයෙන් කුඩා නිසා පැති කණ්ණාඩි මඟින් දර්ශනය අවහිර වන ප්‍රමාණය ද අවම වනවා.
මේ නව උපාංගය මේ වසරේ අග භාගයේ නව Lexus මොඩල සමඟ වෙළෙඳපොළට පැමිණීමට නියමිතයි. මේ සමඟ රිය පැදවීමේ අත්දැකීම වඩා පහසු හා ආරක්ෂිත එකක් වනු ඇතැයි එහි නිෂ්පාදකයන් විශ්වාසය පළ කරනවා. එමෙන් ම මෙතෙක් Lexus භාවිත නො කළ පාරිභෝගිකයන් පවා මේ නව උපාංගය සමඟ තම මෝටර් රථ මිල දී ගැනීමට පෙලඹෙනු ඇති බවයි ඔවුන් බලාපොරොත්තු වන්නේ.
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.