ලිෆ්ට්, එසේත් නැතිනම් එලවේටර් යන ඉංග්‍රීසි නමින් ම භාවිතයේ දී බොහෝ විට හැඳින්වෙන විදුලි සෝපාන හෙවත් උත්තෝලකය නාගරික පරිසරයක ජීවත් වන බොහෝ දෙනකු එදිනෙදා පරිහරණය කරන උපාංගයක්. එය අපේ ජීවිත කෙතරම් පහසු කරනවා ද යන්න බොහෝ විට අපට අමතක ව තිබිය හැකියි. එහෙත් ඕනෑ ම අයකුට තට්‌ටු කිහිපයක ගොඩනැඟිල්ලක උඩු මහල් දක්‌වා පඩිපෙළ නැඟීමට සිදු වුව හොත් එහි වටිනාකම මතක් වනවාට සැකයක් නැහැ. අද ලොව පුරා දියුණු නගරවල දක්‌නට ඇති අහස සූරන ගොඩනැඟිලි කිසිවක් මේ උපාංගය නො වන්නට නො පවතිනු ඇතැයි ද කිව හැකියි. ඒ එබඳු උසක් දිනපතා පඩි පෙළකින් නඟින්නට කිසිවකු සූදානම් වනු ඇතැයි අපේක්‌ෂා කළ නොහැකි නිසයි. විදුලි සෝපාන නො තිබෙන්නට අපට උස් ගොඩනැඟිලි සියල්ල වාහන ගමන් කළ හැකි මාවත් ද සහිත ව ඉදි කරන්නට සිදු වනු ඇති.
ඉතා දිගු අතීතයකට හිමිකම් කියන විදුලි සෝපාන මේ වන විට ඉතා දියුණු තත්ත්වයකට පැමිණ තිබෙනවා. පැයට සැතපුම් 30ක පමණ වේගයෙන් පවා ගමන් කළ හැකි විදුලි සෝපාන දැන් දැකිය හැකියි. ඇත්ත වශයෙන් ම විදුලි සෝපාන ඉතා අනතුරුදායක උසවලට පවා අපව ගෙන යන නමුත් අප ඒවා බහුල ව භාවිත කිරීමට ඇති ප්‍රධාන හේතුවක් තිබෙනවා. ඒ ඒවායේ ආරක්‌ෂිත බව පිළිබඳ ව අප තුළ ඇති දැඩි විශ්වාසයයි. යම් කිසි හේතුවක් මත විදුලි සෝපානයක් කඩා වැටී අනතුරක් වීමට ඇති අවස්‌ථාව ගමන් වාර මිලියන දොළහකට එක් වතාවක් පමණක් බවයි පැවසෙන්නේ.
මිනිසුන් ව උස අන්තරයන් අතර ප්‍රවාහනය කිරීමේ මාධ්‍යයක් බවට විදුලි සෝපාන කරළියට පැමිණෙන්නේ ම මෙලෙස ආරක්‌ෂිත ව එය කළ හැකි බවට තහවුරු කිරීමත් සමඟයි. අතීතයේ බොහෝ කාලයක් තිස්‌සේ විදුලි සෝපාන භාණ්‌ඩ ඉහළ පහළ ගෙන යැම සඳහා යොදාගැනුණත් එය මගී ප්‍රවාහනයට බහුල ව භාවිත වන විකල්පයක් බවට පත් වන්නේ Elijah Otis නම් ඇමෙරිකානු නව නිර්මාණකරුවා එය ආරක්‌ෂිත ව භාවිත කළ හැකි බවට පෙන්වා දීමත් සමඟයි. දුම්රිය සඳහා ආරක්‌ෂිත තිරිංග පද්ධතියක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටි Otis පසුව තම ක්‍රමවේදය විදුලි සෝපාන සඳහා වඩා සාර්ථක ව භාවිත කළ හැකි බව තේරුම්ගෙන විදුලි සෝපාන නිපදවන සමාගමක් අරඹනවා. එහෙත් කිසිවකුගේ අවධානයට ලක් නො වුණු ඔහුගේ නිෂ්පාදනවලට අසාමාන්‍ය ඉල්ලුමක් ඇති වන්නේ 1854 දී නිව්යෝර්ක්‌හි පැවැත්වුණු ප්‍රදර්ශනයක දී එහි ආරක්‌ෂාව පිළිබඳ සාක්‌ෂි සහිත ව පෙන්වා දීමට ඔහු සමත් වීමත් සමඟයි. එහි දී රැස් ව සිටින බොහෝ දෙනෙකු ඉදිරිපිට තමාගේ විදුලි සෝපානයක නැඟී ඉහළ යන Otis තම සහායකයකුට එය රඳවා ඇති කඹය කපන ලෙස අණ දෙනවා. සහායකයා එලෙස කඹය කපා දමන අතර ඒ සමඟ කඩා වැටෙන විදුලි සෝපානය අඟල් කිහිපයක් ඇතුළත දී නතර වන්නේ කිසිදු හානියක් ඔහුට ඇති නො කරමිනුයි. මෙය ඔහු නැවත නැවත සිදු කර පෙන්වන අතර විදුලි සෝපාන ජනප්‍රිය උපාංගයක් බවට පත් ව එහි නූතන යුගය ඇරඹෙන්නේ මේ නිර්මාණයත් සමඟයි. අදටත් ඔහුගේ සමාගම Otis නමින් විදුලි සෝපාන ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටිනු දක්‌නට පුළුවන්.
විදුලි සෝපානයක් වැඩ කරන හැටි
අද පවතින දියුණු විදුලි සෝපානවල හදිසි අනතුරක දී එහි ගමන් කරන මගීන්ට ඇති විය හැකි හානිය වළක්‌වාගැනීමට විවිධ උපක්‍රම ගණනාවක් යොදා ඇති බව දැකිය හැකියි. එහෙත් ඒ පිළිබඳ ව කතා කිරීමට ප්‍රථම විදුලි සෝපානයක් ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න වටහාගත යුතුයි.
අද විවිධ මාදිලියේ විදුලි සෝපාන ඇති අතර ඒවායෙන් බහුල වශයෙන් ම භාවිත වන්නේ රැහැන් යොදාගනිමින් ක්‍රියාත්මක වන විදුලි සෝපාන මාදිලියයි. මෙහි දී ගොඩනැඟිල්ලේ ඉහළ මෝටරයක් සවි කළ විශාල කප්පියක් ඇති අතර ඒ කප්පිය මතින් ඇද ඇති ශක්‌තිමත් වානේ රැහැන් පද්ධතියක් තිබෙනවා. එය එක් පසෙකින් මගීන් ගෙන යන කූඩුවට සවි කර ඇති අතර අනෙක් පසෙන් භාරයකට සම්බන්ධ කොට තිබෙනවා. මේ භාරය මගී කූඩුවෙහි මගීන් සහිත සාමාන්‍ය බරට සමාන වන අතර එමඟින් මගී කූඩුවෙහි බර තුලනය වනවා. එමෙන් ම මේ භාරය සහ මගී කූඩුව සවි කර ඇත්තේ පීලි දිගේ ඉහළ පහළ යන පරිදියි. එවිට විදුලි සෝපානයේ මගී කූඩුව ඉහළ පහළ ගෙන යැමට කළ යුත්තේ කුඩා බලයක් යොදවා මෝටරය අවශ්‍ය දිශාවට කරකැවීමයි.
රැහැනක් බිඳී ගිය හොත්...
මෙලෙස සකසා ඇති විදුලි සෝපාන පද්ධතියක සිදු විය හැකි බලාපොරොත්තු නො වන හදිසි බිඳ වැටීමක දී එහි ගමන් කරන මගීන්ට හානියක් නො වී වළක්‌වාගැනීමට ක්‍රම ගණනාවක් අනුගමනය කර තිබෙනවා. ඉන් එකක් වන්නේ එහි සවි කර ඇති රැහැන් පද්ධතියයි. සැම විදුලි සෝපානයක් ම සමාන්තර වානේ රැහැන් කිහිපයකින් සවි කර ඇති නමුත් ඒ සියල්ල සෝපානයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය නැහැ. ඇත්ත වශයෙන් ම ඒ අතරින් එක් රැහැනකට සම්පූර්ණයෙන් පිරී ගිය මගී කූඩුවක බරට වඩා වැඩි බරක් තනි ව දරාගත හැකියි! එම නිසා යම් හෙයකින් මේ වානේ රැහැනක් හෝ කිහිපයක් හෝ කැඩී ගිය ද එක් රැහැනක් හෝ පවතින තාක් කල් කිසිදු ගැටලුවක් නොමැති ව එයට ක්‍රියාත්මක විය හැකියි.
විදුලිය විසන්ධි වුව හොත්...
නමින් කියවෙන පරිදි ම විදුලි සෝපාන ක්‍රියාත්මක වන්නේ විදුලියෙනුයි. බොහෝ ගොඩනැඟිලිවල විදුලි සැපයුමේ විසන්ධි වීමක් සිදු වුව හොත් ඒ සමඟ ස්‌වයංක්‍රීය ව විදුලි උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක වී සෝපානයට විදුලිය සපයන ලෙස සකසා තිබෙනවා. එහෙත් යම් කිසි හේතුවක් නිසා විදුලිය සැපයුම සම්පූර්ණයෙන් ම ඇණහිටිය හැකියි. එවැනි විදුලි බිඳ වැටීමක දී මෝටරය අක්‍රිය වී යැම නිසා එය නිදහසේ කඩා වැටෙනු ඇතැයි කෙනකු බියක් ඇති කරගැනීමට ඉඩ තිබෙනවා. එහෙත් ඇත්ත වශයෙන් ම එබඳු දෙයක් සිදු වීමට ඉඩක් නැහැ. මීට හේතුව විදුලි සෝපානයේ ඇති තිරිංග අක්‍රීය ව පවත්වාගන්නේ විදුලි බලය සැපයීමෙන් වීමයි. විදුලි බලය විසන්ධි වූ සැණින් එම තිරිංග ස්‌වයංක්‍රීය ව සක්‍රිය වනවා. ඒ නිසා සිදු වන්නේ විදුලි සෝපානය එතැන ම නතර වීමයි. ගින්නක් ඇති විට විදුලි සෝපාන භාවිතයෙන් වළකින්නට උපදෙස් ලැබෙන්නේත් මේ නිසයි. ගින්නෙන් විදුලි වයරවලට හානි පැමිණ විදුලිය විසන්ධි වුව හොත් සෝපානය නතර වී යන බැවින් මගීන් එහි සිර විය හැකියි.
සෝපානය කඩා වැටෙන විට...
යම් හෙයකින් විදුලි සෝපානයේ රැහැන් සියල්ල බිඳ වැටී සෝපානය නිදහසේ පහළට වැටෙන්නේ යෑයි සලකමු. මෙවැනි සිදුවීමක දී පවා විදුලි සෝපානයේ චලනය පාලනය කරගැනීම සඳහා සැම විදුලි සෝපානයක් ම නිෂ්පාදනය කෙරෙන්නේ නිදහසේ වැටීම වැළැක්‌වීමේ තවත් පාලකයක් සමඟයි. මේ උපාංගය හැඳින්වෙන්නේ speed governor යන නමින්. මගී කූඩුවට වෙන ම රැහැනක් මඟින් සවි කර ඇති රෝදයක් වන මෙය විදුලි සෝපානයේ ඉහළ පහළ යැමට අනුරූප ව කරකැවෙනවා. විදුලි සෝපානයේ සියලු ම
රැහැන් බිඳ වැටී මගී කූඩුව වේගයෙන් පහළ වැටෙන අවස්‌ථාවක් සලකමු. එවිට ඒ වේගයට අනුරූප ව මේ රෝදය වේගයෙන් කරකැවෙන අතර එය සාමාන්‍ය වේගයෙන් සියයට විස්‌සක් (20%) ඉක්‌මවා ගිය විට කේන්ද්‍රdපසාරී බලය යටතේ එහි ඇති අගුලක් ක්‍රියාත්මක වී එහි කරකැවීම නතර වනවා. එය විදුලි සෝපානයේ මගී කූඩුව හා පීලි සම්බන්ධ කර ඇති ස්‌ථානවල ඇති තිරිංග පද්ධතියක් සක්‍රිය කරනවා. මේ තිරිංග ක්‍රියාත්මක වන්නේ විශේෂයෙන් සැකසූ කූඤ්ඤයක් පීලි හා මගී කූඩුව සම්බන්ධ වන ස්‌ථානයට යෙදීමෙන් වන අතර එම නිසා ක්‍රමානුකූල ව වැඩි බලයක් යෙදෙන පරදි තිරිංග ක්‍රියාත්මක වනවා. එම නිසා හදිසි නැවැත්වීමක දී සිදු වන ගැස්‌සීමට මුහුණ දීමට මගීන්ට සිදු වන්නේ නැහැ.
අවසන් බලාපොරොත්තුව
විදුලි සෝපානයක මගී ජීවිත ආරක්‌ෂා කරගැනීම සඳහා පවතින මේ සියලු ම ආරක්‌ෂක විධි විධාන යම් හෙයකින් අසාර්ථක වූවා යෑයි සලකමු. එසේ වී විදුලි සෝපානය පහළට කඩා වැටීම සිදු වන්නේ යෑයි සැලකුව හොත් එයින් ද මගීන් බේරාගැනීමට අවසන් ආරක්‌ෂක පද්ධතියක් තිබෙනවා. ඒ විදුලි සෝපානයේ පහළ කෙළවර පොළොවෙහි සවි කර ඇති කම්පන වාරක පද්ධතියයි. ඒ හරහා සිදු වන්නේ කඩා වැටෙන මගී කූඩුව එක් වර ම දැඩි පොළොව මත ගැටීම වළක්‌වා එහි බලය සැලකිය යුතු තරමක් අවශෝෂණය කරගනු ලැබීමයි. මේ හරහා සුව පහසු නැවැත්වීමක් සිදු නො වුණත් ජීවිතවලට හානියකින් තොර ව රැකගැනීමට අවස්‌ථාවක් නිර්මාණය වනවා.
මෙවැනි දියුණු ආරක්‌ෂක ක්‍රම විධි ගණනාවක් භාවිත වන බැවින් විදුලි සෝපානවල ගමන් කිරීම ගැන බියක් තබාගත යුතු නැහැ. එනමුත් අනෙකුත් ඕනෑ ම උපාංගයක් මෙන් ම විදුලි සෝපාන ද කලින් කලට පරීක්‌ෂාවට හා නඩත්තුවට ලක් විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. වඩාත් ම නිවැරැදි ව කිව හොත් විදුලි සෝපාන සම්බන්ධයෙන් අනෙක් උපාංග බොහොමයකට, වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙවැනි නඩත්තු කලින් කලට නො කෙරුණ හොත් කෙතරම් ආරක්‌ෂක විධි විධාන තිබුණත් ඒවා ක්‍රියාත්මක නො වී යැමට ඉඩ තිබෙනවා. එනිසා විදුලි සෝපාන සියයට සියයක් ම ආරක්‌ෂිත යෑයි කිව හැක්‌කේ ඊට කෙරෙන 'සාත්තුවේ' තරම ද සැලකිල්ලට ගැනීමෙන් පසුවයි.

හදිස්සියේ උස ගොඩනැගිල්ලක විදුලි සෝපනේ ඉද්දි හදිසි ගින්නක් ඇවිත් නතර උනොත් මොකද කරන්නේ? මේ වගේ වෙලාවට විදුලි සෝපානය ඇතුලේ ඉන්න අපිටම ඒක පහලට ගන්න පුළුවන් ක්‍රමයක් නෑ නේද? ගොඩක් වැදගත් ලිපියක්. ස්තුතියි.
ReplyDeletewww.nodutu-lowa.blogspot.com
w1BTxV my sidadiya code
ReplyDelete